රෑ අහසේ තරු ගනින්න
වලා පොටින් ඇස් වහන්න
සඳ එළියට මුවාවෙලා
ලස්සන කවියක් ලියන්න..
ඉගිලෙන පොඩි රෑ වවුලන්
අල්ලාගෙන පොඩි කරන්න
බකමූණන් අවදිවෙලා
හඬ තලනා හැටි අහන්න...
විල් මත දිය අතරෙ මතුවු
නිල් මහනෙල් මල් සිඹින්න
මලට ඇදෙන බිඟු කැළ ගැන
පොඩි කවියක් ගොතාගන්න...
රැයට පිපෙන සුදු මල්වල
සුවඳ පොදක් උරාගන්න
ආසයි මට රෑ පානේ
නින්ද නැතිව බලා ඉන්න.
වලා පොටින් ඇස් වහන්න
සඳ එළියට මුවාවෙලා
ලස්සන කවියක් ලියන්න..
ඉගිලෙන පොඩි රෑ වවුලන්
අල්ලාගෙන පොඩි කරන්න
බකමූණන් අවදිවෙලා
හඬ තලනා හැටි අහන්න...
විල් මත දිය අතරෙ මතුවු
නිල් මහනෙල් මල් සිඹින්න
මලට ඇදෙන බිඟු කැළ ගැන
පොඩි කවියක් ගොතාගන්න...
රැයට පිපෙන සුදු මල්වල
සුවඳ පොදක් උරාගන්න
ආසයි මට රෑ පානේ
නින්ද නැතිව බලා ඉන්න.
Comments