ගං ඉවුරු තලාගෙන
වහින මේ
මහ වැස්ස
දෙපස ඇති ගස් කොළන්
ගඟ තුලට නමාගෙන
බොරපාට මඩ වතුර
ගඟ දිගේ ගලාගෙන
භයංකර බවින් විත්
ගලා යයි හැමතැනම..
ගඟ ගලන වේගයට
පොල් පුවක් ගසාගෙන
දැව දඬුද වේගයෙන්
ගලා යයි මුහුදටම..
මේ වතුර කොහි සිටන්
එන්නෙදැයි මට කියන්
මේ වතුර ගලන්නේ
කොහෙටදැයි මට කියන්
ගං ඉවුරු කඩාගෙන
ගම් බිමිද සෝදාන
ගලයි ගඟ හෝ හඬින්
ඉවුරු කොණ බිඳිගෙන.
වහින මේ
මහ වැස්ස
දෙපස ඇති ගස් කොළන්
ගඟ තුලට නමාගෙන
බොරපාට මඩ වතුර
ගඟ දිගේ ගලාගෙන
භයංකර බවින් විත්
ගලා යයි හැමතැනම..
ගඟ ගලන වේගයට
පොල් පුවක් ගසාගෙන
දැව දඬුද වේගයෙන්
ගලා යයි මුහුදටම..
මේ වතුර කොහි සිටන්
එන්නෙදැයි මට කියන්
මේ වතුර ගලන්නේ
කොහෙටදැයි මට කියන්
ගං ඉවුරු කඩාගෙන
ගම් බිමිද සෝදාන
ගලයි ගඟ හෝ හඬින්
ඉවුරු කොණ බිඳිගෙන.
Comments