සිහින්වට
පත් ඉරුණු
කෙසෙල් ගස්
හාමතින් වැතිරි
සතා සිවුපාවන්
කේඩෑරි වූ මහා ගස්
දිය සිඳුණු වැව් තලය
දිය නොදැකි ඔය ඉවුරු....
ඉරි තැලුණු මහ පොළොව
දිය බිඳක් යදින්නිය...
වට වැස්සකින් පසු
නැගෙන නැවුම් සුවඳට
ලොබ බැඳි
දහස් ගණනින් ජනගඟ
සුසුම්ලයි..
එහෙත්...
කවදාක වැසි ලැබේවිද
මේ අඳුරු කඩ තිර ඉරා ගෙන.
පත් ඉරුණු
කෙසෙල් ගස්
හාමතින් වැතිරි
සතා සිවුපාවන්
කේඩෑරි වූ මහා ගස්
දිය සිඳුණු වැව් තලය
දිය නොදැකි ඔය ඉවුරු....
ඉරි තැලුණු මහ පොළොව
දිය බිඳක් යදින්නිය...
වට වැස්සකින් පසු
නැගෙන නැවුම් සුවඳට
ලොබ බැඳි
දහස් ගණනින් ජනගඟ
සුසුම්ලයි..
එහෙත්...
කවදාක වැසි ලැබේවිද
මේ අඳුරු කඩ තිර ඉරා ගෙන.
Comments