Skip to main content

මහ ගෙදර 11





අපේ මහ ගෙදර තිබුණෙ පාරෙන් ටිකක් ඈත.වටේටම තිබුණෙ කොම්පැණියෙ වත්ත.
මහ පාරෙ ඉඳන් වංගු වලින් හැරුණු පාරක් දිගේ තමයි එන්න ඕනි.ඒත් ගම මැදින් එන්න
පොඩි කෙටි පාරක් තිබුණා.ඒ පාරට කිව්වෙ අක්කර දොලහෙ පාර කියලා.රබර් අක්කර දොළහක්
මැදින් ආව නිසා තමයි ඒ පාරට අක්කර දොළහ කියන නම වැටිලා තිබුණෙ.
ඒ පාරවල් දෙකම හරි පාලුයි.ගෙදරට එන කෙනෙක් විතරයි ආවේ ගියෙ.
ඒත් ඒ පාරවල් දෙකෙන්ම මම තනියෙම ගිහිං තියෙනවා.හැතැම්ම ගානකට මිනිස් පුළුටක් 
පේන්න නැති උනත්මම කිසි බයක් නැතුව ඔය පාරවල් දෙකෙන්ම යනවා.


අක්කර දොළහෙ පාර දිගේ තමයි මිනිස්සු රබර් කිරි කපලා අරන් එන්නෙ.බැරල්වල දාල ඔලුව උඩ තියාගෙන
හරිම අමාරුවෙන් පේලියට එනවා.ඒ ගේන කිරි ලොකු ටැංකියකට දානවා.ඊට පස්සෙ ඇසිඩ් දාලා කළවම් කරල
ලොකු කිරි ඔරු වලට දානවා.ඒ කිරි ඔරු හදල තිබුණෙ ලීයෙන්.මැදින් පොඩි ලී කෑල්ලක් ගහල කිරි ඔරුව පොඩි 
කෑලි වලට වෙන් කරල තිබුණා.


මම පොඩි කාලෙ හරිම දඟයි.දඟ කියන්නෙ පොඩ්ඩක්වත් නිකන් ඉන්න බැහැ.දක්කවද දවසක්දා මන්
කිරි ඔරුවක් ඇතුලට වැටුනා.ළිඳට ගිහිං හොදටම නෑවා.ඇඟ කිටි ..කිටි ..ගානවා....... සීතලේ.ඒත් කිරිටික මිදිලා.
ඉස්කෝලෙ ඇරිලි ආපු තාත්තා හොද කෝටු පාර ටිකක් හෙම දීලා....මගේ කොණ්ඩෙ බූ ගෑවා.


අනික් පාරෙන් එනකොට තියෙන්නෙ කොම්පැණියෙ වත්තනෙ.ඒවයෙ වැඩ කලේ දෙමළ මිනිස්සු.මම ඉතිං ඒ ගොල්ල එක්ක කථාකරල හොඳට යාලුයි.ඉස්කෝලෙ ඇරිලා එන ගමන් ඒ අයගෙන් ඉල්ලගෙන කිරි එකතු කරනවා.ඒ පාර ඉස්කෝලෙ ඇදුම් කළු පාට වෙනවා ඔට්ටපාලු හින්දා.


අම්මගෙ මහ ගෙදර ලොකු එකක් උනත් අපි හිටියෙ කටු මැටි ගහපු, පොල් අතු හෙවිලිකල ගෙදරක.ඒ ගෙදරට කිව්වෙ
අතු සෙවන කියලා.ඒක කටුමැටි ගෙයක් උනාට ඉස්තෝප්පුවක්....සාලයක්..නිදන කාමරයක්..ලොකු දිග කැම කාමරයක්..
කුස්සියක් වෙන් කරල තිබුණා.


අපේ තාත්තා ඉඩමෙන් ගේන කෙසෙල් කැන් ගෝනියක ඔතලා ඔය කෑම කාමරයෙ එල්ලලා තියෙනවා.අයියයි මමමයි මොකද දන්නවද කරන්නෙ කැනේ උඩ ඉඳන් ඉදුනු ගෙඩි කාගෙන පහලට එනවා.ඉතිං සමහර දවසට තාත්තලට කන්න කැනේ මොනවත්ම නැහැ.


ඉස්සර අපේ අම්ම ඉරිදට ආප්ප හදනවා.අපි රබර් වත්ත පුරා ඇවිදල පොඩි කෝටු ගොඩාක් අරන් එනවා.දවසක් අම්මා ආප්ප හදපු දවසක බිත්තර ආප්පයක් හදලා ගෙදර හිටපු කාන්තිට දුන්නා කන්න කියලා.එයා එක් අරන් කන්න හදනකොටම බල්ල ඇවිල්ල ඇඟට පැනල ආප්පෙ උදුර ගත්තා.ඒකි ඇඬුවා හොඳටෝම.අපි ඇහුවා ඇයි බල්ලා කෑවද කියලා.ඒ ගමන කියාපි අනේ නෑ මන් ඇඬුවෙ බල්ලා ආප්පෙ කෑවට කියලා .ඉතිං අම්ම තව ආප්පයක් හදල කුස්සියෙ ඉඳන්ම කන්න දුන්නා.


ආතම්ම නිතරම දොදොල් හැදි ගානවා.ඒකට ගමේ ගැහැණු එනවා උදවු වෙන්න.එයාල තමයි දොදොල් හැඳි ගාන්නෙ.
ඉතිං මමත් කරදර කරල කරල ටකක් ඉල්ලගන්නව දොදොල් හැඳිගාන්න.
ඊට පස්සෙ ටිකක් වෙලා හැඳිගාලා කවුරුවත් පේන්න නැති වෙනකොට පොල්කට්ටකට දොදොල් ටිකක් දාලා අයියට දෙනවා ගිහිං හංගන්න.එයා කොහෙද දන්නවද ඒවා හංගන්නෙ....ගේ ඉස්සරහ තියෙන බුදු ගේ ඇතුලෙ.ඊට පස්සෙ මන් කෑගහනවා..මට දැන් ඇති දෛාල් හැදි ගෑවා කියලා.ඒව ාඑතනම දාලා දුවනව බුදු ගේට.ගිහිං අයියයි මමයි දොදොල් බෙදාගන කනවා.
ඔන්න ඔහොම තමයි දොදොල් හැදෙනකම් ඉන්න බැරුව අපි කලින් කෑවේ.


අපේ ළමා කාලය හරිම සුන්දරයි....මෙ කතා මාලාවෙ තවත් තොටසක් මම ලියන්නම්..

Comments

Red Riding Hood said…
ලස්සන කතාවක්...

Popular posts from this blog

තාත්තගෙ ගම
පසුගිය දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි.එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය.මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි.තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය.අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනාට වඩා වසර ගණනාවකින් බාල එකියක…
අතීතයෙන් බිඳක්  තුන්වන කොටස....

පද්මසිරි ත්‍රිමාවිතාන මා ඉතාමත් ගරු කල,ඉතාමත් ආදරය කල පුද්ගලයෙක් විය.අදින් අවුරුදු විසි ගණනකට පෙරාතුව වුවද එය එදා මෙන්ම අදටත් එසේසමය.

එහෙත් ආදරය යනු වරදවා වටහා නොගන්නා මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.මා එසේ කීවේ වරදීමකින් හෝ එවැනි සිතුවිල්ලක් කෙනෙකු තුල ඉපදීමට ඉඩ දීම ඔහුට කරන අගෞරවයක් ලෙසට මා සිතනා බැවිනි.

ඔහු ඉතාම අවිවේකි කාර්ය බහුල ජීවිතයක් ගත කල අයෙකි.එමෙන්ම හරියට කන්නට බොන්නට හෝ නිදන්නට පවා ඔහුට අවස්ථාවක් නොමැති විය.

එහෙත් අපේ ගෙදරට පැමිණි සෑම දිනකම උඩ තියෙන ටැංකියෙන් නා ගත් ඔහු අප හා දොඩමළු වෙයි.එහෙත් වචනයක් හෝ අපතේ නොහරී.මා එසේ කියන්නෙ ඔහු කියන කිසිදු වැකියක් අපතේ හරින්නට හැකියාවක් නැති නිසාය.

හැම විටම අපිට පොත පත පාඩම් කරන්නට උපදෙස් දෙයි.මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි.මට බොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නෙ ඔහුයි.නිවැරදිව පාඩම් කරන්නට කියා දුන්නේ ඔහුයි.මට අයියෙක් සිටියද ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන ඇඟිලි ගැසුවේ නැත.

පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය.රෑ නිදි මරාගෙන පාඩම් කල අයුරු අපිට කියන්නෙ ඇතැම්ව…
අතීතයෙන් බිඳක්....2 වන කොටස

පද්මසිරි ත්‍රිමා විතාන නම් වෛද්‍ය සිසුවා ඝාතනය විය.එදින අප නිවසේ කෑම පිසුවේ නැත.කිසිවකුට බඩගින්නක් පැමිණියේද නැත.අම්මා රත්කර තිබු යමක් කෑමට වෙනදා රණ්ඩු වෙන අපි එදින ගොළුවන් සේ කාමර තුලටම වී කල් ගෙවූහ.
හදිසියේම ගේ ඉදිරිපස සුදු කොඩ්යක් දැමියයුතු යැයි මට සිත්විය.මා ලඟ තිබු සුදු රෙද්දක් මසා විශාල ප්‍රමාණයේ කොඩියක් දැම්මෙමි. මෘත දේහය බැලීමට යාමට සිත් වුවත් තාත්තාගෙන් ඒ ගැන විමසීමට සිත් නොදේ.නංගීත් මමත් බෙහෝම අමාරුවෙන් වචන සිර කරගෙන සිටියෙමු.
එහෙත් එක් වරම තාත්තා අපිට කතා  කලේය."ලොකු දුවේ අපි ත්‍රිමාව බලන්න යමුද" කියා ඇසුවේය.අපි එකවරම හා කියා කීවෙමු. ඊට පසු දින අපි කොළඹ වෛද්‍ය පීඨයට යාම සඳහා රත්නපුර නගරයට ගියෙමු.රත්නපුර සිට කොළඹ බලා එකම බස් රථයක් හෝ ගමන් නොකරන බව අපිට බස් නැවතුම් පොලෙන් දැනුම් දෙන ලදි.තාත්තා ආපසු යාවියැයි බියක් මට ඇති විය.එහෙත් තාත්තා මට වඩා කල්පනා කාරි විය.
ටික වේලාවක් කල්පනා කල තාත්තා පානදුර බසය වෙත ගමන් කර දුවේ අපි හොරණට ගිහිං කොළඹට යං  යයි පැවසීය.අපි පානදුර බසයේ නැග හොරණට ලඟාවීමු.
හොරණින් කොළඹ බසයට ගොඩවී අපි වෛද්‍ය පීඨයට ලඟාවිමු.
මහා ජන…