Skip to main content

හයිද්‍රාබාද් සිට චෙන්නායි දක්වා...

චෙන්නායි සිට හයිද්‍රාබාද් දක්වා ඉතිරිය...

අපි පැමිණි චර්මිනා එක්ස්ප්‍රස් දුම්රිය චෙන්නායි දුම්රිය ස්ථානයේ නැවැත්වූ බව දන්වමින් මා පෙර සටහන අවසන් කලා.අද එතැන්සිට ඉදිරියට ..

චෙන්නායි දුම්රිය ස්ථානය ඉතාමත්ම කලබලකාරි.කඩිනමින් අපි දුම්රියේ බැස ගත්තෙ අධික වෙහෙස මෙන්ම බඩගින්නක්ද තිබුණු නිසාවෙනි.
වේලාව තවමත් පෙ.ව. 8.30 නිසාදෝ දුමරිය ස්ථානයේ තැනින් තැන බිම එලාගත් රෙදි කැබලි මත නිදාහුන් මිනිසුන් බොහොමයකි.ගමන් මළු හිසට තබාගෙන නිදා සිටින්නෙ තම ගමන් වාරය එළැඹෙන තෙක්ය.
එහෙත් මෙම දුම්රිය ස්ථානයේ ඇති අපිරිසුදු බව නිදාගැනීමට තබා පැවහන් පැළඳ හෝ ඇවිදීමට සිත් නොදෙයි.ඒ තරමටම සෙම් කැහි හොටු වගේම ඉවසිය නොහෙන මුත්‍රා ඟඳද ඇත.එහෙත් මිනිසුන් ඒ වගක් නොමැතිව සුවසේ නිදති.
ඉකිමනින්ම දුම්රිය ස්ථානයෙන් පිටවීමට සිතා ගත්තද,දුම්රියට පැටවීමට ගෙනා තැපැල් මළු,හා මුහුදු මාළු පෙට්ටි අපේ ගමන් මග අවහිර කරන ලදි.
බොහෝම අමාරුවෙන් පිටතට පැමිණියෙමු.එළිය ඉතා ජනාකීර්ණය.සිටින්නටවත් නිදහස් තැනක් නැතුවා වගේය.අපි නවාතැන් ගත් හෝටලයෙන් බස් රියක් පැමිනෙන තුරු අපි ඉතා කුඩා ඉඩක නැවතුනෙමු.
වේලාව පෙ.ව නවයට ආසන්න වුවද දැඩි හිරු රශ්මියක් අප වෙත පතිත වෙයි.අසීරුවෙන් වුවත් තවත් විනාඩි කිහිපයක් අපි එලෙසම සිටියේ පොඩ්ඩක්වත් එහා මෙහා අනොත් අප අතරමංවේය යන බිය නිසාවෙනි.
බස් රථය පැමිණි පසු අපි නවාතැන් ගත් රෝයල් ප්ලාසා හෝටලයට යාමට පිටත් වුනෙමු.
එම රියදුරා දන්නෙ හින්දි භාෂාව හා දමිළ භාෂාව පමණකි.හොද වෙලාවට මට ටිකක් දමිල භාෂාව හුරු පුරුදුය.ඒ නිසා ඔහු හා දමිල බසින් කතා කිරිමේ අවස්ථාව හා පැහැදිලි කර ගැනිම් කර ගැනීමට අවස්ථාව උදා විය.
නලලත මැද විශාල අළු පැහැ තිලකයක් තබාඇති මොහු අපේ රටේ දමිළයන්ට බෙහෙවින් සමාන නිසාදෝ මට ඉතා කිට්ටු බවක් දැනුණි.
හේ ඉතා කරුණාවන්ත මහත්මයෙකි.
ඔහු හැමවිටම දොඩමළු වීමට ආසා කරයි.එහෙත් ඔහුට ඒ සඳහා ඉඩක් නොමැති සේය.මා අන් අයගෙන් වෙන්වී ඔහු හා දොඩමළු විය.
රෝයල් ප්ලාසා හෝටලයේ ඉදිරිපස විශාල ඝන දෙවි රූපයකි.එය ඉදිරියෙන් විශාල රෝස මල් පෙති හා මල් වලින් සමන්විත බඳුනකි.එය ඉතාමත් අලංකාරය.සාරියක් හැඳ හිසේ මල් ගසා ගත් ඉන්දියානු යුවතියක් එය හැඩ ගන්වයි.
උදෑසන ආහාරය අපිට ලැබුණේ අපි නවාතැන් ගත් හෝටලයෙනි.මාස දෙකක් ලුණු මිරිස් තුනපහ නැතිව ඒකාකාරි ආහාර වේලකින් සන්තර්පණය වූ අපට එම ආහාර දිව්‍ය භෝජනයක් විය.
උණු කල එළකිරි ,ශිත කල එළ කිරි,ඉඩ්ලි,වඩේ,දෝසයි,පාන්,බාසුමති බත්,නූඩ්ල්ස් ජැම් බටර් සහ සෝස් වර්ගත්,චට්නි වර්ගත් බොහොමයක් විය.ඊට  අමතරව පලතුරු බීම සහ තේ සහ කෝපි තබා තිබුණි.ඒවා යහමින් භුක්ති වින්දේ දවාලට ආහාරයක් ගැනීමට අවස්ථාවක් නොලැබෙන නිසාවෙනි.
හොදින් අහරින් සන්තර්පණය වු අපි අපේ අධ්‍යාපන ස්ථාන නැරඹිමට ගියෙමු.

චෙන්නායි නගරය ඉතා විශාලය.මං මාවත් සියල්ලම පාහේ අධිවේගි ලෙස සකස් කරමින් පවතින නිසා දුහුවිල්ලෙන් පිරි ඇත.ඒ වගේම අධික අව් රශ්මිය නිසා අපිව කළු පැහැ ගැන්විනි.
චෙන්නායි නගරයේ ඇවිදිද්දි මට හැඟුනේ අපි යන්නෙ යාපනය නගරයේ දෝයි කියායි.හැම බෝඩ් ලෑල්ලකම,බස් රළුවල,කඩවල පවා නම් ඇඳ ඇත්තෙ දමිල බසිනි.එය එක්තරා දුරකට මගේ සිතට ගෙන දුන්නෙ සහනයකි.ඒ හුරු පුරුදු භාෂාවක් මා නෙත ගැටීමෙන් ලත් සහනයයි.
අපි ඊ ලඟ දිනයේ ගියේ චෙන්නායි හි සුප්‍රසිද්ධ මරීනා වෙරළ තීරය නැරඹිමටයි.ලෝකයේ දෙවැනිතම විශාල වෙරල තීරය මරීනා වෙරල තීරයයි.මට යලිත් වරක් ඉන්දියන් සාගරයේ රැල්ල පෑගීමට අවස්ථාව උදා වුණි.ඒ අතර මා බලා සිටියේ  ඈත සමුදුර දෙසයි.ඒ මොහොතකට හෝ මා කුඩා දිවයින ඇස ගැටේවිය යන බොළඳ විශ්වාසයෙනි.
ටික වේලාවක් වෙරලේ නැටූ පසු  මුහුද රළු විය.
ටික වේලාවකින් ඉන්දියන් පොලීසියෙ කාන්තාවක් සහ පිරිමි අයෙක් අශ්වයා පිට පැමිණ වහා ඉවත් වන ලෙස පැවසීය.

එහෙත් ඒ වෙරල තීරය තාම අපිරිසිදුය.
එහෙත් විශාල වශයෙන් සංචාරකයින් ඇදි එන වෙරලකි.ඔලුවේ පටන් වැලි හා මුහුදු දිය නා ගත් අපිට ආපසු යන්නට සිදුවූයේ තෙත හා වැලි පිරුණු කලිසම් වලිනි.
ඒ යන අතර අපේ අධ්‍යක්ෂක තුමා විශ්වාෂ් රාවෝ මගෙන් මෙසේ ඇසුවේය.*කොහොමද සුභාෂිණි ඔය කලිසම ඔච්චර ෆිට් එකට තියෙද්දි ඔයා දණහිවටත් උඩට ඒක කොට කලේ *මම කිසිත් නොකියා සිනා සුනේ එය කෙසේ කොට කලේදැයි මමවත් නොදත් බැවිනි.මුහුදට පනින්නට තිබුණු හදිසියට කල කී දේවල් අමතකව ගොස්ය.
හොඳම වැඩේ ඒක නොවෙයි.ඒ යන අතරමඟ අපිට ආ බඩගින්න නිසාම කේ.එෆ්.සී එකකින් ආහාර ගැනීමද කලේ දිය බෙරෙමිනි.
කොහොම අනත් මාර්ගයේ තිබුණු අධික රළු වාහන නිසාම හෝටලයට යද්දි කලිසම් වේලි  අවසන්ව තිබුණි.

ඉතිරිය..

චෙන්නායි සිට බැංගලෝරයට...කෝච්චියෙන් ගිය දහවල් ගමන


Comments

ඉන්දියානු සංචාර පිළිබඳව ලියැවෙන දේට මම බොහෝම මනාපයි... හැකු තාක් ප්‍රවාහන ක්‍රම ගැනත්..ආහාර පාන ගැනත් ලියන්න හැකිනම් ඒවා මට වටිනවා...

Popular posts from this blog

තාත්තගෙ ගම පසුගිය   දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි. එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය. මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි. තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය. අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනා...
අතීතයෙන් බිඳක්....... ඒ අසූ අට වසරේ මැද භාගයයි.උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයි. දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද ,කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කර ගක නොහැකිවිය. පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ.ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි. රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි. රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි. අයියා මේ වන විට කොළඹ විශ්ව  විශ්ව විද්‍යාලයේ  ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි.නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා තැබූ රැස්වීම් වල මුල්තැන ගත්තේ අයියායි. ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය. සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රළුය අපේ ගේ ලඟ නවත්වන්නෙඅපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.ඒදින බස් රළුය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගෙ නම කියා අමතනු ඇසුණි. තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වා...

හයිද්‍රාබාද් සිට චෙන්නායි දක්වා දුම්රියෙන්

අපි ඉගෙන ගත්තෙ හයිද්‍රාබාද්වල NI-MSME යුනිවර්සිටි එකේ.අපේ ෆිල්ඩ් ට්‍රිප් එක තිබුණෙ චෙන්නායි,බැංගලෝර් සහ මයිසූර්. ඉතිං අපි මුලින්ම හයිද්‍රාබාද්වල ඉඳන් චේන්නායි වලට ගියා. අපේ කැම්පස් එකට විශාල බස් රථ කිහිපයක් පැමිණුනා.අපි සුව පහසු විදියට ඒවයේ වාඩි උනා.අපේ විශ්ව විද්‍යාල කැන්ටිමෙන් ලොකු කෑම පාරිසලයක් ලැබුණා.ඒත් එක්කම වතුර බෝතලයක් සහ ඇපල් ගෙඩියක් හම්බඋනා.අපි යූසුෆුඩා වල ඉඳන් සිකින්ද්‍රාබාද් දක්වා බස් රියෙන් ගමන් කලා. අපි පිටත් වෙද්දි කණ්ඩායමක් ඉතුරු උනා.ඒ අය ගැන අපිටත් අපි ගැන ඒ ගොල්ලන්ටත් ගොඩක් දුකයි.මොකද මාස දෙකක් එකට ඉඳලා වෙන්වෙන පළවෙනි අවස්ථාව ඒක. සහෝදරත්වයේ සෙවනැලි ,සහෝදරත්වයේ කඳුලු අපි දැක්කා.ගැහැණු පිරිමි බේදයක් තිබුණෙ නැහැ එතන.ඔක්කොම එකා වගේ ආදරෙන් සමුගත්තා.ඒ ගොල්ලො එන්නෙ ඊට පස්සෙ දවසෙ.ඒත් එයාලගෙ ගමන වෙනස්.ඒ ගොල්ලො ගමන් පටන් ගන්නෙ මයිසූර් වලින්. ඔන්න ඉතිං බස් එක දුම්රිය පොළට ආවා.අපි බැහැල අපේ ගමන් මළු අරගත්තා.ඊට පස්සෙ කට්ටයම පේලියකට දුම්රිය පොලට ගියා. අප්පා දුම්රිය පොල හරිම විශාලයි.සෙනඟ සූ ගාලා.ටිකක් සෙනඟ අඩු තැනක් බලල අපි කට්ටිය නැවතුණා.හැබැයි ඉතින් මුත්‍රා ගඳින් නම් අඩුවක් ති...