Skip to main content

හයිද්‍රාබාද් සිට චෙන්නායි දක්වා දුම්රියෙන්

අපි ඉගෙන ගත්තෙ හයිද්‍රාබාද්වල NI-MSME යුනිවර්සිටි එකේ.අපේ ෆිල්ඩ් ට්‍රිප් එක තිබුණෙ චෙන්නායි,බැංගලෝර් සහ මයිසූර්.

ඉතිං අපි මුලින්ම හයිද්‍රාබාද්වල ඉඳන් චේන්නායි වලට ගියා.

අපේ කැම්පස් එකට විශාල බස් රථ කිහිපයක් පැමිණුනා.අපි සුව පහසු විදියට ඒවයේ වාඩි උනා.අපේ විශ්ව විද්‍යාල කැන්ටිමෙන් ලොකු කෑම පාරිසලයක් ලැබුණා.ඒත් එක්කම වතුර බෝතලයක් සහ ඇපල් ගෙඩියක් හම්බඋනා.අපි යූසුෆුඩා වල ඉඳන් සිකින්ද්‍රාබාද් දක්වා බස් රියෙන් ගමන් කලා.
අපි පිටත් වෙද්දි කණ්ඩායමක් ඉතුරු උනා.ඒ අය ගැන අපිටත් අපි ගැන ඒ ගොල්ලන්ටත් ගොඩක් දුකයි.මොකද මාස දෙකක් එකට ඉඳලා වෙන්වෙන පළවෙනි අවස්ථාව ඒක.


සහෝදරත්වයේ සෙවනැලි ,සහෝදරත්වයේ කඳුලු අපි දැක්කා.ගැහැණු පිරිමි බේදයක් තිබුණෙ නැහැ එතන.ඔක්කොම එකා වගේ ආදරෙන් සමුගත්තා.ඒ ගොල්ලො එන්නෙ ඊට පස්සෙ දවසෙ.ඒත් එයාලගෙ ගමන වෙනස්.ඒ ගොල්ලො ගමන් පටන් ගන්නෙ මයිසූර් වලින්.


ඔන්න ඉතිං බස් එක දුම්රිය පොළට ආවා.අපි බැහැල අපේ ගමන් මළු අරගත්තා.ඊට පස්සෙ කට්ටයම පේලියකට දුම්රිය පොලට ගියා.
අප්පා දුම්රිය පොල හරිම විශාලයි.සෙනඟ සූ ගාලා.ටිකක් සෙනඟ අඩු තැනක් බලල අපි කට්ටිය නැවතුණා.හැබැයි ඉතින් මුත්‍රා ගඳින් නම් අඩුවක් තිබුණෙ නැහැ.නහය වහගෙන මිසක් හුස්ම ගන්න නම් බැරි තරම්.


ඒ අතරෙ කොහොම හරි පොඩි බඩ ගින්නකුත් ආවානේ.කන්න දෙයක් බැලුවම සැන්විච් තියෙන නිසා ගත්තා.ඒත් අනේ කන්න බැ.මෙහෙ වගේ නෙමෙයි එහෙ පාන්.පණ නැහැ.කැඩිලා වැටෙනවා.අනෙක සැන්විච් වල බටර් චීස් මොනවත්ම නැහැ.තක්කාලි කෑල්ලයි ,පිපිඤ්ඤා පෙත්තයි විතරමයි.මොනවා කරන්නද කුඩු හැලි හැලි ආමාරුවෙන් කෑවා බඩගින්න නිසාම.එත් රුපියල් පහකට කිරි තේ එකක් බිව්වා.ඒවට කියන්නෙ මසාල ටී කියලා.පුදුම රහක්.එනසල් කරාබුනැටි එහෙම දාලා හදල තියෙන්නෙ.මම හිතන්නෙ එළකිරි වලින් දන් නිසා කිරි වල සීතල යන්න වෙන්න ඇති ඒවා දාන්නේ.


අම්මෝ කෝච්චිවල දිග.විනාඩි පහලොවෙන් පහලොවට කෝච්චි එනවා.කෝච්චි යනවා.ඒ අතරෙ තිරුපති යන අජන්තා ඒක්ස්ප්‍රස් කෝච්චියත් ආවා.සම්පූර්ණ නිදන මැදිරි සහිත සුඛොපගෝභි කෝච්චියක්.


ඒක පිටත් උනාට පස්සෙ අපි යන කෝච්චිය*චර්මිනාර් එක්ස්ප්‍රස්*ඔන්න ලියට් දාගෙන එනවා.එනවා එනවා ඉවරයක් නැහැ.


 කෝච්චිය නැවැත්තුවා.සර් අපිට කියලා කිබුණා නැවැත්තුවට පස්සෙ අනික් අය නැගල ඉවර උනාම නගින්න කියලා.අපේ සීට් බුක් කරල තිබුණේ.ඒ නිසා ප්‍රශ්නයක් උනේ නැහැ.ඉතිං අපි ගිහිං අපේ ආසන වල වාඩි උනා.

මට ලැබුණෙ තුන් දෙනා යන සීට් එකක මැද සීට් එක.මගේ කොටසෙ අනික් පැත්තෙ සුඩානෙ ඉංජිනේරුවෙක් වන එල්සුබෙයිර් සහ ටැන්සානියාවෙ ඇනාත් හිටියා.


එළිය පේනනෙ නැහැ.අඳුරුයි.ටිකක් වෙලා කෝච්චියෙ එහාට මෙහාට ඇවිද්දා.යාලුවො එක්ක කතා කලා.ඊට පස්සෙ බඩගින්නක් ආවා නිසා කැන්ටිමෙන් දීපු කෑම පැකට් එක ලිහුවා.ප්‍රයිඩ් රයිස් පොඩ්ඩක්,රෝස්ට් කරපු චිකන්,ජෑම් ගැව පාන් පෙති දෙකක්,තක්කාලි සෝස් පැකට් එකක් එක්ක ඔක්කොම කෑවා.හරිම බඩගින්නක් තිබුණෙ.


එහාට මෙහාට පැද්දි පැද්දි යන අපේ කෝච්චි වගේ නෙමෙයි.කිසිම කරදරයක් නැහැ.යනවා කියලා දැනෙන්නෙවත් නැති තරම්.


ටිකක් වෙලා යද්දි ඈණුම් එක දෙක යනවා.ඒත් මට එහා පැත්තෙ සීට් එකේ ඉන්න එල්සුබෙයිර් නිදාගන්න දෙන්නෙ නැහ.තව ටිකක් ඇහැරල ඉන්න කියනවා.මොනවා කරන්නද.ඒවත් ඉතින් අහන්න එපැයි.


ඔන්න ටිකක්වෙලා යද්දි ඉස්සෙල්ලම ඇදට වැටුනෙ මොන්ගෝලියානු ජාතික ලී.ඇඳක් කිව්වට ඇඳක්මත් නෙමෙයි.නැත්තෙත් නැ.
අපි වාඩිවෙලා මිටපු සීට් එකම තමයි ඇදක් විදියට පාවිව්වි කලේ.සීට් එක ගලවල පටියක් දාන්න තියෙනවා.ඊට පස්සෙ ඒක ඇඳ.වීදුරුව ගාව කෙනාගෙ ඇඳ උනේ කෙලින්ම සීට් එක.මැද හිටිය මගේ ඇඳ උනේ දෙවෙනි තට්ටුව.අයිනෙම කෙනා උඩම තට්ටුවෙ.දන්නවද ඇදන් හදාගන්න තුන් දෙනාට තුන්දෙනා උදවු කරනවා.මගේ ලඟ හිටියෙ අපේ යාලුවො නෙමෙයි.බාහිර මගින්.ඒත් ඒ අය ගොඩක් සුහදයි.



මගේ ඇදේ කෙළවරේම හිටිය කෙනාට නිදාගන්න ඕනි වුණා.ඒකෙන් මටත් නිදාගන්න වෙනවානේ.මමත් නැග ගත්තා දෙවෙනි තට්ටුවට.
ඇඳක තියෙන සියලුම දේ තියෙනවා.පිරිසුදු කොට්ටයක්,කවරයක බහාලු පිරිසිසු බෙඩ්ෂිට් දෙකක්,මෆ්ලර් එකක් මේ සියල්ලම තියෙනවා.
ඔන්න ඉතින් අමාරුවෙන් ගොඩවෙලා නිදා ගත්ත.හැබැයි ඇඳ උඩ හිටගෙන නම් ඉන්න බැ.ඉඩ මදි.
කොහෙද ඉතින් නිදාගන්නෙ.එල්සුබෙයිර් කියනවා එයා නිදාගන ඉන්න විදිය පොටෝ ගන්නලු.මොනවා කරන්නද.යාලුවොනෙ.එකත් ඉතිං ගන්න එපායැ.අමාරුවෙන් කැමරාව අරගෙන පොටෝ කිහිපයක්ම ගත්තා.ගත්ත මදිවට ඒකට ඒක බලන්නත් ඕනි.ඒකටත් ඔන්න මම ඉඩ දුන්නා.
ටිකක් වෙලා යද්දි දන්නෙම නැත්ව නින්ද ගියා.පුදුම සීතලක්.හොදටම ඒ සී දාලා.
ඔන්න මට එකපාරටම ඇහැරුණා .වෙලාව පාන්දර හයයි.දැන් නිදාගෙන ඉන්න බැ.බහින්නත් බැ.බැහැල ඉන්න තැනකුත් නැහැ.තවත් විනාඩි දහයක් විතර ඒ විදියටම හිටියා.ඉඳලා හිමින් සැරේ බැස්සා පහලට.තවම පහල ඇඳේ ඉන්න කෙනා නිදි.
මම නැගිටලා එයා ලඟින් වාඩිවෙලා ජනේලෙන් එළිය බැලුවා.ලස්සන කෙත් වතු කහපාට මලින් පිරුණු අබ වතු පහු කරගෙන යනවා.
ඒත් දැන් දුම්රිය චෙන්නායි නගරයට සමීපව ඉන්නෙ.දුම්රිය පාර ආසන්යේ කෝච්චිය දිහා බලාගෙන වැසිකිලි යන අය පෝලිමට.සමහර අය මුණු වහගෙන.සමහරු මොනවත් නැ කෝච්චිය බල බල වැසිකිලි යනවා.
ඔන්න ටිකෙන් ටික විශාල ගොඩනැගිලි වගේම මුඩුක්කු වගේ ඒවත් දකින්න ලැබෙනවා.
ඉන්දියාවේ ලඟ ලඟ නගර අතර දුවන්න පොඩි කෝච්චි තිබුණා.ඒ කියන්නෙ අපේ රටේ උඩරට මැණිකෙ වගේ ඒවා.ඒවවෙය් සීට් තිබුණෙ අඩුවෙන්.මොකද ගොඩක් අයට ගමන් කරන්න ඕනි නිසා.මාලු ,තැපැල් මලු එළවලු හැමදෙයක්ම ගෙනිච්චෙ කෝච්චියෙන්.
ඔන්න චර්මිනාර් එක්ස්ප්‍රස් ඇවිත් චෙන්නායි දුම්රිය පොලේ නැවැත්තුවා.

මතු සම්බන්ධයි..................
..

Comments

Anonymous said…
අපිවත් මෙහෙම එක්කරගෙන යයි නේද මිස්...(සමන්)
Buru Babe said…
අයියෝ දැන් හැමෝම මේ ඉන්දියන් කතා ලියලා අපිව අපිට නොස්ටැල්ජීයා හදවනවානේ. ජනුවයි අහස් ගවුවයි කියවල ඇතිනේ. මේ තියෙන්නේ.
http://hansakinkini.wordpress.com/
http://ahasgawwa-tmg.blogspot.it/
මේ දෙන්නා තමයි අපිට ඉන්දියා උණක් හැදෙව්වේ...
Il mondo di una povera pazza
මම දැනගෙන හිටයෙ නැහැ වෙන කෙනෙක් ලියලා කියලා.මේක මගෙ අද්දැකීමක් නිසයි ලිව්වෙ.

මාරයාගේ හෝරාව
විවේක තියෙන හැටියට ලියන්නම්.
ගොඩක් ස්තුතියි මගේ ලිපි කියවනවට
Buru Babe said…
අපොයි එහෙම නෙමෙයි කීවේ මේ අපි බොහොම ආශාවෙන් කියවන සටහන්. ඔයාටත් දැනගන්නත් එක්ක තමයි මා ඔය ලින්ක් දැම්මේ.
ඔයාලාට තේරෙන්නේ නෑ නේ ඔයාලා මෙහෙම පෝස්ට් ලීවම අපි බොහොම දුකින් අනේ අපිටත් යන්න තිබුනා නම් මේ අයත් එක්කම කියලා හිතෙ නැටි ගැන හෙම.

Popular posts from this blog

තාත්තේ*

කළු ගල් පේන්නැති ගිනි මද්දහන පස් කන්ද කඩාගෙන විල්බැරැක්කෙන් අදින තාත්තේ... කඩා දමන්නට මහ නියරෙ වක්කඩ  මහ පාන්දර නැඟිට කහට ඇඹින්දක්වත් නොබී කුඹුරු යන තාත්තේ.. මට ලෙඩ උනාම මගේ ඇඳ ලඟ ඉඳන් හිස අතගගා පිරිත් පැන් කරනා තාත්තේ.. ජීවිතේ මහ හුඟක් බර කරින් දරාගෙන නුඹ සෙවූ මිල මුදල් අපි අතර බෙදා දෙන ආදරණිය තාත්තේ.. කිසි සැපක් නැති උනත් දරුවන්ගෙ සැප බලා සිනාසෙන අදත් වෙනදා වගෙම රළු බොරළු බිම දෙපයින් ඒ උනත් රජෙක් මෙන් පා නගන තාත්තේ.. ඔබට අහිමිව ගියත් අපිට හිමි සැප සොයන අදත් සුවසේ හිඳින තාත්තේ.. මගේ ආයුෂත් ගෙන හිඳිනු මැන බෝ කලක් තාත්තේ...
අතීතයෙන් බිඳක්....... ඒ අසූ අට වසරේ මැද භාගයයි.උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයි. දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද ,කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කර ගක නොහැකිවිය. පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ.ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි. රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි. රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි. අයියා මේ වන විට කොළඹ විශ්ව  විශ්ව විද්‍යාලයේ  ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි.නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා තැබූ රැස්වීම් වල මුල්තැන ගත්තේ අයියායි. ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය. සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රළුය අපේ ගේ ලඟ නවත්වන්නෙඅපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.ඒදින බස් රළුය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගෙ නම කියා අමතනු ඇසුණි. තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වා...