Skip to main content

Posts

Showing posts from 2011
රැ අහසේ තරු කැට අතුරලා  අහසෙම... සේපාලිකා  ගහයට මල් වැටිලා ලස්සන... අහසේ ඇති තරු එළිය බිම රැඳි මල් සුවඳ.... දැක්කාද දැනුනාද ඔබත් යම් දිනයක..
තැන් තැන් වල මිදුණු සීතල ඇට මිදුලු වල හිරවෙලා... දෑඟිලි සීතලට  ගල්වෙලා තෙරපෙනවා... හිත ඇතුලෙන් මහ දුකක්  තෙරපගෙන දිව එනවා.. පහුගිය  ශිත සමය ඔබ මා එක්ව ... අද  ඔබ නැත මා පමණි මේ දුරු රට...තනිවම.
දවසක්දා හදිසියෙම මටත් හොරා ඔබ මා සමුගත්දා.. මගේ සිතම රිදුම් වෙලා නෙතු කැන් වල කඳුලු ගලා වැටුනා.. දින සති මාසවෙලා දවස් ගෙවී මගෙ සිත දුක තුනී වුනා දැනුනා... අහම්බයෙන් දවසක්දා මගේ නෙතට තවත් නෙතක් ගැටුනා... ඒ නෙතු මත මගේ හසරැල් පිපි දිලී වැටුනා සදාකල්ම රැඳුනා.
සඳ අඳුරට වැද වළාපොට මුදා හැර.. . . . බිඟු ඒ දැක රොනට ඇදෙන . . . මල බිඟු දැක කුල්මත්ව.

ඔබට

නිවාඩුව

අපේ ගෙදර ඉස්කෝලෙ නිවාඩු දුන්නම සතුටින් පිරෙනවා.ගෙදර හදල තියෙන කෑම බීම අම්ම හංගලා තියනවා.අපි බස් එකක් එනකං ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා.ඇයි දන්නවද...?නිවාඩු කාලෙට  අයියා ගෙදර එනකන්. අයියා 5 වසරේ ශිෂ්‍යත්ව විභාගෙ පාස්වෙලා කොළඹ ගියා.එයා නැවතිලා හිටියෙ නැන්දා කෙනෙක්ගෙ ගෙදර. ඉතිං අපිට අයියා දකින්න වෙන්නෙ ඉස්කෝලෙ නිවාඩු කාලෙට විතරයි. ඔන්න ඉතිං අයියත් ගෙදරට ආවම ,අම්ම හංගල තියෙන කෑම ජාති ඔක්කොම එලියට අරන් අයියට දෙනවා කන්න.අපේ අයියා වැඩි පුරම ආස දොදොල් කන්න.අනෙක් කෑම ජාති ඒ තරම් කන්නෙ නෑ.ඉතිං ඒන කන්න නංගියි මමයි අයිය ලගට වෙලා ඉන්නවා. අයියා කිළුටු රෙදි ලෝඩ් එකක් ගේනවා.මන් ළිඳට ගිහිල්ලා ඒවා ඔක්කොම හෝදනවා.හොදලා ගෙනල්ල වනනවා.අයියා මට ඒවට සල්ලි දෙනවා. ටික දවසක් ගෙදර හිටියට පස්සෙ අපි යනවා තාත්තගෙ මහ ගෙදර.තාත්තගෙ මහ ගෙදර තිබුණෙ රක්වානෙ.මහ පන්නිල කියන ගමේ.හරියටම කියනවානම් සිංහරාජ කැලේ. ඔය ගමට යන්න බස් තිබුණෙ නැහැ.ඉස්ටෝරු කඩේ ගාවින් බැහැලා පයින්ම තමයි යන්න ඕනි.ඉතිං අපි පොඩි නිසා අපිට පයින් යන්න අමාරුයි.රූස්ස වනාන්තරය මැදින් ,කණාමැදිරි කැ ගහක සද්දෙ අස්සෙන් අපි යනවා කන්ද මුදුනටම. ඒ යන මග තියෙන ලොකු ඇළ
මගේ ඇස් දෙක පියාගත්තම මම නොදැනුවත්වම අතීතයට යනවා.මම ආසාවෙන් ගෙවපු මගේ පුංචි කාලේ නිතරම මට මතක් වෙනවා.සමහර වෙලාවට මටත් නොදැනිම මගේ ඇස්වලට කඳුලු උනනවා.ඒ සුන්දර ළමා වියේ මගේ වීරයො අතරෙ ඉදිරියෙන්ම ඉන්නෙ අපේ ආතා.ඒ කියන්නෙ අම්මගෙ තාත්තා. කොට කලිසමක් ඇදල,බුලත් විටක් හප හපා ඉස්සර තියෙන හාංසි පුටුවෙ වාඩිවෙලා ඉන්නවා.ආතා ගොඩක් විනෝදෙට කැමතියි.පුට් බැලෝ පියානොවක් තිබුණා.ආතාට හරිම ලස්සනට ඒක වාදනය කරන්න පුළුවන්.කවුරුහරි ගෙදරට ආවම ඒක ගහල ලස්සනට සිංදු කියනවා. මන් පොඩි කාලේ අපේ අම්ම හිටියේ ට්‍රේනිං කොලිජියෙ.මම හැදුනෙ පුංචි අම්මල ආතම්මල එක්ක.ඉස්සර පුංචි අම්මල රෙදි හෝදලා නා ගන්න යන්නෙ පල්ලෙහා ළිඳට.ඒ ළිඳ ගොඩක් ගැඹුරුයි.අදටත් අපිව පොව්වන්නෙ නැහැ.වතුර පිරිලා කටටම.ඒකෙන් පිටවෙන වැඩි වතුර ටික පොඩි ටැංකියකට යනවා.ඒකෙන් තමමයි අපි නැවේ.ළිඳ ලඟ ලොකු ගලක් තියෙනවා.ඒකෙ තමයි ඒ ගොල්ල පිට ඇතිල්ලුවෙ.තව ලොකු කුඹුක් ගහක් තිබුණා මට මතකයි එතන. ඉතිං දවසක් පුංචි අම්මා රෙදි හෝදලා,මාවත් නාවලා ගොඩින් තියලා නාන්න පටන් ගත්තා.එක පාරටම 'ජබොග්  'ගෑවා විතරයි මන් ළිඳේ. යට යනවා,උඩ එනවා.යට යනවා .උඩ එනවා.ඔය විදියට තුන් පාරක්ම යට

මහ ගෙදර 11

අපේ මහ ගෙදර තිබුණෙ පාරෙන් ටිකක් ඈත.වටේටම තිබුණෙ කොම්පැණියෙ වත්ත. මහ පාරෙ ඉඳන් වංගු වලින් හැරුණු පාරක් දිගේ තමයි එන්න ඕනි.ඒත් ගම මැදින් එන්න පොඩි කෙටි පාරක් තිබුණා.ඒ පාරට කිව්වෙ අක්කර දොලහෙ පාර කියලා.රබර් අක්කර දොළහක් මැදින් ආව නිසා තමයි ඒ පාරට අක්කර දොළහ කියන නම වැටිලා තිබුණෙ. ඒ පාරවල් දෙකම හරි පාලුයි.ගෙදරට එන කෙනෙක් විතරයි ආවේ ගියෙ. ඒත් ඒ පාරවල් දෙකෙන්ම මම තනියෙම ගිහිං තියෙනවා.හැතැම්ම ගානකට මිනිස් පුළුටක්  පේන්න නැති උනත්මම කිසි බයක් නැතුව ඔය පාරවල් දෙකෙන්ම යනවා. අක්කර දොළහෙ පාර දිගේ තමයි මිනිස්සු රබර් කිරි කපලා අරන් එන්නෙ.බැරල්වල දාල ඔලුව උඩ තියාගෙන හරිම අමාරුවෙන් පේලියට එනවා.ඒ ගේන කිරි ලොකු ටැංකියකට දානවා.ඊට පස්සෙ ඇසිඩ් දාලා කළවම් කරල ලොකු කිරි ඔරු වලට දානවා.ඒ කිරි ඔරු හදල තිබුණෙ ලීයෙන්.මැදින් පොඩි ලී කෑල්ලක් ගහල කිරි ඔරුව පොඩි  කෑලි වලට වෙන් කරල තිබුණා. මම පොඩි කාලෙ හරිම දඟයි.දඟ කියන්නෙ පොඩ්ඩක්වත් නිකන් ඉන්න බැහැ.දක්කවද දවසක්දා මන් කිරි ඔරුවක් ඇතුලට වැටුනා.ළිඳට ගිහිං හොදටම නෑවා.ඇඟ කිටි ..කිටි ..ගානවා....... සීතලේ.ඒත් කිරිටික මිදිලා. ඉස්කෝලෙ ඇරිලි ආපු තාත්තා හොද කෝ
මට ඔබෙ මුදු සුවඳ සිත් ලෙසින් විඳගන්න  අවසරද ? . . . ගෙවෙන හම රෑ පුරා ඔබ ලඟින් සෙනෙහෙසින් වැතිරෙන්න අවසරද ? . . . ඔබ සිතට නොරිදවා ඔබේ ඔය මුදු මුහුණ සිප ගන්න අවසරද ? . . . හැමදාම ආදරෙන් මේ සොදුරු ජිවිතය විඳගන්න අවසරද?.

මහ ගෙදර

මම ඉස්සර පුංචි කාලේ හිටියෙ අපේ අම්මගෙ මහ ගෙදර.අක්කර පහලොවක් විතර ලොකු ඉඩමක හරි මැද තමයි මේ ගේ තිබුණෙ.ගේ වටේටම තිබුණෙ පොල් හිටවලා.හරිම ලස්සනයි.අඹ,කජු ථපේර ,දොඩම්,‍දෙළුම් නාරං,ඇඹරැල්ල වගේ හැම පළතුරක්ම වත්තෙ පිරිලා. මහ ගෙදර ඉස්සර කාලේ හැටියට ලොකු ගෙයක්.කාමර තුනක් ,කෑම කාමරයක්,කුස්සියක්,ආලින්දයක් තිබුණා.මැද මහ දොරක් තිබුණා ලී වලින් හදපු. අයියයි මමයි දෙන්න පොඩි කාලේ හරිම යාලුයි.මං දෙකේ පන්තියෙ,අයියා  හතරෙ පන්තියෙ විතර.මට මතක විදිහට.ඒ ගෙදර ඉස්සරහ ලොකු යකඩ පයිප්පයක් හිටවල තිබුණා.අපි ඕක දිගේ බඩගාලා ගිහිං වහලෙට නගිනවා.අම්ම බයේ කෑ ගහනවා.තාත්තා අපිට හොදට කථා කරල අනේ මයෙ පුතේ බහින්න ,මං ඔයාලට පේර කඩල දෙන්නම් කියලා වහලෙන් අපිව බස්සව ගන්නවා. අනේ අපිත් ඉතිං ඒකට රැවටිලා වහලෙන් බහිනවා.බැස්සට පස්සෙනෙ වැඩේ තියෙන්නේ.තාත්තා කෝටුවක් අරන් අපි දෙන්නට හොදටම දෙසා බානවා. සමහර වෙලාවට මම අයියා එක්ක රණ්ඩු වෙනවා.එහෙම වුණාම මම ටිකක් කපටි වෙලා "යං අයියෙ අපි ජම්බු කඩන්න කියලා" ජම්බු ගහ යටට අයියව එක්කන් යනවා.අනේ ඉතිං අයිය දිග කෝටුවක් අරන් ජම්බු කඩනවා.මං මොකද දන්නවද කරන්නෙ.ජම්බු ගහ යට තියලා තියෙ
අපේ මහ ගෙදර දානයක් දුන්නා.ඉතිං අපි බඩු මුට්ටුත් බැඳන් ඔක්කොම එක්ක සිකුරාදා හැන්දෑවේ ගෙදර ගියා. අපේ ගෙදර දැනට ඉන්නෙ නංගි මමයි විතරයි.ඉතිං ඔක්කොම වැඩ ටික අපේ කර පිට තමයි වැටුනෙ. කොහොම හරි මහන්සි වෙලා ඒ වැඩ ටික හොඳටම කරගත්තා අපි දෙන්න එකතුවෙලා. ඒත් දැන් මන් කියන්න යන්නෙ ඒ ගැන නම් නෙමෙයි. අපේ දානෙට වැඩිය අපේ පන්සලේ ලොකු හාමුදුරුවො ගැන. හාමුදුරුවන්ගෙ නම කිරිඇල්ලේ විමල බුද්ධි ලොකු හාමුදුරුවො.හාමුදුරුවන්ගෙ වැඩි උපාසක කමක් නැහැ. එත් ඒ කාලේ ගමේ ඉස්කෝලෙ ළමයින්ට නිකන් බුද්ධාගම ඉගැන්නුවා.දහම් පාසලක් ආරම්භ කරල ළමයින්ට දහම් දැනුම ළබල දුන්නා.මට මතකයි මමත් ඒ කාලේ තරඟ වලට ගියා. අපේ ගම ගොඩක් දුෂ්කර ගමක්.පොතක් පත්තරයක් ගත්තෙ එහෙමත් ගෙදරකට විතරයි.ඒ හින්දා හැමුදුරවො දහම් පාසලේ පුස්තකතාලයක් පටන් ගත්තා.ඒත් 2003 ආපු මහ ගංවතුරට පුස්තකාලෙයි පොතුයි ඔක්කමෙ විනාශ වෙලා. ඒත් හාමුදරුවො නිකන් හිටියෙ නැහැ.ආයෙත් පුස්තකාලයක් ආරම්භ කලා. අපි බණ දවසේ දුන්න පිරිකරට පොත් දෙකකුත් දුන්නා.හාමුදුරුවන්ට හරිම සතුටුයි. දන්නවද අළුත්ම දේ... දහම් පාසල් එන ළමයින්ට දවල්ට කැම වේලක් පන්සලෙන් දෙනවා.හරිම පුදුමයි.වැඩිහරියක් ළ
සිත නුඹ රිදවපන් තව රිදවපන් ගහන්නට බැරිව රිදවපන්... ගැහුවාට වඩා මහ දුකක් දැනෙනා  සිතට ගහපන් තවත්  එකම එක  එකම එක වතාවක්.. ගහල රිදුනට වඩා මට රිදෙයි හැමදාම හදවතම ගිනි ගනි මහ මේඝයක් සේ වෙලී.
ට්‍රිං ට්‍රිං ට්‍රිං ට්‍රිං... ජංගම දුරකථනය නාදවෙයි.. හලෝ... මම කතා කළෙමි හලෝ.. අනෙක් පසින් ඇසුණු හඬ මගේ දෙසවන් බිහිරි වන්නට තරම්.. වසර ගණනාවකට පසු ඔබෙන් ඇමතුමක්. කියන්නට කිසිවක් මතක නැති අසන්නට කිසිවක් හිතේ නැති දොඩන්නට කිසිවක් මතක නැති එහෙත් ඔබෙ හඬ නම් මතක ඇති.. වසර ගණනකට පෙර මගේ වූ ඔබ අද වෙනතක බැඳි.. එදා වගේම අදත් ඔබ ළබැඳි කටහඬ මගේ දෙසවන් දෝංකාරය නගයි. ආදරය අහිමිවූවත් මට ඔබ අහිමි වුවත් මට සදාතන මතකයකි සැමදාමත් ඔබේ සෙනෙහස.
මගේ හිත රිදෙව්වට තරහනෑ මං පොඩ්ඩක්වත්... මට බැන්නට කියන්නෑ මන් මොනවත්... ඇයි දන්නවද ඔයා ඔය බනින්නෙ මට තියෙන ආදරේට... හැමවෙලේම හොයන්නෙ මාව තනිකමට.. ඒ හින්ද ඔයා ඔය බැන්නට ආදරෙයි නේද මට ඇත්තටම.

මල හා බමරා

පුළුන් වු වළා පොදි හංගාන අස්ගැබ සද සිසිළ මැකීගෙන යාවි තරු දිලි දිලිම.. සියොත් කැළ නිදිවනම කියයි කිචි බිචි හඬින තරුවලට හොරෙන්විත් රඟයි මඳ බමර තුඩ.. මල් තලා රොන් අරන් ඉගිල යන බමර තෙම මලේ සුවඳත් අරන් නික්ම යන අරුම කිම. රැයට ඇදෙනා මලට සුවඳ ඇතිවත් එමට මලේ කිසි ලස්සනක් තියේවිද කිසිවිටක.. මලින් මල පියාඹන මේ පුංචි බමර තෙම ලෝකයක් තනන්නට උරදේවි නොදනීම. Viewing  1  -  1  of  1
ගං ඉවුරු තලාගෙන වහින මේ මහ වැස්ස දෙපස ඇති ගස් කොළන් ගඟ තුලට නමාගෙන බොරපාට මඩ වතුර ගඟ දිගේ ගලාගෙන භයංකර බවින් විත් ගලා යයි හැමතැනම.. ගඟ ගලන වේගයට පොල් පුවක් ගසාගෙන දැව දඬුද වේගයෙන් ගලා යයි මුහුදටම.. මේ වතුර කොහි සිටන් එන්නෙදැයි මට කියන් මේ වතුර ගලන්නේ කොහෙටදැයි මට කියන් ගං ඉවුරු කඩාගෙන ගම් බිමිද සෝදාන ගලයි ගඟ හෝ හඬින් ඉවුරු කොණ බිඳිගෙන.

ඔබ

නෙතු අගට දිලිසෙන  මුතු කඳුලු බිදුවක ‍ තොල් මත ‍පොපියන  සිහින් වූ සිනහවක  හදතුල රැන්දුව  උණුසුම් සුසුමක  දැවටුනු සිහිනයකි  ඔබ  මි‍යෙනතුරු අමතක  මතකය ‍නොමි‍යෙන  සිහින්වූ පටයකි  ම‍ගේ සි‍තේ තැරවරුණු.  පාට ‍කොළ එකි‍නෙක  තබා හැඳි සිතුවමක ‍ කොළ අගට දිළි‍හෙන  විසිරි පාටකි ඔබ. ‍‍ මේ විසල් ‍ලොවතුල  ම‍‍‍‍ගෙ සිනා කැන්දන  උදා අරුණැල්ල ය  ඔබ.

කවියකුගේ අවසානය

කොපුව තැනෙක  තීන්ත වියලුණු  පැන තවත් තැනෙක  බොඳවුණු අකුරුවැල්  පෙළට ලියුව  කුරුටු ගී මෙන් දිස්වන.....  කැඩුණු ඇඳ‍  දිරාගිය මෙට්ටයද  හැද අවසන් කල  සරොමද  කියයි  ඔහුගේ නොලියවුණු  සිත.

*සියදිවි හානිකර ගතිමි*

*මියැදුනු දිනක මම  අවදිවේවි මතකය  අමතක නොවන ලෙස..  අසාවි  දහසකුත් එකක්  පැන මා ගැන..  කියාවි  නොයෙකුත් කතන්දර මිනිසුන්....  හිතාවි  ඔවුනොවුන් තනිවම  දැනේවි  තරහක්, වෛරයක් සිතට..  නැගේවි  ඇතැමුන්ගෙ නෙත්  අභිමුව කඳුලක්..  සිනාසේවි   සමහරෙක් යටිසිතින්..  හෙලාවි  සුසුමක් මම  පොළෝගැබ සිට*

අපේ ගෙදර

ඉස්සර අපේ ගෙදර කිරි වැස්සියෙක් හිටියා.ඌ හරිම ලස්සනයි.රත්තරන් පාටයි.අපි ඌට කිව්වෙ රත්ති කියලා.ඔලුව මැද පුංචි සුදු හඳක් තිබුණා.මොනතරම් වැඩ තිබුණත් උදේට රත්තිව බැඳලා තමයි ඉස්කෝලෙ යන්නෙ මම.ඊට පස්සෙ රබර් ගහක් ලඟින් වතුර බාල්දියකුත් තියනවා. ඉස්කෝලෙ ඇරිලා ආව ගමන් ආයෙත් රත්තිව වෙන ගහක බැඳලා වතුර බාල්දියක් දෙනවා.ඌ එක හුස්මට වතුර බාල්දිය බොන්නෙ හරිම ආසාවෙන් කියලා මට හිතුණා.උදේ පාන්දර හැමදාම හාල් පානු වතුර එක්ක පොල් කුඩුයි ලුණුයි පුන්නක්කුයි බත් දංකුඩයි කන්න රත්ති එනවා ගේ ඉස්සරහට.ඒක ඌට පුරුදු වෙලා. දවසක් තාත්ා කොළඹ ගිය දවසක හදිසියේම රත්ති ලස්සන පැටියෙක් වදළා.ඉතිං මොනවා කරන්නද?මන් ගිහිං ඔක්කනොම අස් කරල වැස්සිට කන්න තණකොළ කපල දීලා.බොන්න වතුරත් දුන්නා. සතියක් විතර ගිහින් දවසක් බලද්දි පොඩි පැටියා හොයනවා..ඌ පේන්න හිටියේ නැහැ.මන් ඒක තාත්තා එක්ක කියන්න ගෙදරට එද්දි මෙන්න සැලේ මැද හොදටම නින්ද ගිහිල්ලා. අපේ බස් එකේ වැඩ කරපු ජිනදාස මාම මට ඒ දවස්වල කිව්වෙ ගුණවර්ධන මහත්තයගෙ හරක් බලාගන්න ඉන්න ළමයා කියලා.ඒ ඇයි දන්නවද බස් එක ගියේ අපේ ගෙදර ඉස්සරහින්.ඉතිං රත්තිව බඳින හැටි, බොන්න දෙන හැටි හොඳට බස් එකට පේනවා. උදේට

අපේ ගම

උදේ පාන්දර මිහිදුම් සළුව ඉරාගෙනආසන විසි හයේ පොඩි බස් එකපාර දිගට ඇදෙනවා...හිමින් හිමින්.. ඉස්කෝලෙ ළමයි විතරක් නෙමෙයි වැඩට යන අයත් ගියේ ඔය බස් එකේ තමයි රත්නපුර ටවුන් එකට...වංගු පාරෙන් හැරි හැරි බස් එක් යනවා හරියට පොඩි නයෙක් වගේ...අපිත් උදේට ඉස්කෝලෙ යන්න නගින්නෙ ඔය බස් එකට.කට කපලා එකයි සෙනඟ.ඒත් මග දිගට නවත්වනවා. ඒ සල්ලි පෙරේත කමටනම් නෙමෙයි.වෙන යන්න බස් එකක් නැති නිසා. අමාරුවෙන් ගාට ගාට එන බස් එක රිවස් වංගුවට එනවා. ඉස්සරහටට ගන්නවා පස්සට ගන්නවා.ගියර් දානවා.බැරි තැන මිනිස්සු බැහැල ගල් තියනවා.කොහොම හරි අමාරුවෙන් බස් එක එළවගෙන යනවා. හවසට එනකොට ගමේ ගෙවල් වලට ඕනි එළවලු ටික, පත්තර ටික,අරගෙන ඇවිත් ගෙවල් ගානේ හෝන් ගගහ දෙනවා. ටවුමෙ ඉඳන් ගමට දුර තිබුනෙ කිලෝමීටර 6 ක් උනාට යන්න පැය එක හමාරක් විතර යනවා. ඒ කාලෙ බස් එක එලෙව්වෙ ජිනදාස මාම.අපිට එන්න පරක්කු උනාම අපිඈත ඉඳන් කෑ ගහනවා*ජිනදාස මාමේ බස් එක් නවත්තන්ඩ*කියලා.ඒ සද්දෙට බස් එක නැවතෙනවා.ඒ දවස්වල අපිට තිබුණෙ පොඩි බස් එකක්.විශ්වාස කරනවද තාමත් තියෙන්නෙ ඒවගේම පොඩි බස් එකක්.දැන් ගම දියුණු වෙලා.ඒත් බස් එක් තාමත් ඒ විදියමයි.

හිතේ කුණු

හිතෙනවා වෙලාවකට හැමදේම විසිකරන්න මහ පාරට... ඒත්... දැන් කුණු ට්‍රැක්ටරේට ගන්නෙත් දිරණ,නොදිරණ කියල වෙන්කරලනේ අනේ මන්දා මේවා ඒ කොයි එකට වැටෙනවද කියලා ඒත් විසිකරන්නෙ කොහොමද නිකම්ම වෙලාවකට හිතෙනවා දිරණ එකට දාන්න ඒත් හිතෙන්නෙම නොදිරණව කියලා.
මග නොරැදි කඳුලු කැට ගලාවිත් දෙකම්මුල සිපගනී.... ඇස් කෙවෙනි තෙත් කරන් ඒ කඳුලු කැට මැදින් උණුසුම්ව සුසුම් වැල් නැගේවි.... හදවතේ ගැඹුරු තැන් අතින් පිරිමැද වැරෙන් හිතේ ඇති දොම්නසට තෙපුල්දී..... මං මගේ ජීවිතේ ගොඩක් කල් රිදුනු තැන් හෙමි හෙමින් අතගගා බලාවි.
දෑස පියා ආකාසෙට හෙමින් සැරේ ඉගිල යන්න අඩවන් දෙතොලින් සලිතව හිමින් සැරේ හිනාවෙන්න.... හිතේ තියෙන දුක් ගින්දර කඳුලු විලක ලියා යන්න හදේ නැගෙන සෝ ලතැවුල් ආදරයෙන් බැඳ දුවන්න... මලක මෙලක ඇති සිතතුල ලස්සන වදනක් ලියන්න කවි කොළයේ පිටු අතරේ ලස්සන කවියක් ලියන්න.. ජීවිතයේ තරු මංසල ඈතින් හිඳ බලා ඉන්න ආසයි මට තියෙනවනම් අත්තටුවක් පියාඹන්න
රෑ අහසේ තරු ගනින්න වලා පොටින් ඇස් වහන්න සඳ එළියට මුවාවෙලා ලස්සන කවියක් ලියන්න.. ඉගිලෙන පොඩි රෑ වවුලන් අල්ලාගෙන පොඩි කරන්න බකමූණන් අවදිවෙලා හඬ තලනා හැටි අහන්න... විල් මත දිය අතරෙ මතුවු නිල් මහනෙල් මල් සිඹින්න මලට ඇදෙන බිඟු කැළ ගැන පොඩි කවියක් ගොතාගන්න... රැයට පිපෙන සුදු මල්වල සුවඳ පොදක් උරාගන්න ආසයි මට රෑ පානේ නින්ද නැතිව බලා ඉන්න.
දයාබර බව බිඳුනු මුලා සිත් ඇතිව සිතට දුක් දෙවන කරුණු ඇයි මතුව... සුනඛ බව සමග නගුට වන වනම තොපිට ඇති එකම දෙයයි රළු වඳන.. කරමි අනුකම්පා තොප වැනි එවුන්ටා මුදා දුක් කන්දා හරිමි සුසුමක් කැන්දා
ජිවිතය හරිම පුදුමයි, වසර ගණනක් එකට හිටිය සහෝදර බැම්මෙන් බැඳුනු යහළුවන් මේ විදියට එකිනෙකාගෙන් දුරස්ව..කොහොමද ඉන්නවද කියලා.මටම පුදුමයි. මට මතකයි දවසක් පුංචි කාලේ ඉස්කෝලෙදි යාළුවෙක් මන් එක්ක තරහ උනා.ඒ වෙන කෙනෙක්ගෙ කේළමක් අහල. ඒත් වසර ගණනාවකට පස්සෙ එයාට හිටිය හොඳම යාලුවා උනේ මම. මොනතරම් ප්‍රශ්න ආවත් එකිනෙකා තේරුම් ගන්නවනම් කවදාවත් යාලුකම බිඳෙන්නෙ නැහැ.ඒත් එහෙම නොවන නිසාම දැන් අතරමඟ යහලුකම හිරවෙලා. මමත් ආසයි ජීවිතයෙ ඇත්ත දකින්න. ඇත්තට ආදරය කරන්න. බොරුවට කවදාවත් තැනක් නැහැ. ඇත්ත හැමදාම එළියයි. අඳුරක් ඇත්තෙම නැහ.
මලින් මල පියාඹන රොන් උරන මී මැස්ස රොන් විතක් නුඹ අරන් ගිය නමුත් විසිර අත.. මලින් මල රොන් තැවරි ලොවක් ගොඩනගන බව නොදනීද... ලොව සොඳුරු සොබාදම ලොව දහම එය නොවෙද.

නියඟය

සිහින්වට පත් ඉරුණු කෙසෙල් ගස් හාමතින් වැතිරි සතා සිවුපාවන් කේඩෑරි වූ මහා ගස් දිය සිඳුණු වැව් තලය දිය නොදැකි ඔය ඉවුරු.... ඉරි තැලුණු මහ පොළොව දිය බිඳක් යදින්නිය... වට වැස්සකින් පසු නැගෙන නැවුම් සුවඳට ලොබ බැඳි දහස් ගණනින් ජනගඟ සුසුම්ලයි.. එහෙත්... කවදාක වැසි ලැබේවිද මේ අඳුරු කඩ තිර ඉරා ගෙන.

පොඩි පුතු

සීතල පිණිකැට වැද මිණි කිංකිණ උදා හිරු රැසින් එළිය කරන්... නිල් තණ පලසේ වැටී දිලෙන පොඩි සේපාලිකා මල් සුවඳ අරන්... පුංචි කුරුල්ලෙක් කිචි බිචි ගාමින් ගෙමිදුල හැමතැන හැඩට තබන්... මගේ කුඩා පුතු දෙපතුල් තබමින් ඒ හිරු එළියේ දෙපා නගන්... මගෙ පොඩි පුතුගේ ටිකිරි සිනා මැද කුරුලු ගීත වියැකී යන්නා පුතුගෙ සිනා හඬ මතුවෙන්නා.

බිළිඳු

දරා කුස දස මස හොවා මා කුස තුල ලොවට වැඩි මා බිළිඳුනේ.. පොවා කිරි කළ දහක් තවරලා රන් කිරි කඩක් උඹට දුන්නයි මන්.. මුතු දසන් මැද නුඹේ සිනහා එළිය දුටුවයි මන්.
මම ඔබ ගැනම සිත සිත සිත හඬන බව දැන දැනම ඔබ නොදනීද ඒ වග කිසිවක් නොවූ විලසට සිටිනුයේ කිම. මෙසසර බැඳුනු බැමි මුදා හරිනෙමි මම වරපට බිඳින ලෙසකින නිදහස්ය මම දැන් නිදහස්ය.
මම ඔබ ගැනම සිත සිත සිත හඬන බව දැන දැනම ඔබ නොදනීද ඒ වග කිසිවක් නොවූ විලසට සිටිනුයේ කිම. මෙසසර බැඳුනු බැමි මුදා හරිනෙමි මම වරපට බදිඳින ලෙසකින නිදහස්ය මම දැන් නිදහස්ය.
කහ පාටට එළිය දෙන ලස්සනට රැස් විහිදන ලාම්පුවෙ දැල්ලට දැපනෙ වැටුනු ඉපියෙක් එහි රස්නයෙන් මිදෙන්නට වෙර දරණ අයුරු... රවුම් දෙක තැනක් කැරකුණු ඒ වේගයෙන්ම දැවුණු අහෝ... ජීවිතයක අවසන.

ආදරණිය අතීතය 11

පෝරු මස්තකය උඩ තැලි පිළි අදින මං දිහාවම බලන ඔබ දුටු මට ඒ සියලු දේ ගලවා දමා පැන දුවන්නට සිතුණු වාර අනන්තය... ඔබේ සුදු අත් දෙක අල්ලාන පෝරුවට නගින්නට සිටිය මට කවදාවත් නොදැකි පිටස්තරයෙක් සමඟ ඉන්නට සිදුවූ අයුරු දැනුදු හදවතට දැනෙනුයේ කම්පනයකි.. අවසන මා පිටත්ව යන මොහොත ඔබ දෙස බලා අසරණව මගේ නෙත් කෙවෙවනි අග රැදුනු කඳුලු බිඳ නොදුටුවෙද ඔබ..

අත්තම්මා

කොස් තම්බලා,කිරිහොද්දක් ,කොළ මැල්ලුමක් එක්ක මිරිසට මාලු උයල,මිරිස් කරල් බැදලා අපේ අත්තම්ම උයන කෑම එක කියන්න බැරි තරම් රහයි. දෙකට තුනට නැමිලා පාත් වෙලා ඇවිද්දට එයාට වගේ රහට උයන්න බැ අපි කාටවත්ම. වයස අනූ නවයක් විතර ඇති සමහර විට ඊටත් වඩා වැඩි ඇති. කවුද දන්නේ,,,,,,,,,,, ඉස්සර වෙලාවල් දන්නේ නෑනෙ. කවුරැ හරි අල්ලගෙන දොදොල් හැදි ගාන්න කිරි වලින් ටොපි හදන්න හරිම දස්සයි අත්තමිමා කෝ උඔලට බෑ මයෙ පුතේ අහකට වෙනින් කියලා කැ ගහනවා තාමත් අපට ඇත්ත තමයි අපට නම් හැරෙන්නවත් බෑ......... ගොරක අණ්ඩක් වගේ දෙකට තුනට නැමුනට හොදට පත්තර කියවනවා කණ්නාඩියක් නැතුව........ කවුරැවත් නැති වෙලාවට හදලා වළං අස්සේ හංගලා තියන කෑම ජාති අපි ගියාම එලියට එනවා ගේ ඉස්සරහ තියන බුදුගෙයි පහන් වැට ලස්සනට පේනවා බුදු ගේ වටේට සුදු පාට මල් වවලා බලන්න බැරි තරම් ලසසනයි. ගේ වටේට තියන ගස්වල අඔ කන්න එන කුරුල්ලන්ගෙන් පිරිලා හරියට දිව්යු ලෝකයක් වගේ...අපේ අත්තම්මා අපේ ආයුෂත් අරන් තවත් ගොඩාක්කල් ජීවත් වෙයි..........

අතීතය

හෙට උ‍දේ ‍ගොයම් කපන්න තියනවා පාඩම් කරන අත‍රෙ යන්තමින් වගේ මට ඇහුණා.... හවස වැඩ ඇරිලා ආපු තාත්තා හරි හරියට වැඩ.... දෑකැති ‍හොයනවා වටිටි පිහිදානවා............. ටිකකින් කාලා අපි නින්දට ගියා. උ‍දේ පාන්දරම ලොකු දුවේ,‍ලොකු දු‍වේ නැගිටින්න තාත්තා කතා කරනවා මං හිතුවේ ඉස්කෝ ‍ලො යන්න වෙන්න ඇති කියලා ලොකු දුවේ අම්මට සනිප නෑ... අද ‍‍ගොයම් කපනවා කොහොමද මේවා කරගන්නේන තාත්තා කියනවනවා.......කො‍හොම හරි කරමු මං කිව්වා......... සතියකට දවස් දෙක තුනක් අම්මට ඇදුම හැ‍දෙනවා... ඒත් අපේ වැඩ පොඩ්ඩක්වත් පාඩු ‍වෙන්න දෙන්නෑ අම්මා. උදේට ඉව්වා..........දවාලටත් ඉවිවා......... වම්බටු මාලුවක් ..කරෝල ‍හොද්දක්.‍පොල් සම්බලයක්..එක්ක . ඒත් ඉතිං ‍ගෙදර නවතින්න විදියක් නෑනේ අම්මට කසාය ටික තම්බන්නත් ඕනි මොනව කරන්නද මන්ද. ලොකු මුට්ටියක් අරන් වතුර පත් අටක් මැනල මුට්ටියට දාල ලි‍පේ තිබ්බා.. හොදට ගින්දර දාලා පොල් ‍ලෙලි ටිකකුත් දාලා. ඉක්මනට ඇදගත්තා බස්එක යන්න කලි‍යෙන්. ඉස්කෝටලෙදි පන්තියේ යාලු‍වො එක්ක එකතු උනාමපොඩ්ඩක්වත් ‍‍ගෙදර මතක් වෙනනේ නැ. හරිම සතුටින් කාලය ගෙවිලා යනවා.... හවසට ‍ගෙට ‍ගොඩවෙන‍කොට තමයි අම්ම‍ගේ අසනී‍පො මතක්

දෙස් දෙවොල්

කුරුල්ලනි කිමද ? මේ කිචි බිචිය., රැහේ උන් නැත්දෝ ලඟක තෙමෙන මුත් පොද වැස්සට නොදැනේද සිසිළක් ඇඟට.. තබා හොට තදකරගෙන බිමට කිමද මේ ගතු කියනු මේ ලෙස.. හඩන්නට හදන අහසට දෙස් දොවොල් තබනු කිම ඉන්නට නිහඬවම දන්නේ නැද්ද තොප තව.

ඔබ සහ මම

සිත තෙමන සුසුමින් නැහැව නෙතු කෙවෙනි කඳුලින් යුතුව හද දවන ගින්දරෙන් මතුව ලියා තබනෙමි මම මෙලෙස... අසා බොරු වඳන් රට්ටුන් කියන කිමද මා ගැන සැකක් නිතරම අපවාද අසා දැන් මට හොඳටම ඇතිය සමුගනිමි ඔබෙන් මම තිරව.. තබා ඔබ දෙපාමුල මහිස වදිනෙමි ඔබව බැතියෙන නොකලමුත් පවු කිසිදින සමා වුව මැන ඇත්නම් වරද.. මිතුදම දිගුයි බොහෝකල්ම එනමුදු නොමැත ඔබ මා හැඳින නිතොර වෛරී සිතින් පසුවන මා ගැන ඇයි මුසා බස් තොපට... නොවියලුණු කඳුලු බිඳු ඇතිව රත්වු දෙනෙත් තදකරගෙන හිදිනෙමි මම දිනක ඇත්ත ඇති සැටි දැනෙන තෙක් ඔබට.
උදෑසන ගණ්ඨාර හඬ පරයා නැගෙන ඝෝෂාව කිචි බිචි කසු කුසු සද්ද අතරින් අපිත් පියමනිනවා පාසලට අරලියා මල් වැටුන නිල්පාට තණ පලස පා පහස ලැබ පිබිදෙමින.. සුදු කොකුන්සේ පෙනෙන යුවතියන් රෑන මැද මමත් ඉමි එක කොනක'' පිට්ටනිය මැද ට පැන දුව පැන නටන්නට පොල් අත්තෙ එල්ලිලා ඔන්චිලි පදින්නට සුදුපාට හුණු කූර අත අගින් අල්ලා ලෑල්ලෙ ලියන්නට ප්‍රී වෙලාවක් එන්නෙ කීයටද ඇත්තටම.. දැන් පිසික්ස් තියෙනවා කෝ අනේ මේ කෙල්ල හැමෝමත් හොයනවා ඒත් මන් කොහේද??? මන් කලා පංතියේ පුංචි කවි ලියනවා.
රූ මා ආදරය කල බෙහෙවින්ම ඔබ දමා යන්නට සිදුවීම දුකක්මය... ආදරණිය රූ සැන්දෑව කෙසේනම් අමතක කරන්නද? ආදරණිය මුහුණු මත රැදුණු ආදරය කෙසේ නම් අමතක වේද... ඔබ සිනාසුණු නෙත් කොණ ගැවසි කඳුල නොපෙනුනිද.. ආදරණිය රූ මම ඔබ දමා යන්නනෙමිය.. කවදාකවත් ආයේ නොඑන්නම යමි. මට සමාවුව මැනවි. මගේ ආදරණිය රූ සහෘදයිනි.
රූ ඇහිරු.. සළරූ කවුරු.. පැවරූ අයුරු.. සිත් රූ මියුරු..... පැතිරූ තරු පොකුරු.. ඇහිරූ කවි පොකුරු තැවරූ.. මල් පොකුරු රූ .. තැවරු සුමියුරු

මම

මම අනේ මන්ද මම ඇයි ජිවත් වෙන්නෙ මෙහෙම අපහාස විඳගෙන ඇයි ඇයි ඇයි හැමෝම හිතන්නෙ මං වේස ගෑනියෙක් කියලා ඒත් මං එහෙමද ඇත්තටම මං එහෙමද ඇයි මට මෙහෙම වුනේ ඇයි දෙයියනේ
ලිත් මාස ගණනාවකට පස්සේ ලැබුණු නිවාඩුවෙන් ප්‍ර යෝජන අරන් අපි ගියා මහගෙදර.... පිළිවෙළට ඇමදු මිදුල ලස්සනට පිපුණු රෝස පොහොට්ටු මාව ගෙනගියා මගේ පුංචි සන්දියට.. මිදුල මැද මාගලක් එලාගත්ත තාත්තා වී වේලනවා අම්ම අපිට කෑමඋයනවා තැඹිලි වල්ලක් කපලා පොල් ටික ගෝනිවල අහුරල නාරං,ඇඹරැල්ලා කඩල තේ කොළ,කෝපි,ගම්මරිස් එකතුකරල අපිට ගේන්න දෙනවා... තාත්තගේ ආදරය හරියට දොළොස්මහේ පහනවගේ කවදාවත් නොනිමෙන.. ඇයි තාත්තේ ඔයා බුදු කෙනෙකු නොවුනේ මේ ආත්මෙම.

ආදරය

හදවත පොපියන මුදු ඇතිරිල්ලක සිත මත රැන්දුව සිහින විමානෙක නෙතු අගු දිදුලන කඳුලු පියල්ලක වත මත සැඟවුනු ආල නුරාවක දැ ව ටු නු ආදරය... ඔබ කොහිද??????????????

මරණයට අත වනයි.

රාත්‍රිය දිගුයි ඇස් පියාගෙන එහෙ මෙහෙ දුවයි සිත නොනිදාම.... කළක් ගතවුව නොසිතාම කරයි ඔච්චම් හැමදාම.... සිහිනයක් සේ එන්න නොකියාම හදවතේ නිදියන්න පෙර සේම..... එපා හිරු පායන්න උදයෙන්ම සැතපෙන්න දෙන්න මට තව බෝම... ආදරයෙ සුවඳ විද විඳ විඳම මියයන්න මොහොතකට ඉඩ දෙන්න

ආදරණිය අතීතය 111

බෝ කල් ගෙවුන අවුරුදු ගණන් ඇතුලත ඔබ ගැන මතකය තැන්පත් උනා සිත තුලම.... කළුතර බෝධියට කතරගම දේවාලයට කිරි වෙහෙරට ,ජය ශ්‍රි මහා බෝධියට මොන තරම් බාර වන්නට ඇත්ද... ඔබට ලැබෙන්නට කියා සැපවත් ජිවිතයක් නොපෙනුනත් ඔබව... අමතක කලත් මාව මගෙ සිත තිබුණෙ ඔබ ලඟ පපුතුරෙ හිස හොවාගෙන අඬන්නට සිතුණු වාර අනන්තය..... නොදැක ඔබ බෝ කල් හිටියත් ගලක් සේ මන් දැක්ක දිනයක් උනානම් සිහිසුන්ව මන්.

ආදරණිය අතීතය

දවසක් මගේ හිතට ආදරයක් ගෙනාව ඒ ආදරයෙන් මගේ සිත පුරවාපු...... දවසක් දෙකක් මාව නොදැක ඉන්න බැරි උනු හන්තාන කන්ද පාමුල සිහිල් සුළං වැදී දිගු පයින් ගස් පාමුල විඬා නිවු...... මගේ හිස උකුලට තියන් දයාබරව පිරිමැදපු හීනයෙන් හීනයට ආදරය ලියලාපු.. ඔබ අද කොතැනකද. මම මගේ ආදරය සඟවා වෙනත් ලොවකට ඔබ ඔබේ ආදරය සිහිකර තවමත් තනිකඩව.. මෙයනම් ආදරය අපි පණ මෙන් රැකි කිම  මේ තරම් ආදරයක්.

මගේ කථාව

මම ඉපදුනේ සබරගමුව පාලතේ ,රත්නපුර දිස්ත්‍රික්කයේ ,හද්දා පිටිසර ගමක.බස් එකක් ඉදිහිටලා ගමට ගියත් වැඩි හරිය ගියේ පයින්මයි.ගම දුෂ්කර උනත් ඉතාම රමණිය පරිසරයක් තිබුණා.රත්නපුර නගරයෙන් කිලො මීටර අටක පමණ දුරක් තිබෙන කඳු පල්ලම් සහිත මාර්ගයක් තමයි ගමට වැටිලා තිබුණෙ.හරියමට පාරෙ මැද හරියට වෙන්න තිබුන ලොකු වංගුවට කිව්වෙ රිවස් වංගුව කියලා.දැං යනකොට ඒ වංගුව දැක්කම බයක් දැනුනත් පොඩි කාලේ කවදාවත්ම එහෙම බයක් හිතට ආවේ නැ. මං පොඩිකාලේ අපි හිටියෙ අම්මගේ මහ ගෙදර.අම්මල ගොඩක් වැදගත් සල්ලි තියෙන පවුලක්.ඒත් තාත්තා ගොඩක් පිටිසර පලාතක හැදුනු උගත් කෙනෙක්.මගේ අම්ම ඉංර්‍ගිසි ගුරුවරියක් නිසාමද මන්ද අපි පුංචිකාලේ අම්ම වැඩිපුරම හිටියෙ ට්‍රේනිං කොලීජියෙ.අපි හැදුනෙ අත්තම්ම පුංචි අම්මලා එක්ක. මට ඒ දවස්වල හිටියෙ අයිය විතරයි.මහ ගෙදර වත්ත අක්කර පහක් විතර විශාල ලොකු ඉඩමක්.එළවළු පලතුරු,කිරි හරක් නැති දෙයක් නැ.අම්මගේ තාත්තා  අම්මල කිව්ව විදියට අපුච්චා ඇන්දෙ කොට කලිසම්.එයා පරණ ටී මේකර් කෙනෙක්ලු.ඉස්සරහ තියෙන හාන්සි පුටුවෙ වාඩිවෙලා බුලත් විටක් හප හපා හයියෙන් හිනා වෙවි ඉන්නවා.වෙලාවකට එයාගේ පුට් බැලෝ සර්පිනාව වාදනය කරනවා. මගේ කථාවෙ

මම

දුක

පැල් කවිය

පිය සෙනෙහෙස