Skip to main content
අතීතයෙන් බිඳක්....2 වන කොටස


පද්මසිරි ත්‍රිමා විතාන නම් වෛද්‍ය සිසුවා ඝාතනය විය.එදින අප නිවසේ කෑම පිසුවේ නැත.කිසිවකුට බඩගින්නක් පැමිණියේද නැත.අම්මා රත්කර තිබු යමක් කෑමට වෙනදා රණ්ඩු වෙන අපි එදින ගොළුවන් සේ කාමර තුලටම වී කල් ගෙවූහ.

හදිසියේම ගේ ඉදිරිපස සුදු කොඩ්යක් දැමියයුතු යැයි මට සිත්විය.මා ලඟ තිබු සුදු රෙද්දක් මසා විශාල ප්‍රමාණයේ කොඩියක් දැම්මෙමි. මෘත දේහය බැලීමට යාමට සිත් වුවත් තාත්තාගෙන් ඒ ගැන විමසීමට සිත් නොදේ.නංගීත් මමත් බෙහෝම අමාරුවෙන් වචන සිර කරගෙන සිටියෙමු.

එහෙත් එක් වරම තාත්තා අපිට කතා  කලේය."ලොකු දුවේ අපි ත්‍රිමාව බලන්න යමුද" කියා ඇසුවේය.අපි එකවරම හා කියා කීවෙමු.
ඊට පසු දින අපි කොළඹ වෛද්‍ය පීඨයට යාම සඳහා රත්නපුර නගරයට ගියෙමු.රත්නපුර සිට කොළඹ බලා එකම බස් රථයක් හෝ ගමන් නොකරන බව අපිට බස් නැවතුම් පොලෙන් දැනුම් දෙන ලදි.තාත්තා ආපසු යාවියැයි බියක් මට ඇති විය.එහෙත් තාත්තා මට වඩා කල්පනා කාරි විය.

ටික වේලාවක් කල්පනා කල තාත්තා පානදුර බසය වෙත ගමන් කර දුවේ අපි හොරණට ගිහිං කොළඹට යං  යයි පැවසීය.අපි පානදුර බසයේ නැග හොරණට ලඟාවීමු.

හොරණින් කොළඹ බසයට ගොඩවී අපි වෛද්‍ය පීඨයට ලඟාවිමු.

මහා ජනකායක් පෝලිම් දිගේ ඇදෙමින් පැවතුණි.ඒ අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විශාල බීම බාල්දියක් උස්සාගෙන ආ ආකාරය මට අද මෙන්ම මතකයේ ඇත.ඔහු එවෙලේ ටීෂර්ට් එකකින් සහ කලිසමකින් සැරසී සිටියේය.

එහෙත් ඔහු සමග දොඩන්නට මෙය අවස්ථාවක් නොවේ.පෝලිම දිගේ අපිද වේගයෙන් ඉදිරියට ඇදුනේ ත්‍රිමාගේ දේහය දැක ගැනීමටයි.
එහෙත් ඔහුගේ දෙන අසලට පැමිණි අපි ඉච්ඡාභංගත්වයට පැමිණියෙමු.දේහය දැක බලාගන්නට පැමිණියද ඉතා කුඩා වීදුරු පෙට්ටියක නොපෙනෙන සේ වසා තිබූ දේහය දුටු විට මට මහා හයියෙන් ඇඩුනේ සිටිය තැනද අමතක වෙමිනි.

වෛද්‍ය සිසුන් පැමිණ අපේ තාත්තාගෙන් බොහෝ දේ විමසන ලදි.ඒ අතර අපිව හොදින් දන්නා අය බොහෝ සිටි අතර *මේ අහවලාගේ නංගිලනේ* කියමින් ඔවුන් අපිව ඇතුලට කඳවාගෙන යන ලදි.
අපි ආපහු ගෙදර එන්නට පිටත් උනේ බොහෝ දුකින් හා කළකිරිමෙනි.බස් රියේ කවුළුවෙන් ඉවත බලා ගෙන සිටියද හිත තිබුණෙ ඔහුගේ දේහය වෙතයි.අපි ඇස් වල කඳුලු පිරුණේ නොදැනුවත්වමයි.

රත්නපුරයට පැමිණි පසු ගමට එන බසය නොතිබුණෙන් තාත්තාත් නංගීත් මමත් කිලෝ මීටර අටක පමණ දුර පයින්ම ගමන් කලෙමු.
ගමන ගැන විස්තර අසා සිටි අම්මාද ඇඩුවාය.

ඔහු වෙන තැනක මිය ගියානම් දුකක් නැත.ඔහු මිය ගියේ රත්නපුරයේ වීම මට මහත් දුකක් ගෙන දුනි.
අදටත් මගේ දෑස් පියාගත්විට රාත්‍රියේ ගෙට ගොඩවන ත්‍රිමාව පෙනේ.


*විවේකය අඩු බැවින් දිගට ගොඩක් ලිවිමට හැකියාවක් නැත.ලද ඇසිල්ලෙන්  තවත් කොටසක් ලිවීමට බලාපොරොත්තු වෙමි.....

Comments

ත්‍රිමාවිතාන ගැන ලියවුන වේදනාත්මක මතකයක්
බොහොම ස්තූතියි අක්කේ අම්මරු වුනත් මතකය අවදි කිරීම ගැන,
ඊළගෙ කොටස එනක්ම් බලාගෙන ඉන්නවා
බොහොම ස්තූතියි අක්කේ අම්මරු වුනත් මතකය අවදි කිරීම ගැන,
ඊළගෙ කොටස එනක්ම් බලාගෙන ඉන්නවා
බොහොම ස්තූතියි අක්කේ අම්මරු වුනත් මතකය අවදි කිරීම ගැන,
ඊළගෙ කොටස එනක්ම් බලාගෙන ඉන්නවා
Sumith Niriella said…
මම ත්‍රීමා බලන්න ගියේ නෑ. එහෙම යන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙත් නෑ.
ඔහු සමග අත්අඩංගුවට ගෙන මරා දැමූ රංජිත් ත්‍රීමා මෙන්ම අපගේ දේශපාලන ගුරුවරුන්.
ItalyDilan said…
තවත් එක් අතීතයට එක් උනු කතාවක්

Popular posts from this blog

හයිද්‍රාබාද් සිට චෙන්නායි දක්වා දුම්රියෙන්

අපි ඉගෙන ගත්තෙ හයිද්‍රාබාද්වල NI-MSME යුනිවර්සිටි එකේ.අපේ ෆිල්ඩ් ට්‍රිප් එක තිබුණෙ චෙන්නායි,බැංගලෝර් සහ මයිසූර්. ඉතිං අපි මුලින්ම හයිද්‍රාබාද්වල ඉඳන් චේන්නායි වලට ගියා. අපේ කැම්පස් එකට විශාල බස් රථ කිහිපයක් පැමිණුනා.අපි සුව පහසු විදියට ඒවයේ වාඩි උනා.අපේ විශ්ව විද්‍යාල කැන්ටිමෙන් ලොකු කෑම පාරිසලයක් ලැබුණා.ඒත් එක්කම වතුර බෝතලයක් සහ ඇපල් ගෙඩියක් හම්බඋනා.අපි යූසුෆුඩා වල ඉඳන් සිකින්ද්‍රාබාද් දක්වා බස් රියෙන් ගමන් කලා. අපි පිටත් වෙද්දි කණ්ඩායමක් ඉතුරු උනා.ඒ අය ගැන අපිටත් අපි ගැන ඒ ගොල්ලන්ටත් ගොඩක් දුකයි.මොකද මාස දෙකක් එකට ඉඳලා වෙන්වෙන පළවෙනි අවස්ථාව ඒක. සහෝදරත්වයේ සෙවනැලි ,සහෝදරත්වයේ කඳුලු අපි දැක්කා.ගැහැණු පිරිමි බේදයක් තිබුණෙ නැහැ එතන.ඔක්කොම එකා වගේ ආදරෙන් සමුගත්තා.ඒ ගොල්ලො එන්නෙ ඊට පස්සෙ දවසෙ.ඒත් එයාලගෙ ගමන වෙනස්.ඒ ගොල්ලො ගමන් පටන් ගන්නෙ මයිසූර් වලින්. ඔන්න ඉතිං බස් එක දුම්රිය පොළට ආවා.අපි බැහැල අපේ ගමන් මළු අරගත්තා.ඊට පස්සෙ කට්ටයම පේලියකට දුම්රිය පොලට ගියා. අප්පා දුම්රිය පොල හරිම විශාලයි.සෙනඟ සූ ගාලා.ටිකක් සෙනඟ අඩු තැනක් බලල අපි කට්ටිය නැවතුණා.හැබැයි ඉතින් මුත්‍රා ගඳින් නම් අඩුවක් ති...

තාත්තේ*

කළු ගල් පේන්නැති ගිනි මද්දහන පස් කන්ද කඩාගෙන විල්බැරැක්කෙන් අදින තාත්තේ... කඩා දමන්නට මහ නියරෙ වක්කඩ  මහ පාන්දර නැඟිට කහට ඇඹින්දක්වත් නොබී කුඹුරු යන තාත්තේ.. මට ලෙඩ උනාම මගේ ඇඳ ලඟ ඉඳන් හිස අතගගා පිරිත් පැන් කරනා තාත්තේ.. ජීවිතේ මහ හුඟක් බර කරින් දරාගෙන නුඹ සෙවූ මිල මුදල් අපි අතර බෙදා දෙන ආදරණිය තාත්තේ.. කිසි සැපක් නැති උනත් දරුවන්ගෙ සැප බලා සිනාසෙන අදත් වෙනදා වගෙම රළු බොරළු බිම දෙපයින් ඒ උනත් රජෙක් මෙන් පා නගන තාත්තේ.. ඔබට අහිමිව ගියත් අපිට හිමි සැප සොයන අදත් සුවසේ හිඳින තාත්තේ.. මගේ ආයුෂත් ගෙන හිඳිනු මැන බෝ කලක් තාත්තේ...
තාත්තගෙ ගම පසුගිය   දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි. එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය. මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි. තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය. අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනා...