හෙට උදේ ගොයම් කපන්න තියනවා
පාඩම් කරන අතරෙ
යන්තමින් වගේ මට ඇහුණා....
හවස වැඩ ඇරිලා ආපු තාත්තා
හරි හරියට වැඩ....
දෑකැති හොයනවා
වටිටි පිහිදානවා.............
ටිකකින් කාලා අපි නින්දට ගියා.
උදේ පාන්දරම
ලොකු දුවේ,ලොකු දුවේ නැගිටින්න
තාත්තා කතා කරනවා
මං හිතුවේ ඉස්කෝ ලො යන්න වෙන්න ඇති කියලා
ලොකු දුවේ අම්මට සනිප නෑ...
අද ගොයම් කපනවා
කොහොමද මේවා කරගන්නේන
තාත්තා කියනවනවා.......කොහොම හරි කරමු
මං කිව්වා.........
සතියකට දවස් දෙක තුනක්
අම්මට ඇදුම හැදෙනවා...
ඒත් අපේ වැඩ පොඩ්ඩක්වත්
පාඩු වෙන්න දෙන්නෑ අම්මා.
උදේට ඉව්වා..........දවාලටත් ඉවිවා.........
වම්බටු මාලුවක් ..කරෝල හොද්දක්.පොල් සම්බලයක්..එක්ක .
ඒත් ඉතිං ගෙදර නවතින්න විදියක් නෑනේ
අම්මට කසාය ටික තම්බන්නත් ඕනි
මොනව කරන්නද මන්ද.
ලොකු මුට්ටියක් අරන් වතුර පත් අටක් මැනල
මුට්ටියට දාල ලිපේ තිබ්බා..
හොදට ගින්දර දාලා
පොල් ලෙලි ටිකකුත් දාලා.
ඉක්මනට ඇදගත්තා බස්එක යන්න කලියෙන්.
ඉස්කෝටලෙදි පන්තියේ යාලුවො එක්ක එකතු උනාමපොඩ්ඩක්වත් ගෙදර මතක් වෙනනේ නැ.
හරිම සතුටින් කාලය ගෙවිලා යනවා....
හවසට ගෙට ගොඩවෙනකොට තමයි
අම්මගේ අසනීපො මතක් උනේ
උදේ ලිප තියපු කසාය හැලියගානට තැම්බිලා
ඒක පෙරලා අම්මට දුන්නමඅමාරුවෙන් මං දිහා බලල,කෑවද අහනවා...
ලෙඩ උනත් හිත අපි ගාවමයි.
කොටපු හාල් ඉවර වෙලා
ඉරිදා තම්බපු හාල් ටික මෝලට ගෙනියන්න ඕනි.
සෙරෙප්පු දාන්න තහනම් ගමේ ඇවිදිනකොට
ඒක තාත්තගේ නියෝගයක් අපට.
වී ටික ඔලුව උඩ තියාගෙන වී මෝලට යනවා
වී කොටන්න...ගෙදර ඇවිත් වි පොළලා
රෑට බත් උයන්නත් එපායැ ඉතිං.
හෙමීහිට කාමරයට ගිහිං
අම්මට කොහොමද බැලුවා හොදටම නින්ද ගිහිං
පව් අම්මා හරිම අහංසකයි.
මේ කරුම ලෙඩේ නැත්තං කොච්චර හොදද.
අතීතයෙන් බිඳක්....... ඒ අසූ අට වසරේ මැද භාගයයි.උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයි. දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද ,කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කර ගක නොහැකිවිය. පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ.ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි. රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි. රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි. අයියා මේ වන විට කොළඹ විශ්ව විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි.නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා තැබූ රැස්වීම් වල මුල්තැන ගත්තේ අයියායි. ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය. සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රළුය අපේ ගේ ලඟ නවත්වන්නෙඅපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.ඒදින බස් රළුය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගෙ නම කියා අමතනු ඇසුණි. තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වා...
Comments