Skip to main content

Posts

Showing posts from March, 2013
  නිලුපුල ඔබයි සිත් විල කළඹන නිසල බිමි කඩ ඔබයි කතරක දිය බිඳු ඉසින ඉඳුවර දෙනෙත් තුල නිකැලැල් බව සිඹින සෙනෙහස කොහේ සැඟවි යා දෝ විටෙක ඉරබටුවකින් අසමින් මග ගෙවා දුර වළාකඩින් වසමින් හිරු කිරණ මැඩ නොපෙනෙන තරු පොකුරු මැද හිඳ සිනාවෙන සිහසුන ඔබයි සෙනෙහේ දිය සතපවන මාලති මලින් මල්කම් කර කැටයමට විලිකුන් පඳුරකින් තොරණක් ගසා හැඩ සියොතුන් ඉගිලයනවිට දසතම පැතිර ඔබමයි මගේ හදවත දිනු සෙනෙහෙ විල

කවුළු පියන් පත් අතරින් සඳරැස් වැටිලා දිලිසෙන සීත රැයේ හිමින් හිමින් ඔබ වෙත එන්නට ඇත්නම් ඔබේ සුවඳ එක මොහොතක් විඳින්න ඇත්නම් සුමුදු සේද ඇතිරිලි මැද සුවසේ නිදනා පය මුල මොහොතක් වැතිරි නින්දක් නිදන්න ඇත්නම්,මොහොතක් සිතන්න ඇත්නම් සිහිනෙන් ඔබ මුමුණන විට හිමන් සැරේ සවන් යොමා පුංචි සද්දයක් නොකරම අහගෙන ඉන්නට ඇත්නම් හීන් සිනාවක් මුවඟෙහි නගන්න ඇත්නම් කවුළුව අතරින් හිරු රැස් මෝදුව එනවිට හිමිහිට අවදිව ඉන්නම් ඔබේ සුවඳ රැඳි කොට්ටය තුරුලට ගෙන එකම වරක් සිඹින්න ඇත්නම්.