Skip to main content

අපේ ගම

උදේ පාන්දර මිහිදුම් සළුව ඉරාගෙනආසන විසි හයේ පොඩි බස් එකපාර දිගට ඇදෙනවා...හිමින් හිමින්..

ඉස්කෝලෙ ළමයි විතරක් නෙමෙයි වැඩට යන අයත් ගියේ ඔය බස් එකේ තමයි රත්නපුර ටවුන් එකට...වංගු පාරෙන් හැරි හැරි බස් එක් යනවා හරියට පොඩි නයෙක් වගේ...අපිත් උදේට ඉස්කෝලෙ යන්න නගින්නෙ ඔය බස් එකට.කට කපලා එකයි සෙනඟ.ඒත් මග දිගට නවත්වනවා.
ඒ සල්ලි පෙරේත කමටනම් නෙමෙයි.වෙන යන්න බස් එකක් නැති නිසා.

අමාරුවෙන් ගාට ගාට එන බස් එක රිවස් වංගුවට එනවා. ඉස්සරහටට ගන්නවා පස්සට ගන්නවා.ගියර් දානවා.බැරි තැන මිනිස්සු බැහැල ගල් තියනවා.කොහොම හරි අමාරුවෙන් බස් එක එළවගෙන යනවා.
හවසට එනකොට ගමේ ගෙවල් වලට ඕනි එළවලු ටික, පත්තර ටික,අරගෙන ඇවිත් ගෙවල් ගානේ හෝන් ගගහ දෙනවා.

ටවුමෙ ඉඳන් ගමට දුර තිබුනෙ කිලෝමීටර 6 ක් උනාට යන්න පැය එක හමාරක් විතර යනවා.

ඒ කාලෙ බස් එක එලෙව්වෙ ජිනදාස මාම.අපිට එන්න පරක්කු උනාම අපිඈත ඉඳන් කෑ ගහනවා*ජිනදාස මාමේ බස් එක් නවත්තන්ඩ*කියලා.ඒ සද්දෙට බස් එක නැවතෙනවා.ඒ දවස්වල අපිට තිබුණෙ පොඩි බස් එකක්.විශ්වාස කරනවද තාමත් තියෙන්නෙ ඒවගේම පොඩි බස් එකක්.දැන් ගම දියුණු වෙලා.ඒත් බස් එක් තාමත් ඒ විදියමයි.

Comments

මේක ගද්‍ය රචනාවක් ද? පද්‍ය රචනාවක් ද?
දිල් said…
මෙච්චර දුෂ්කර විදියට නම් දිල් අත්දැකීමක් ලබලා නෑ..ඒත් ගල්ගමුව සෙන්ට්‍රල් එකේ දිල් ටික කාලයක් ටීච් කලා..එතකොට ඇහැටුවැව පාරේ යන බස් එකත් හැම තැනම නවත්තනවා....ඒ සල්ලි වලට නෙමේ..එක බස් එකක් මිස් උනොත් මිනිස්සු තම බස් එකක් එනකම් පැයැක් දෙකක් පාරේ ඉන්න ඕනෙ නිසා....

Popular posts from this blog

තාත්තගෙ ගම
පසුගිය දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි.එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය.මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි.තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය.අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනාට වඩා වසර ගණනාවකින් බාල එකියක…
ට්‍රිං ට්‍රිං ට්‍රිං ට්‍රිං...
ජංගම දුරකථනය නාදවෙයි.. හලෝ... මම කතා කළෙමි හලෝ.. අනෙක් පසින් ඇසුණු හඬ මගේ දෙසවන් බිහිරි වන්නට තරම්.. වසර ගණනාවකට පසු ඔබෙන් ඇමතුමක්. කියන්නට කිසිවක් මතක නැති අසන්නට කිසිවක් හිතේ නැති දොඩන්නට කිසිවක් මතක නැති එහෙත් ඔබෙ හඬ නම් මතක ඇති.. වසර ගණනකට පෙර මගේ වූ ඔබ අද වෙනතක බැඳි.. එදා වගේම අදත්
ඔබ ළබැඳි කටහඬ
මගේ දෙසවන් දෝංකාරය නගයි. ආදරය අහිමිවූවත් මට ඔබ අහිමි වුවත් මට සදාතන මතකයකි සැමදාමත් ඔබේ සෙනෙහස.
අතීතයෙන් බිඳක්  තුන්වන කොටස....

පද්මසිරි ත්‍රිමාවිතාන මා ඉතාමත් ගරු කල,ඉතාමත් ආදරය කල පුද්ගලයෙක් විය.අදින් අවුරුදු විසි ගණනකට පෙරාතුව වුවද එය එදා මෙන්ම අදටත් එසේසමය.

එහෙත් ආදරය යනු වරදවා වටහා නොගන්නා මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.මා එසේ කීවේ වරදීමකින් හෝ එවැනි සිතුවිල්ලක් කෙනෙකු තුල ඉපදීමට ඉඩ දීම ඔහුට කරන අගෞරවයක් ලෙසට මා සිතනා බැවිනි.

ඔහු ඉතාම අවිවේකි කාර්ය බහුල ජීවිතයක් ගත කල අයෙකි.එමෙන්ම හරියට කන්නට බොන්නට හෝ නිදන්නට පවා ඔහුට අවස්ථාවක් නොමැති විය.

එහෙත් අපේ ගෙදරට පැමිණි සෑම දිනකම උඩ තියෙන ටැංකියෙන් නා ගත් ඔහු අප හා දොඩමළු වෙයි.එහෙත් වචනයක් හෝ අපතේ නොහරී.මා එසේ කියන්නෙ ඔහු කියන කිසිදු වැකියක් අපතේ හරින්නට හැකියාවක් නැති නිසාය.

හැම විටම අපිට පොත පත පාඩම් කරන්නට උපදෙස් දෙයි.මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි.මට බොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නෙ ඔහුයි.නිවැරදිව පාඩම් කරන්නට කියා දුන්නේ ඔහුයි.මට අයියෙක් සිටියද ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන ඇඟිලි ගැසුවේ නැත.

පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය.රෑ නිදි මරාගෙන පාඩම් කල අයුරු අපිට කියන්නෙ ඇතැම්ව…