Skip to main content

මල හා බමරා


පුළුන් වු වළා පොදි
හංගාන අස්ගැබ

සද සිසිළ මැකීගෙන
යාවි තරු දිලි දිලිම..

සියොත් කැළ නිදිවනම
කියයි කිචි බිචි හඬින
තරුවලට හොරෙන්විත්
රඟයි මඳ බමර තුඩ..

මල් තලා රොන් අරන්
ඉගිල යන බමර තෙම
මලේ සුවඳත් අරන්
නික්ම යන අරුම කිම.

රැයට ඇදෙනා මලට
සුවඳ ඇතිවත් එමට
මලේ කිසි ලස්සනක්
තියේවිද කිසිවිටක..

මලින් මල පියාඹන
මේ පුංචි බමර තෙම
ලෝකයක් තනන්නට
උරදේවි නොදනීම.


Comments

Popular posts from this blog

ජිවිතය
හරිම පුදුමයි,
වසර ගණනක් එකට හිටිය සහෝදර බැම්මෙන් බැඳුනු යහළුවන්
මේ විදියට එකිනෙකාගෙන් දුරස්ව..කොහොමද ඉන්නවද කියලා.මටම පුදුමයි.
මට මතකයි දවසක් පුංචි කාලේ ඉස්කෝලෙදි යාළුවෙක් මන් එක්ක තරහ උනා.ඒ වෙන කෙනෙක්ගෙ කේළමක් අහල.
ඒත් වසර ගණනාවකට පස්සෙ එයාට හිටිය හොඳම යාලුවා උනේ මම.
මොනතරම් ප්‍රශ්න ආවත් එකිනෙකා තේරුම් ගන්නවනම් කවදාවත් යාලුකම බිඳෙන්නෙ නැහැ.ඒත් එහෙම නොවන නිසාම දැන් අතරමඟ යහලුකම හිරවෙලා.
මමත් ආසයි ජීවිතයෙ ඇත්ත දකින්න.
ඇත්තට ආදරය කරන්න.
බොරුවට කවදාවත් තැනක් නැහැ.
ඇත්ත හැමදාම එළියයි.
අඳුරක් ඇත්තෙම නැහ.

දුරු රට ගිය අයියාට

අතීතයෙන් බිඳක්....2 වන කොටස

පද්මසිරි ත්‍රිමා විතාන නම් වෛද්‍ය සිසුවා ඝාතනය විය.එදින අප නිවසේ කෑම පිසුවේ නැත.කිසිවකුට බඩගින්නක් පැමිණියේද නැත.අම්මා රත්කර තිබු යමක් කෑමට වෙනදා රණ්ඩු වෙන අපි එදින ගොළුවන් සේ කාමර තුලටම වී කල් ගෙවූහ.
හදිසියේම ගේ ඉදිරිපස සුදු කොඩ්යක් දැමියයුතු යැයි මට සිත්විය.මා ලඟ තිබු සුදු රෙද්දක් මසා විශාල ප්‍රමාණයේ කොඩියක් දැම්මෙමි. මෘත දේහය බැලීමට යාමට සිත් වුවත් තාත්තාගෙන් ඒ ගැන විමසීමට සිත් නොදේ.නංගීත් මමත් බෙහෝම අමාරුවෙන් වචන සිර කරගෙන සිටියෙමු.
එහෙත් එක් වරම තාත්තා අපිට කතා  කලේය."ලොකු දුවේ අපි ත්‍රිමාව බලන්න යමුද" කියා ඇසුවේය.අපි එකවරම හා කියා කීවෙමු. ඊට පසු දින අපි කොළඹ වෛද්‍ය පීඨයට යාම සඳහා රත්නපුර නගරයට ගියෙමු.රත්නපුර සිට කොළඹ බලා එකම බස් රථයක් හෝ ගමන් නොකරන බව අපිට බස් නැවතුම් පොලෙන් දැනුම් දෙන ලදි.තාත්තා ආපසු යාවියැයි බියක් මට ඇති විය.එහෙත් තාත්තා මට වඩා කල්පනා කාරි විය.
ටික වේලාවක් කල්පනා කල තාත්තා පානදුර බසය වෙත ගමන් කර දුවේ අපි හොරණට ගිහිං කොළඹට යං  යයි පැවසීය.අපි පානදුර බසයේ නැග හොරණට ලඟාවීමු.
හොරණින් කොළඹ බසයට ගොඩවී අපි වෛද්‍ය පීඨයට ලඟාවිමු.
මහා ජන…