Skip to main content

තාත්තගෙ ගම

  • පසුගිය  දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි.
  • එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය.
  • මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි.
  • තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය.
  • අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනාට වඩා වසර ගණනාවකින් බාල එකියක වූ නිසාත් පවුලේ බඩ පිස්සිය වූ නිසාවෙනි.
  • ඔන්න අපි ඉස්ටෝරු කඩේ ගාවයින් බැහැල ඒ එක්කම පාරේ උඩ තියෙන කඩේට යනවා.එතන තොසේ,වඩේ,වගේ දේවල් තමා තියෙන්නේ.මොකද ඒ පැත්තෙ වැඩිපුර තියෙන්නෙ වතු නිසා.අපි ඔතනින් හොඳට කාලා හිමින් හිමින් කන්ද නගිනවා.කන්ද කිව්වට ඒක මහ හිමයක්.ලොකු දොලවල් ගලාගෙන යනවා.කළාමැදරියන්ගෙ සද්දෙට කන් පිරෙනවා.කලින් දවසේ රෑ ඌරො තලපු කැකුණගෙඩි අඩිපාර පුරාම වැටිලා තියෙනවා.තැනිනත් තැන විශාල වේවැල් පඳුරු,වෙනිවැල් වගේ දේවල් තියෙනවා.ඒ විතරක් නෙමෙයෙි,හිඹුටු වෙරළු අඹ වගේ පළතුරුත් දෙපැත්තෙම තියෙනවා.අපි ඉතිං දොලවල් ලඟ නැවතී නැවතී පළතුරු කකා තමයි කන්ද නැග්ගේ.මම හිතන්නෙ හැතැක්ම හයක් විතර කන්ද නගින්න ඕනි ගම්මානෙට යන්න.
  • අපේ මහප්පා රැකියාව විදියට කලේ ගොවිතැන.ඒත් එයා පුතාල දෙන්නටම උගන්නලා විශ්ව විද්‍යාලයට ඇරියා. අයියයි මමයි පොඩි හින්ද ලොකු අයියා හරි පොඩි අයියා හරි එනවා අපිව එක්ක යන්න.ඉතිං දොලවල් උඩින් අපි යන්නේ අයියලගේ කරෙන්.ඒ තරමට එ ගොල්ලො අපිට හරිම ආදරෙයි.
  • ඔන්න ඉතිං ඔය හිමේ නැගල නැගල ගියහම ගම්මානෙ  ගෙවල් එක දෙක පේන්න ගන්නවා.ඉතිං ගමේ අය අහනවා අයියලගෙන්..මේ බාප්පගෙ පුතයි දුවයි කියලා කී වතාවක් කියනවද දන්නේ නෑ
  • ඔහොම ගියහම කිලෝමීටර ගනනාවක් දුරට විහිදිච්චි වෙල්යායක්.රන්වන් කරල් පිරිච්ච වෙල්යාය වට කරගත්ත කඳු පන්තිය ඉර එළියට දිලිසෙනවා.තද කොළ පාට වනාන්තරය දැක්කම සිතට දැනෙන්නෙ මහා ලොකු සතුටක්.
  • ඔය වෙල ඉස්මත්තෙ පොඩ්ඩක් උඩට වෙන්න තමයි මහප්පගෙ ගේ තිබුණෙ.ඉතිං අපි ඉස්සෙල්ලම ගොඩ වෙන්නේ මහප්පගෙ ගෙදරට.ඒ ගෙදරට අයියලට අමතරව රාණි අක්කයි,ලොකු අම්මයි හිටියා.ඉතිං අපි ගිය ගමන් දුවලා යන්නෙ කුස්සියෙ බංකුව උඩට.
  • ලොකු අම්ම ඇඳ යට තිබිලා ගන්න සීතලම සීතල ලොකු ඇම්බුන් කෙසෙක් වලින් අපේ බඩ පිරෙන්වා.තව කෙසෙලේ එක්ක කන්න හකුරු ගුලි දෙනවා.ඒවා තියෙන්නෙ ඒ ගෙදර පැණි උණුකරල හකුරු හදන නිසයි.
තවක් රසබර තොරතුරු ඉදිරියට.............


Comments

ඉස්සර මම හිටියේ අපේ තාත්තලැයි මහ ගෙදර..ඒ ගෙදර එතකොට පවුල් දෙකක් උන්නා..අපි දවසේම සෙල්ලං කරනවා..තාත්තලාගේ අම්මලාගේ ගොයිතැන් වැඩට..පොල් වේලන වැඩට..පොල් වගාවේ වැඩකටයුතු වලට අපිත් පුංචි උනත් දායක වෙනවා..ඒවත් ටික වෙලාවකින් අපි සෙල්ලමක් බවට පත් කරගන්නවා..
ඒ කාලේ ගමේ හිටපු ගොඩක් අය එකිනෙකා ව දන්නවා..මං ටිකක් උස් මහත් වෙලා ආයෙම ගමේ ගියත් ගමෙ ඕනම ගෙදරකට ගොඩවෙලා තේවතුර එකක් බීල බත් ඩිංගක් කාල එන්න ඇහැකි..ඒ තරං එ් මනුස්සයෝ අනිකාට සලකන්න දන්නවා..
දැන් නම් ඒ ගම් උනත් වෙන්ස වෙලා..ගෙවල්‍දොරවල් හැමතැනම..තිබුන බැදිකුට්ටි වතු කෑලි ඔක්කොම අතුරුදහන් වෙලා ගිහින්..
ස්තූතියි මල්ලිෙයා් අත්දැකීම් ෙබදා ගත්තට

Popular posts from this blog

හයිද්‍රාබාද් සිට චෙන්නායි දක්වා දුම්රියෙන්

අපි ඉගෙන ගත්තෙ හයිද්‍රාබාද්වල NI-MSME යුනිවර්සිටි එකේ.අපේ ෆිල්ඩ් ට්‍රිප් එක තිබුණෙ චෙන්නායි,බැංගලෝර් සහ මයිසූර්. ඉතිං අපි මුලින්ම හයිද්‍රාබාද්වල ඉඳන් චේන්නායි වලට ගියා. අපේ කැම්පස් එකට විශාල බස් රථ කිහිපයක් පැමිණුනා.අපි සුව පහසු විදියට ඒවයේ වාඩි උනා.අපේ විශ්ව විද්‍යාල කැන්ටිමෙන් ලොකු කෑම පාරිසලයක් ලැබුණා.ඒත් එක්කම වතුර බෝතලයක් සහ ඇපල් ගෙඩියක් හම්බඋනා.අපි යූසුෆුඩා වල ඉඳන් සිකින්ද්‍රාබාද් දක්වා බස් රියෙන් ගමන් කලා. අපි පිටත් වෙද්දි කණ්ඩායමක් ඉතුරු උනා.ඒ අය ගැන අපිටත් අපි ගැන ඒ ගොල්ලන්ටත් ගොඩක් දුකයි.මොකද මාස දෙකක් එකට ඉඳලා වෙන්වෙන පළවෙනි අවස්ථාව ඒක. සහෝදරත්වයේ සෙවනැලි ,සහෝදරත්වයේ කඳුලු අපි දැක්කා.ගැහැණු පිරිමි බේදයක් තිබුණෙ නැහැ එතන.ඔක්කොම එකා වගේ ආදරෙන් සමුගත්තා.ඒ ගොල්ලො එන්නෙ ඊට පස්සෙ දවසෙ.ඒත් එයාලගෙ ගමන වෙනස්.ඒ ගොල්ලො ගමන් පටන් ගන්නෙ මයිසූර් වලින්. ඔන්න ඉතිං බස් එක දුම්රිය පොළට ආවා.අපි බැහැල අපේ ගමන් මළු අරගත්තා.ඊට පස්සෙ කට්ටයම පේලියකට දුම්රිය පොලට ගියා. අප්පා දුම්රිය පොල හරිම විශාලයි.සෙනඟ සූ ගාලා.ටිකක් සෙනඟ අඩු තැනක් බලල අපි කට්ටිය නැවතුණා.හැබැයි ඉතින් මුත්‍රා ගඳින් නම් අඩුවක් ති...

තාත්තේ*

කළු ගල් පේන්නැති ගිනි මද්දහන පස් කන්ද කඩාගෙන විල්බැරැක්කෙන් අදින තාත්තේ... කඩා දමන්නට මහ නියරෙ වක්කඩ  මහ පාන්දර නැඟිට කහට ඇඹින්දක්වත් නොබී කුඹුරු යන තාත්තේ.. මට ලෙඩ උනාම මගේ ඇඳ ලඟ ඉඳන් හිස අතගගා පිරිත් පැන් කරනා තාත්තේ.. ජීවිතේ මහ හුඟක් බර කරින් දරාගෙන නුඹ සෙවූ මිල මුදල් අපි අතර බෙදා දෙන ආදරණිය තාත්තේ.. කිසි සැපක් නැති උනත් දරුවන්ගෙ සැප බලා සිනාසෙන අදත් වෙනදා වගෙම රළු බොරළු බිම දෙපයින් ඒ උනත් රජෙක් මෙන් පා නගන තාත්තේ.. ඔබට අහිමිව ගියත් අපිට හිමි සැප සොයන අදත් සුවසේ හිඳින තාත්තේ.. මගේ ආයුෂත් ගෙන හිඳිනු මැන බෝ කලක් තාත්තේ...
අතීතයෙන් බිඳක්....... ඒ අසූ අට වසරේ මැද භාගයයි.උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයි. දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද ,කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කර ගක නොහැකිවිය. පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ.ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි. රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි. රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි. අයියා මේ වන විට කොළඹ විශ්ව  විශ්ව විද්‍යාලයේ  ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි.නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා තැබූ රැස්වීම් වල මුල්තැන ගත්තේ අයියායි. ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය. සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රළුය අපේ ගේ ලඟ නවත්වන්නෙඅපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.ඒදින බස් රළුය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගෙ නම කියා අමතනු ඇසුණි. තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වා...