පුළුන් වු වළා පොදි හංගාන අස්ගැබ සද සිසිළ මැකීගෙන යාවි තරු දිලි දිලිම.. සියොත් කැළ නිදිවනම කියයි කිචි බිචි හඬින තරුවලට හොරෙන්විත් රඟයි මඳ බමර තුඩ.. මල් තලා රොන් අරන් ඉගිල යන බමර තෙම මලේ සුවඳත් අරන් නික්ම යන අරුම කිම. රැයට ඇදෙනා මලට සුවඳ ඇතිවත් එමට මලේ කිසි ලස්සනක් තියේවිද කිසිවිටක.. මලින් මල පියාඹන මේ පුංචි බමර තෙම ලෝකයක් තනන්නට උරදේවි නොදනීම. Viewing 1 - 1 of 1
මට හැඟෙන දේ පිළිබඳ සටහන් තබමි මෙලෙස...- by Subhashine Gunawardana