සීතල පිණිකැට
වැද මිණි කිංකිණ
උදා හිරු රැසින්
එළිය කරන්...
නිල් තණ පලසේ
වැටී දිලෙන පොඩි
සේපාලිකා මල්
සුවඳ අරන්...
පුංචි කුරුල්ලෙක්
කිචි බිචි ගාමින්
ගෙමිදුල හැමතැන
හැඩට තබන්...
මගේ කුඩා පුතු
දෙපතුල් තබමින්
ඒ හිරු එළියේ
දෙපා නගන්...
මගෙ පොඩි පුතුගේ
ටිකිරි සිනා මැද
කුරුලු ගීත
වියැකී යන්නා
පුතුගෙ සිනා හඬ
මතුවෙන්නා.
වැද මිණි කිංකිණ
උදා හිරු රැසින්
එළිය කරන්...
නිල් තණ පලසේ
වැටී දිලෙන පොඩි
සේපාලිකා මල්
සුවඳ අරන්...
පුංචි කුරුල්ලෙක්
කිචි බිචි ගාමින්
ගෙමිදුල හැමතැන
හැඩට තබන්...
මගේ කුඩා පුතු
දෙපතුල් තබමින්
ඒ හිරු එළියේ
දෙපා නගන්...
මගෙ පොඩි පුතුගේ
ටිකිරි සිනා මැද
කුරුලු ගීත
වියැකී යන්නා
පුතුගෙ සිනා හඬ
මතුවෙන්නා.
Comments