Skip to main content

Posts

Showing posts from January, 2012
මම පෙම් බැන්දට
දිදුලන පහන් තරුවට
ඇය පෙම් බැන්දෙ
විසල් අහසට.

සඳ පිරිවරා තරුකැළ
සිටියාට
සඳ සිසිළ ලැබුනද
තරුවට..

හිතුවට ඔබ
පෙම් කරනබව
හිස් අහස නොව
රැවටුනේ මම
මොන තරම්
චණ්ඩ වුවමේ මහා සමුදුරට
ආදරෙයි මහ හුඟක්..

සුදුපාට පෙණ කැටිති
වෙරලෙ විත් හැපි හැපී
අවසාන බිංදුවත්
ශේෂ වී යයි බිඳි..

හිස් අහසෙ
තනියෙන්ම
පියාඹනවා
දකිනතුරු ගොඩබිමක...

පාවෙලා ආවොතින් ආයෙමත්
කියන්නට තියෙනවා
මහ හුඟක්..

වෙරල මත හැපී හැපී
පෙණ කැටිති බිඳ දමන
බිඳෙන රල වගේමයි
ජීවිතෙත්...


අහිමි පෙමට ලියන වග...

සරා සඳ වැහීගෙන වළාපෙළ නැගෙනවිට
තරු රෑන පිරිවරා සඳ අහසෙ දිලෙනවිට
හුදකලාවම ඉඳන් බලාගෙන සිටිනවිට
සිහිවුනා පෙරදිනක ඔබේ ඔය උවන මට

ආදරෙන් එක්වෙලා ජීවිතය සොයන්නට
මොනතරම් පැතුම් මල් පැතුවාද අපි එකට
පියවරෙන් පියවරට ගියත් අපි එක පෙළට
සමුදෙන්න උනේ ඇයි ජීවිතෙන් මොහොතකට

සෙනෙහසින් තුරුලුකර මා වැළඳගත්තාට
ඔබේ උණුහුම අදත් දැනෙනවා මට හොඳට
ඔබ ගියේ ඇයි දුරක ආයෙ යළි නොඑන්නට
මගේ හිත ඔබ ගාව තියෙනවා හැමදාට

වෙන්වෙන්න සිතුවාට කමක් නැහැ ඉතින් මට
ගියානම් සමුනොගෙන ඇත්තමයි ඈතකට
මේ තරම් කඳුලු වැල් දුන්නෙ ඇයි මගේ නෙතට
නොකියාම ගියානම් දුකක් නැහැ මගෙ හිතට.



ඔබට කියමි මම

රෑ අඳුරෙ එළියකල රැස් දහර
ගලායන දොළපාර මැද දිලෙන
බිඟුනාද ඇසුනාට නොසැලෙන
සුපිපි මල් ලස්සනද කොච්චර..

ගඳපාන මල් වල සුවඳට
ඇදෙන බිඟුකැල දැක කුල්මත්ව
නටන විට මකරන්ද දැක දැක
බිඟු යාද ඈත්වි දුරකට...

බකමූණො උලමුන්ද වවුලන්
සැතපේවි කොතැන හෝ නිහඬව
නැගෙන්නට පෙර හිරු කිරණ
ඉගිලේවි ඈතකට ඈතකට..

නැගි සඳේ සිහිලෙන් නැහැව
සිතද්දි සිහිනෙන් නැගිට
ඔබව සතපාවි මොහොතක්
නොලියවුනු කවියක පදයක්.

මළගම

උඩුවියන් බැඳලා
හැඩකාර පෙට්ටියක තබලා
සේද වැඩ දමලා
මුලු ගතම විය මලින් සරසා..

සුවඳ පොද පොද ඉස
නෙත කඳුලු පිස දම දම
සුදු වතින් සැරසීගෙන
සිටී හැම අනෙකාට පෙනුමට..

උඩුවියනට උඩින්
මට ගතු කියති ඇතැමෙක්
මගෙ පවුලේ උන් විත්
සතුට හඟවති හොරැහින්

පෙට්ටයේ මිලගැන
මළගමේ වියදම් ටික
නිවාස ණය ගැන පොළිය ගැන
කියයි ඉදහිට දරුවන්..

මගේ මළගම දැක
සිටිනු නොහැකිය තව මට
විගසින් නැගිටගෙන
ආමි යළි මේ ලෝකෙ දැකුමට..

අඳුර

රඟහල ඈත කොණ
අඩ අඳුර පරදන
නිල් ,රතු,කහ පාට
නිවි නිවී දැල්වෙන
එළියෙන් දකිමි -මම
මම...

අඩක් වැසි ඇඳුමට
දිගු අඩි පාවහන් ගැලපුන
තොල් සහ නිය පාට කල
කොණ්ඩය කැරලි කර
දිලිසෙන දෙනයන
යොමා දුර
ඈතට...

එනතුරු ගැණුම්කරු
හිඳිමි මග බලාගෙන
සතුටින්ද දුකින්දැයි
කියන්නට බැරි තරමට
හිත වෙලාගෙන බර
ඒත් මුදලට සිතැතිව..

මධු බඳුන පිරුණා
දෙතොලග හාදු පිදුනා
දුම් වැටිය දැවුනා
පැය ගණන් ගෙවුනා
පිරිමි ගත සතපා
ඉවතකට හැරුණා.

අතීතය සහ වර්තමානය

පොකුටු කෙස්
දිගු දෑස්
පිරීගිය
දෙකම්මුල්..
මුව පිරුණු
සිනා කැන්
බර සහිත
දිගු දෙපා...

අද

පොකුටු හිසකෙස් වැටී
දිගු දෑස්
මිලින වී
දෙකම්මුල්
වල ගැසී
හකුපාඩ
ඉලිප්පී..
දිගු දෙපා
හරි හෙමින්
සිනාකැන්
දුර ගිහින්....

වසර විස්සකට
පසුව මට මුණ ගැසුණු
මගේ පෙම්වත ඔබත්
මම මෙන්ම
දිරා ගොස්..

බලි කුරුටු..

මහ රැයක අවදිවී
කඩා නිදි ගැට වැරෙන්

සිතට ආ අකුරු ටික
ගැට ගැසුව හෙමි හෙමින්

පද පේලි ලියවිලා
කුරුටු බලියක් ලෙසින්...

හිතන්නට ඉඩක් නැති
පොඩි ඉඩක පමාවෙන්

මුහුණු පොත දකිනවා
බලි කුරුටු සිත් ලෙසින්

ලයික් එක දෙක වැටි
කොමෙන්ටුත් වැටෙනවා

ඒ බලිය කවියක්ව
දස අතේ සරනවා.

අවසන් ගමන් ගිය අප්පච්චිට...

මූසලම මූසල 
හැන්දැවක
ගේ ඉස්සරහ
කොස්ගහේ වහපු
උලමෙක් හඬගෑවා...

නිදාගන්න ගියත්
නින්දගියෙ නෑ
විනාඩියකට දෙකකට
ඇස් දෙක
පියවෙන්න ඇති...

එකපාරටම
කෑ ගහන ශබ්දයක්
තාත්තගෙ වැල් ඇදෙන්
ඇහෙනවා..
දනි පනි ගාලා
දුවලා ගියා මම...

වාහනයක් හෙව්වත්
හොයාගන්න බැරි උනා
පුටුවක ඉන්දවලා
කරින්
අරගෙන ගියා..

ඉස්පිරිතිලෙ
පෙනෙන මානයේ
තාත්තව එක
පාරටම ගැස්සුනා
දරදඬු වෙලා
සීතල උනා...

හේනෙ කුඹුරෙ දඟලල
වැඩ කරපු තාත්තා
කන්න ගත්ත බත් ඩිංග
නොකා අපට දීපු තාත්තා
අවසන් ගමන් ගියා....

ගුරුතුමිය...

පොඩි පංති කාමරයෙ
ඔබ අකුරු කරන කොට
ඉඳන් මම ඔබ ගාව
ඔබේ හැඩ බලන්නෙමි
ඔබේ හඬ නැගෙන විට
තිගැස්සී බලන්නෙමි

ලස්සනට ඔසරියෙන්
සැරසිලා ඉන්නකොට
බැඳි කොණ්ඩෙන් මුහුණෙ
හැඩය තව දකින්නෙමි
ඉනට බැඳි හවඩියේ
සිළි සිළිය අසන්නෙමි

හුණු කූර අල්ලගෙන
බිත්තියේ ලියනකොට
ඔබේ දිගු වරලසේ
හැඩය මම දකින්නෙමි
දිගු ඇඟිලි නිය පිරුණු
ලස්සනයි සිතන්නෙමි

රවුමකට පුටු තියන්
අපි කවක් කියනකොට
ඔබේ හඬ මොනතරම්
මිහිරිදැයි සිතන්නෙමි
ඔබේ පොඩි නැටුමකින්
තවත් හැඩ දකින්නෙමි

පාසලින් සමුගත්ත
අවසාන දිනේදිත්
ඔබෙ දයාබර හඬම
යළි යළිත් ඇසෙන්නෙමි
තබා හිස දෙපා මුල
බැති සිතින් පුදන්නෙමි