කොස් තම්බලා,කිරිහොද්දක් ,කොළ මැල්ලුමක් එක්ක
මිරිසට මාලු උයල,මිරිස් කරල් බැදලා
අපේ අත්තම්ම උයන කෑම එක කියන්න බැරි තරම් රහයි.
දෙකට තුනට නැමිලා පාත් වෙලා ඇවිද්දට
එයාට වගේ රහට උයන්න බැ අපි කාටවත්ම.
වයස අනූ නවයක් විතර ඇති
සමහර විට ඊටත් වඩා වැඩි ඇති.
කවුද දන්නේ,,,,,,,,,,, ඉස්සර වෙලාවල් දන්නේ නෑනෙ.
කවුරැ හරි අල්ලගෙන දොදොල් හැදි ගාන්න
කිරි වලින් ටොපි හදන්න හරිම දස්සයි අත්තමිමා
කෝ උඔලට බෑ මයෙ පුතේ
අහකට වෙනින් කියලා කැ ගහනවා තාමත් අපට
ඇත්ත තමයි අපට නම් හැරෙන්නවත් බෑ.........
ගොරක අණ්ඩක් වගේ දෙකට තුනට නැමුනට
හොදට පත්තර කියවනවා
කණ්නාඩියක් නැතුව........
කවුරැවත් නැති වෙලාවට හදලා
වළං අස්සේ හංගලා තියන කෑම ජාති
අපි ගියාම එලියට එනවා
ගේ ඉස්සරහ තියන බුදුගෙයි
පහන් වැට ලස්සනට පේනවා
බුදු ගේ වටේට සුදු පාට මල් වවලා
බලන්න බැරි තරම් ලසසනයි.
ගේ වටේට තියන ගස්වල
අඔ කන්න එන කුරුල්ලන්ගෙන් පිරිලා
හරියට දිව්යු ලෝකයක් වගේ...අපේ අත්තම්මා අපේ ආයුෂත් අරන්
තවත් ගොඩාක්කල් ජීවත් වෙයි..........
අතීතයෙන් බිඳක්....... ඒ අසූ අට වසරේ මැද භාගයයි.උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයි. දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද ,කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කර ගක නොහැකිවිය. පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ.ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි. රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි. රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි. අයියා මේ වන විට කොළඹ විශ්ව විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි.නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා තැබූ රැස්වීම් වල මුල්තැන ගත්තේ අයියායි. ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය. සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රළුය අපේ ගේ ලඟ නවත්වන්නෙඅපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.ඒදින බස් රළුය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගෙ නම කියා අමතනු ඇසුණි. තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වා...
Comments