සිත තෙමන සුසුමින් නැහැව
නෙතු කෙවෙනි කඳුලින් යුතුව
හද දවන ගින්දරෙන් මතුව
ලියා තබනෙමි මම මෙලෙස...
අසා බොරු වඳන් රට්ටුන් කියන
කිමද මා ගැන සැකක් නිතරම
අපවාද අසා දැන් මට හොඳටම ඇතිය
සමුගනිමි ඔබෙන් මම තිරව..
තබා ඔබ දෙපාමුල මහිස
වදිනෙමි ඔබව බැතියෙන
නොකලමුත් පවු කිසිදින
සමා වුව මැන ඇත්නම් වරද..
මිතුදම දිගුයි බොහෝකල්ම
එනමුදු නොමැත ඔබ මා හැඳින
නිතොර වෛරී සිතින් පසුවන
මා ගැන ඇයි මුසා බස් තොපට...
නොවියලුණු කඳුලු බිඳු ඇතිව
රත්වු දෙනෙත් තදකරගෙන
හිදිනෙමි මම දිනක
ඇත්ත ඇති සැටි දැනෙන තෙක් ඔබට.
නෙතු කෙවෙනි කඳුලින් යුතුව
හද දවන ගින්දරෙන් මතුව
ලියා තබනෙමි මම මෙලෙස...
අසා බොරු වඳන් රට්ටුන් කියන
කිමද මා ගැන සැකක් නිතරම
අපවාද අසා දැන් මට හොඳටම ඇතිය
සමුගනිමි ඔබෙන් මම තිරව..
තබා ඔබ දෙපාමුල මහිස
වදිනෙමි ඔබව බැතියෙන
නොකලමුත් පවු කිසිදින
සමා වුව මැන ඇත්නම් වරද..
මිතුදම දිගුයි බොහෝකල්ම
එනමුදු නොමැත ඔබ මා හැඳින
නිතොර වෛරී සිතින් පසුවන
මා ගැන ඇයි මුසා බස් තොපට...
නොවියලුණු කඳුලු බිඳු ඇතිව
රත්වු දෙනෙත් තදකරගෙන
හිදිනෙමි මම දිනක
ඇත්ත ඇති සැටි දැනෙන තෙක් ඔබට.
Comments