Skip to main content

Posts

Showing posts from 2013
නි සල දියමත නැගෙන පෙණ පිඩු  සුළං රැළි වැද නටයි වැටි වැටි නැගෙන බිඳෙනා රලෙහි හැපි හැපි ඉරුගෙ රැස් යයි එතී දියඹෙහි සිනා සරකින් නැගෙන මදහස දෙතොල්පෙති මත රඟයි දිලි දිලි දෙකම්මුල් මත සැදෙන සුළියක නොකී රහසක් වීය බිඳි බිඳ පාට මලකට ඇදෙන මී මැසි කැලත විත් රඟ දෙමින් ඉගිලෙති මලේ ඇති රොන් ටිකෙන් ටික ගෙන මල තලා රොන් ගනී මී මැසි
හිස් අහස් කුස වළාකුළු ගෙන නුඹේ ගතවට......... .දවටමි දුහුල් සළුවක් වගේ ඔතමින් ගතට ලස්සන .........ගෙනඑමි දිදුල තරු කැට පොකුරු අතරින් එළිය ඇති තරු ..ගන්නෙමි එවන් තරු කැට දෙකක් අරගෙන නුඹේ කන් පෙති .සරසමි රන් තැටියවන් රවුම් සඳ දැක සිනාවෙන් මුව....... පිසිනෙමි එවන් සඳගෙන නුඹෙ ලමැදේ රන් මලක් ලෙස .......දවටමි රැයේ පිණිබිඳු තුෂර කැට ගෙන නුඹේ ගෙලවට .......දවටමි පැණින් මුකුලිත නුඹේ දෙසවන් අසා ඉන්නට ........ ලංවෙමි අඳුර බිඳගෙන වලා අතරේ නැගෙන සඳ ...............මනරම් සඳේ එළියට ඉඟි බඳින්නට පිපෙන තරු ...............මනරම් නැගී බැසයන සඳට ඉඩදෙන වළාපෙල .................මනරම් එයින් විසිකුරු නුඹේ වතනම් ඇත්තටම ................මනරම්
සඳ වතුරේ පෙණ පිඬු මැද හිනැහුණු සුදු සාවියේ නුඹත් එක්ක එක මොහොතක් කතා කරනු බැරිදෝ..... හිම කඳු යායක් අතරින් පාත් වෙලා එකම විටක් නුඹේ දෙතොල් පෙති හිමිහිට සිපගන්නට අවසරයි... හීන හතක් මැදින් ඇවිත් කවුළු දොරින් එබී බලන් සිහින තොටිල්ලට ගොඩවී සිනා නගන්නම් ඔබේ සිනා දැක ගන්නට පෙරුම් පුරන්නම්... ආකාසේ රන් පැහැයට දිදලුන රන් වන් අසපුවෙ කවුළු පියන් හැරදාලා තබලා තියන්නම්...ආයෙත් මගේ හීන නොදකින්නට පෙරුම් පුරන්නම් හද මැදුරේ ගී කියනා කුරුල්ලනේ නිහඬව ඉන්නම්.
  නිලුපුල ඔබයි සිත් විල කළඹන නිසල බිමි කඩ ඔබයි කතරක දිය බිඳු ඉසින ඉඳුවර දෙනෙත් තුල නිකැලැල් බව සිඹින සෙනෙහස කොහේ සැඟවි යා දෝ විටෙක ඉරබටුවකින් අසමින් මග ගෙවා දුර වළාකඩින් වසමින් හිරු කිරණ මැඩ නොපෙනෙන තරු පොකුරු මැද හිඳ සිනාවෙන සිහසුන ඔබයි සෙනෙහේ දිය සතපවන මාලති මලින් මල්කම් කර කැටයමට විලිකුන් පඳුරකින් තොරණක් ගසා හැඩ සියොතුන් ඉගිලයනවිට දසතම පැතිර ඔබමයි මගේ හදවත දිනු සෙනෙහෙ විල
නිලුපුල ඔබයි සිත් විල කළඹන නිසල බිමි කඩ ඔබයි කතරක දිය බිඳු ඉසින ඉඳුවර දෙනෙත් තුල නිකැලැල් බව සිඹින සෙනෙහස කොහේ සැඟවි යා දෝ විටෙක ඉරබටුවකින් අසමින් මග ගෙවා දුර වළාකඩින් වසමින් හිරු කිරණ මැඩ නොපෙනෙන තරු පොකුරු මැද හිඳ සිනාවෙන සිහසුන ඔබයි සෙනෙහේ දිය සතපවන මාලති මලින් මල්කම් කර කැටයමට විලිකුන් පඳුරකින් තොරණක් ගසා හැඩ සියොතුන් ඉගිලයනවිට දසතම පැතිර ඔබමයි මගේ හදවත දිනු සෙනෙහෙ විල
කවුළු පියන් පත් අතරින් සඳරැස් වැටිලා දිලිසෙන සීත රැයේ හිමින් හිමින් ඔබ වෙත එන්නට ඇත්නම් ඔබේ සුවඳ එක මොහොතක් විඳින්න ඇත්නම් සුමුදු සේද ඇතිරිලි මැද සුවසේ නිදනා පය මුල මොහොතක් වැතිරි නින්දක් නිදන්න ඇත්නම්,මොහොතක් සිතන්න ඇත්නම් සිහිනෙන් ඔබ මුමුණන විට හිමන් සැරේ සවන් යොමා පුංචි සද්දයක් නොකරම අහගෙන ඉන්නට ඇත්නම් හීන් සිනාවක් මුවඟෙහි නගන්න ඇත්නම් කවුළුව අතරින් හිරු රැස් මෝදුව එනවිට හිමිහිට අවදිව ඉන්නම් ඔබේ සුවඳ රැඳි කොට්ටය තුරුලට ගෙන එකම වරක් සිඹින්න ඇත්නම්.
සීතල අතරින් පෙරි පෙරි මීදුම් සිරි ගලන වෙලේ කවුලුව අතරින් ඇවිදින් හිනැහී යන්න සිහිනෙන්වත් හෙමින් සැරේ නුඹෙ දෙනුවන් තුලම රැඳෙන්න ගී කියනා කුරුල්ලන්ට රස රහසක් කියාදෙන්න කුරුල්ලනේ නුඹලා ගී ගයනවා නේද ආසයි මම ඒ ගීතය අහගෙන ඉන්න... වළා පෙලින් එහා සඳේ ආවාටය මැද හිඳගෙන පොළෝ ගැබට බැලුම් හෙලන්න තරු පොකුරක සැඟවීගෙන ආයෙත් එක සැරයක්වත් ඇවිදින් යන්න නුඹේ සුසුම් පොදින් නැහැව ජීවිත ඟඟ ගලාන යන්න ආසයි මම එකම වරක් ඔබව දකින්න... දුරුතුමහේ සීතල මැද කිටි කිටියේ දෑත් බැඳන් ඔබත් එක්ක මල් පාරේ ඇවිදන් යන්න නිසල විලට වැටි මල්වල සුවඳ රදන්න ඒ විල මැද මානෙල් මල විලස හිඳින්න සීතල උදයක සුපිපුණු නුඹෙ කම්මුල් දෙක අතර එකම වරක් තොල් පෙති මත තිලක තියන්න ආසයි මම නුඹෙ උණුසුම ලඟම රැදෙන්න