Skip to main content

Posts

තාත්තගෙ ගම පසුගිය   දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි. එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය. මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි. තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය. අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනාට වඩ
Recent posts
ගොඩක් කාලෙකින් මගේ බ්ලොග් එකට ගොඩවදින්න බැරි උනා.නොයෙක් දෙනාගේ ඉල්ලීම් නිසා බ්ලොග් එක අතඅරින්න බැහැ. පෞද්ගලික හේතු මත ලියන එක ප්‍රමාද උනත් ඒ ඔක්කොම අමතක කරල  දිගටම ලියනවා කියලා මම හිතුවා. ඒ නිසා ලඟදිම ආයෙත් පුංචි කතාවක් එක්ක එකතු වෙමු. මාව දිරිමත් කල ඔබ සියලු දෙනාටම ස්තුතියි.
නි සල දියමත නැගෙන පෙණ පිඩු  සුළං රැළි වැද නටයි වැටි වැටි නැගෙන බිඳෙනා රලෙහි හැපි හැපි ඉරුගෙ රැස් යයි එතී දියඹෙහි සිනා සරකින් නැගෙන මදහස දෙතොල්පෙති මත රඟයි දිලි දිලි දෙකම්මුල් මත සැදෙන සුළියක නොකී රහසක් වීය බිඳි බිඳ පාට මලකට ඇදෙන මී මැසි කැලත විත් රඟ දෙමින් ඉගිලෙති මලේ ඇති රොන් ටිකෙන් ටික ගෙන මල තලා රොන් ගනී මී මැසි
හිස් අහස් කුස වළාකුළු ගෙන නුඹේ ගතවට......... .දවටමි දුහුල් සළුවක් වගේ ඔතමින් ගතට ලස්සන .........ගෙනඑමි දිදුල තරු කැට පොකුරු අතරින් එළිය ඇති තරු ..ගන්නෙමි එවන් තරු කැට දෙකක් අරගෙන නුඹේ කන් පෙති .සරසමි රන් තැටියවන් රවුම් සඳ දැක සිනාවෙන් මුව....... පිසිනෙමි එවන් සඳගෙන නුඹෙ ලමැදේ රන් මලක් ලෙස .......දවටමි රැයේ පිණිබිඳු තුෂර කැට ගෙන නුඹේ ගෙලවට .......දවටමි පැණින් මුකුලිත නුඹේ දෙසවන් අසා ඉන්නට ........ ලංවෙමි අඳුර බිඳගෙන වලා අතරේ නැගෙන සඳ ...............මනරම් සඳේ එළියට ඉඟි බඳින්නට පිපෙන තරු ...............මනරම් නැගී බැසයන සඳට ඉඩදෙන වළාපෙල .................මනරම් එයින් විසිකුරු නුඹේ වතනම් ඇත්තටම ................මනරම්
සඳ වතුරේ පෙණ පිඬු මැද හිනැහුණු සුදු සාවියේ නුඹත් එක්ක එක මොහොතක් කතා කරනු බැරිදෝ..... හිම කඳු යායක් අතරින් පාත් වෙලා එකම විටක් නුඹේ දෙතොල් පෙති හිමිහිට සිපගන්නට අවසරයි... හීන හතක් මැදින් ඇවිත් කවුළු දොරින් එබී බලන් සිහින තොටිල්ලට ගොඩවී සිනා නගන්නම් ඔබේ සිනා දැක ගන්නට පෙරුම් පුරන්නම්... ආකාසේ රන් පැහැයට දිදලුන රන් වන් අසපුවෙ කවුළු පියන් හැරදාලා තබලා තියන්නම්...ආයෙත් මගේ හීන නොදකින්නට පෙරුම් පුරන්නම් හද මැදුරේ ගී කියනා කුරුල්ලනේ නිහඬව ඉන්නම්.
  නිලුපුල ඔබයි සිත් විල කළඹන නිසල බිමි කඩ ඔබයි කතරක දිය බිඳු ඉසින ඉඳුවර දෙනෙත් තුල නිකැලැල් බව සිඹින සෙනෙහස කොහේ සැඟවි යා දෝ විටෙක ඉරබටුවකින් අසමින් මග ගෙවා දුර වළාකඩින් වසමින් හිරු කිරණ මැඩ නොපෙනෙන තරු පොකුරු මැද හිඳ සිනාවෙන සිහසුන ඔබයි සෙනෙහේ දිය සතපවන මාලති මලින් මල්කම් කර කැටයමට විලිකුන් පඳුරකින් තොරණක් ගසා හැඩ සියොතුන් ඉගිලයනවිට දසතම පැතිර ඔබමයි මගේ හදවත දිනු සෙනෙහෙ විල