Skip to main content
අතීතයෙන් බිඳක්.......

ඒ අසූ අට වසරේ මැද භාගයයි.උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයි.
දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද ,කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කර ගක නොහැකිවිය.
පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ.ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි.
රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි.
රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි.
අයියා මේ වන විට කොළඹ විශ්ව 
විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි.නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා තැබූ රැස්වීම් වල මුල්තැන ගත්තේ අයියායි.
ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය.
සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රළුය අපේ ගේ ලඟ නවත්වන්නෙඅපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.ඒදින බස් රළුය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගෙ නම කියා අමතනු ඇසුණි.
තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වාතාවරණය නිසාය.

මා ක්ෂණයකින් ඉදිරි දොර වෙත ගොස් එය විවෘත කරන ලදි.යම් පැහැදිලි කිරීමක් කරන ලද අතර මා අයියාගෙන් ගෙට ගොස් ඒ පිළිබදව විමසීමි.අයියා ඉදිරියට පැමිණ ඔහුට ගෙට එන්නට ආරාධනා කලේය.
ප්‍රමාණයෙන් ඉතා කුඩා කළු පැහැපත් සමකින් යුතු තීක්ෂන දෙනයනකින් හෙබි මේ පුද්ගලයා අපේ ගෙදර සාලයේ තබා තිබු රතුපාට කුඩා කුෂන් පුටුවක වාඩි ගත්තේය.


හේ නමින් පද්මසිරි ත්‍රිමාවිතාන නම් විය.


ඉන්පසු එළැඹියේ තාත්තාගේ ප්‍රශ්න වලට පිලිතුරු දීමේ වාරයයි.නොයෙකුත් ප්‍රශ්න රාශියක් තාත්තා විසින් අසන ලද අතර ඉතා සංයමයෙන් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන ලදි.

ඉන්පසු අයියා සමග ටැංකිය ලඟට ගොස් නා ෂර්ට් එක සෝදා ගෙයිම වැනූ ඔහු රාත්‍රි ආහාර ගෙන නින්දට වැටුනේය.

පාන්දරින් අවදිවි යන්නට සැරසෙද්දි තාත්තා ඔහු අත මුදලක් තැබූ බව මට මතකයේ ඇත.ඒ විතරක්ද නොවෙයි දවල්ට කන්නේ නැති බව පැවසීම නිසා දවල් ආහාරයට බත් මුලක්ද බැද දුන්නා මට මතකයි.
ඉන්පසු හැමදාමත් මේ විදියට රාත්‍රි ඔහුගේ නවාතැන් පොල වූයේ මගේ නිවසයි.
මගේ අම්මා නිතරම අසනීපයෙන් පසු වූ නිසා ගෙදොර ඉවුම් පිහුම් කටයුතු කෙරුණේ මා අතිනි.මා උයන විට කුස්සියට පැමිණ මා කතාවට අල්ලා ගන්නා ඔහු හැමවිටම හොඳින් ඉගෙන ගන්නා ලෙස පැවසීය.
විටෙක මා පිසින කරවල කෑල්ල  විශාල වැඩි බව පවසන ඔහු තවත් වේලකට එය පිරිමසා ගතහැකි බව පවසයි.
හැමදාමත් දවාලට බත් මුලක් බැඳ දුන් අතර රාත්‍රියේ පැමිණි පසු ලොකු නංගියෙ අද බත් එක නම් රසයි කියා පවසයි.

එහෙත් දිනක් අපේ ගෙදරට තවත් වෛද්‍ය සිසුවෙක් පැමිණි අතර ඔහු තාත්තා සමඟ ත්‍රිමාවිතාන ගැන යමක් පවසන ලදි.ඉන්පසු තාත්තා අයියාව ගෙදරි පිටත් කර හරිනු ලැබීය.


රාත්‍රියේ ගෙදරට එන ත්‍රිමාවිතාන මේ බවක් දැන ගත්තද ඔහුට යන්නට වෙන තැනක් නැත.ඔහු දිගටම අපේ ගෙදර ආවේය.දිනක් තාත්තා ඔහුට ගෙදරට එන්නට එපා කියන්නට සැරසෙද්දී මම තාත්තා සමඟ බහින් බස් වූයෙමි.
තාත්තා පැවසුයෙ අම්මාගෙ අසනීපය නිසා උයන්නට කෙනෙකු නොමැති බවකි.
එහෙත් එය මට කල හැකි බවත් ඔහුට තව දුරටත් නිවසේ නතර වීමට ඉඩදෙන ලෙසත් මා පියාගෙන් ඉල්ලු අතර,ඒ සඳහා අවරය ලැබුණි.


ඔය විදියට සෑහෙන කාලයක් අපේ ගෙදර නාවාතැන් ගත් මේ සොයුරා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් බව දැන ගන්නට ලැබුණා.රාත්‍රියට විශාල ප්‍රමාණයේ පෝස්ටර් අදින ඔහු එක කොළයක් හෝ අපතේ නොයවයි.
අපි ඒ දෙස බලා සිටින්නෙ පුදුමයෙනි.එක අකුරක් ප්‍රමාණයෙන් අපිට සමානය.අපි කොළයක් ඉල්ලුවොත් කියන්නෙ නාස්ති කරන්න කොළ දෙන්න බැ කියලයි.
එක් දිනක් අපේ තාත්තා ඔහුට කලිසමක් මසා ගන්නට කලිසම් රෙද්දක් දුන්නේයි.එදින ඔහු අපේ තාත්තාගේ දෙපතුල් අල්ලා වැද සමුගත්තේය.කලිසමේ සාක්කුවේ අඩිය හොදටම හිල්වී ඇති නිසා මේස් එකක සල්ලි දමාගෙන යයි.
කාලය  ගෙවී ගිය අතර රටේ තත්වය ඉතාම බිහිසුණු විය.ඒත් ඔහුට අපේ නිවස ආරක්ෂිත විය.
එක් දිනක් ගෙදර පැමිණි ඔහු උදෑසන බසය එනවා ඇසුණු විට සෙරෙප්පු පයලා දුවන්නට සැරසුණි.කකුල් දෙක මාරුවී සපත්තු දෙක දමා ගත්විට නංගිත් මමත් හිනා වුණේ *අනේ දොස්තර මහත්තයට කකුල වැරදිලා*කියලයි,
ඒ වෙලාවේ ඔහු අපි දෙදෙනා දිහා බලාගෙන අහිංසකව සිනාසුනේය.ඒ ඔහුගේ අප දැකි අවසන් සිනාවයි.
ඉන් දිනකට පසු සාහසිකයින් විසින් පද්මසිරි ත්‍රිමාවිතාන සොයුරා ඝාතනය කරන ලදී .නිකම්ම නොවේ*සාහසික ලෙස* ඝාතනය කරන ලදි.

මතු සම්බන්ධයි........











Comments

කෝ කලින් ලිපියේ ඉතිරි ටික...
Bindi said…
සංවේදී සටහනක්.

කුඩා අපත් සන්ත්‍රාසයෙන් , කෝපයෙන් පිරවූ සිද්ධියක් .



Anonymous said…
ත්‍රීමගේ ඉස්කෝලේ අම්බලන්ගොඩ ධර්මාශෝක නේද ?
Anonymous said…
ත්‍රීමගේ ඉස්කෝලේ අම්බලන්ගොඩ ධර්මාශෝක නේද ?
ItalyDilan said…
ගොඩක් කාලෙකින් ආයේ බ්ලොග් එක පටන් අරගෙන අලුත්ම සටහනකින්
ඉතා සංවේදී සටහනක්,
ඔබට තවත් ඔහු ගැන කතා ඇති, ඒවා දමන තෙක් බලා සිටිනවා
ඉතා සංවේදී සටහනක්,
ඔබට තවත් ඔහු ගැන කතා ඇති, ඒවා දමන තෙක් බලා සිටිනවා
ItalyDilan

ඔව් මල්ලි,ලද විවේකයෙන් ආයෙත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.ස්තුතිය මා සමඟ රැදි උන්නාට.
නියමයි,
අපි ත්‍රිමාලා, බාලෙලා ගැන දන්නේ කැම්පස් එකේ අපි අහපු දේවලුයි, සමාජයෙන් නිතර කතාවෙන දේවලුත් විතරයි,
ඔබට ඔහුව ලගින් ඇසුරු කර නිසා ඒ සංවේදී ජීවිත් ගැන තව කතා ඇති

"මේ කොමෙන්ට් කරන විදිහ වෙනස් කරන්න අක්කේ, කොමෙන්ට් බොක්ස් එක පෝස්ට් එකේ යටින් වැටෙන විදිහට හදන්න"
Sumith Niriella said…
ආයෙත් ලියන්න පටන්ගත් එක ගැන සතුටුයි.

ත්‍රීමා ගැන දේශපාලනයෙන් තොරව ලියන්න පුළුවන් අය ඇතොත් ඒ සුභා අක්කා වැනි ටික දෙනයි.

බොහෝ අය ත්‍රීමාව දේශපාලන වෙළදපොළ තුළ අලෙවි කළාට ඔහු "ගැන" කියන්නට කිසිවෙකුත් නැත.
Anonymous said…
ත්‍රීමා මිහිදුවෙක්..
Tinki said…
හරිම සංවෙදි සටහනක්.මටත් ත්‍රිමා අයියා ගැන ආදරය හිතෙනවා ;අනේ අක්කේ ආයේමත් blog එක ලියන්න.එහි සිවිවන කොටස බලාපොරොත්තුවෙවන් සිටිමි.

Tinki said…
ස්තුතියි.හරිම සංවෙදි සටහනක්.මටත් ත්‍රිමා අයියා ගැන ආදරය හිතෙනවා.අනේ අක්කේ Blog එක නැවත ලියන්න .සිවිවන කොටස බලාපොරොත්තැවෙන් සිටිමි.
Tinki said…
ස්තුතියි.හරිම සංවෙදි සටහනක්.මටත් ත්‍රිමා අයියා ගැන ආදරය හිතෙනවා.අනේ අක්කේ Blog එක නැවත ලියන්න .සිවිවන කොටස බලාපොරොත්තැවෙන් සිටිමි.
ස්තුතියි.හරිම සංවෙදි සටහනක්.මටත් ත්‍රිමා අයියා ගැන ආදරය හිතෙනවා.අනේ අක්කේ Blog එක නැවත ලියන්න .සිවිවන කොටස බලාපොරොත්තැවෙන් සිටිමි.
ඉතා සංවේදී සටහනක්,
ඔබට තවත් ඔහු ගැන කතා ඇති, ඒවා දමන තෙක් බලා සිටිනවා .

Popular posts from this blog

තාත්තගෙ ගම
පසුගිය දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි.එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය.මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි.තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය.අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනාට වඩා වසර ගණනාවකින් බාල එකියක…
අතීතයෙන් බිඳක්....2 වන කොටස

පද්මසිරි ත්‍රිමා විතාන නම් වෛද්‍ය සිසුවා ඝාතනය විය.එදින අප නිවසේ කෑම පිසුවේ නැත.කිසිවකුට බඩගින්නක් පැමිණියේද නැත.අම්මා රත්කර තිබු යමක් කෑමට වෙනදා රණ්ඩු වෙන අපි එදින ගොළුවන් සේ කාමර තුලටම වී කල් ගෙවූහ.
හදිසියේම ගේ ඉදිරිපස සුදු කොඩ්යක් දැමියයුතු යැයි මට සිත්විය.මා ලඟ තිබු සුදු රෙද්දක් මසා විශාල ප්‍රමාණයේ කොඩියක් දැම්මෙමි. මෘත දේහය බැලීමට යාමට සිත් වුවත් තාත්තාගෙන් ඒ ගැන විමසීමට සිත් නොදේ.නංගීත් මමත් බෙහෝම අමාරුවෙන් වචන සිර කරගෙන සිටියෙමු.
එහෙත් එක් වරම තාත්තා අපිට කතා  කලේය."ලොකු දුවේ අපි ත්‍රිමාව බලන්න යමුද" කියා ඇසුවේය.අපි එකවරම හා කියා කීවෙමු. ඊට පසු දින අපි කොළඹ වෛද්‍ය පීඨයට යාම සඳහා රත්නපුර නගරයට ගියෙමු.රත්නපුර සිට කොළඹ බලා එකම බස් රථයක් හෝ ගමන් නොකරන බව අපිට බස් නැවතුම් පොලෙන් දැනුම් දෙන ලදි.තාත්තා ආපසු යාවියැයි බියක් මට ඇති විය.එහෙත් තාත්තා මට වඩා කල්පනා කාරි විය.
ටික වේලාවක් කල්පනා කල තාත්තා පානදුර බසය වෙත ගමන් කර දුවේ අපි හොරණට ගිහිං කොළඹට යං  යයි පැවසීය.අපි පානදුර බසයේ නැග හොරණට ලඟාවීමු.
හොරණින් කොළඹ බසයට ගොඩවී අපි වෛද්‍ය පීඨයට ලඟාවිමු.
මහා ජන…
අතීතයෙන් බිඳක්  තුන්වන කොටස....

පද්මසිරි ත්‍රිමාවිතාන මා ඉතාමත් ගරු කල,ඉතාමත් ආදරය කල පුද්ගලයෙක් විය.අදින් අවුරුදු විසි ගණනකට පෙරාතුව වුවද එය එදා මෙන්ම අදටත් එසේසමය.

එහෙත් ආදරය යනු වරදවා වටහා නොගන්නා මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.මා එසේ කීවේ වරදීමකින් හෝ එවැනි සිතුවිල්ලක් කෙනෙකු තුල ඉපදීමට ඉඩ දීම ඔහුට කරන අගෞරවයක් ලෙසට මා සිතනා බැවිනි.

ඔහු ඉතාම අවිවේකි කාර්ය බහුල ජීවිතයක් ගත කල අයෙකි.එමෙන්ම හරියට කන්නට බොන්නට හෝ නිදන්නට පවා ඔහුට අවස්ථාවක් නොමැති විය.

එහෙත් අපේ ගෙදරට පැමිණි සෑම දිනකම උඩ තියෙන ටැංකියෙන් නා ගත් ඔහු අප හා දොඩමළු වෙයි.එහෙත් වචනයක් හෝ අපතේ නොහරී.මා එසේ කියන්නෙ ඔහු කියන කිසිදු වැකියක් අපතේ හරින්නට හැකියාවක් නැති නිසාය.

හැම විටම අපිට පොත පත පාඩම් කරන්නට උපදෙස් දෙයි.මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි.මට බොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නෙ ඔහුයි.නිවැරදිව පාඩම් කරන්නට කියා දුන්නේ ඔහුයි.මට අයියෙක් සිටියද ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන ඇඟිලි ගැසුවේ නැත.

පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය.රෑ නිදි මරාගෙන පාඩම් කල අයුරු අපිට කියන්නෙ ඇතැම්ව…