Skip to main content
මගේ ඇස් දෙක පියාගත්තම මම නොදැනුවත්වම අතීතයට යනවා.මම ආසාවෙන් ගෙවපු මගේ පුංචි කාලේ නිතරම මට මතක් වෙනවා.සමහර වෙලාවට මටත් නොදැනිම මගේ ඇස්වලට කඳුලු උනනවා.ඒ සුන්දර ළමා වියේ මගේ වීරයො අතරෙ ඉදිරියෙන්ම ඉන්නෙ අපේ ආතා.ඒ කියන්නෙ අම්මගෙ තාත්තා.
කොට කලිසමක් ඇදල,බුලත් විටක් හප හපා ඉස්සර තියෙන හාංසි පුටුවෙ වාඩිවෙලා ඉන්නවා.ආතා ගොඩක් විනෝදෙට කැමතියි.පුට් බැලෝ පියානොවක් තිබුණා.ආතාට හරිම ලස්සනට ඒක වාදනය කරන්න පුළුවන්.කවුරුහරි ගෙදරට ආවම ඒක ගහල ලස්සනට සිංදු කියනවා.
මන් පොඩි කාලේ අපේ අම්ම හිටියේ ට්‍රේනිං කොලිජියෙ.මම හැදුනෙ පුංචි අම්මල ආතම්මල එක්ක.ඉස්සර පුංචි අම්මල රෙදි හෝදලා නා ගන්න යන්නෙ පල්ලෙහා ළිඳට.ඒ ළිඳ ගොඩක් ගැඹුරුයි.අදටත් අපිව පොව්වන්නෙ නැහැ.වතුර පිරිලා කටටම.ඒකෙන් පිටවෙන වැඩි වතුර ටික පොඩි ටැංකියකට යනවා.ඒකෙන් තමමයි අපි නැවේ.ළිඳ ලඟ ලොකු ගලක් තියෙනවා.ඒකෙ තමයි ඒ ගොල්ල පිට ඇතිල්ලුවෙ.තව ලොකු කුඹුක් ගහක් තිබුණා මට මතකයි එතන.
ඉතිං දවසක් පුංචි අම්මා රෙදි හෝදලා,මාවත් නාවලා ගොඩින් තියලා නාන්න පටන් ගත්තා.එක පාරටම 'ජබොග්  'ගෑවා විතරයි මන් ළිඳේ.

යට යනවා,උඩ එනවා.යට යනවා .උඩ එනවා.ඔය විදියට තුන් පාරක්ම යට ගිහිං උඩ ආවලු.අන්තිමට තුන්වෙනි පාර උඩට එද්දි පුංචි අම්ම කකුල දාලා.මන් කකුලෙ එල්ලිලා.අයියා මාව උඩට ඇදල අරන්.
මන් උඩට ආවට පස්සෙ මොකද දන්නවද උනේ.කෝට්ටක් කඩල බය යන්න තියලා දුන්නෙ නැතැයි මට අම්බානක ගුටි.
ඔන්න ඉතිං පුංචි අම්ම ගෙදර ගිහං මට බනිනවා.ළිදට වැටුනා කියලා මහ හයියෙන්.ඔන්න ඔය කතාව ඇහුනා ආතාට.ආතා මොකද දන්නවද කලේ......? ඔහොමද ළමයි බලාගන්නෙ කියලා පුංචි අම්මට හොදටෝම බැන්නා.

ආතාට ලොකු ලෙඩක් හැදුනා.මට ඒ ලෙඩේ මොකක්ද කියලා මතක නැති උනත් ,ආතාගෙ කාමරේ තිබුණු ගිරයයි,පඩික්කමයි හොඳටම  මතකයි.මොකද දන්නවද?ආතට මොනවහරි ඕන උනාම ආතා කරන්නෙ ඔය ගිරයෙන් පඩික්කමට ගහන එක.අම්ම අපිට කියල තිබුනෙ ඒ සද්දෙ ආවොත් ඉක්මනට ලොකු කෙනෙකුට කතා කරන්න කියලා.


ආතා නැතිවුන දවස මට තාමත් මතකයි.මළ ගෙදරට අදින්න සුදු ගවුමක් මට තිබුණේ නැහැ.ඒ නිසා මමා කෙනෙක්ගෙ ගෙදරකින් ගවුමක් ඉල්ලගෙන ආවා මට මතකයි.
ආතාව සොහොන් කලේ පොල් වත්තෙ පැත්තක තිබුණු කජු ගහ යට.සෑයට ගිනි තිබ්බෙ අපේ තාත්තයි සනී මාමයි දෙන්න.මට මතකයි සෑයෙ ගිනි දැල් නිවිලා දුම් ඉවර වෙනකම්ම මන් එතනට වෙලා බලා ගෙන හිටියා.
ආපහු ගෙදර ආව මට ආතාගෙ කාමර පලාතට යන්න හිතුනෙ නැහැ.හරිම පාලුවක් තනිකමක් දැනුනා.

තවත් කොටසක්....


Comments

Popular posts from this blog

හයිද්‍රාබාද් සිට චෙන්නායි දක්වා දුම්රියෙන්

අපි ඉගෙන ගත්තෙ හයිද්‍රාබාද්වල NI-MSME යුනිවර්සිටි එකේ.අපේ ෆිල්ඩ් ට්‍රිප් එක තිබුණෙ චෙන්නායි,බැංගලෝර් සහ මයිසූර්. ඉතිං අපි මුලින්ම හයිද්‍රාබාද්වල ඉඳන් චේන්නායි වලට ගියා. අපේ කැම්පස් එකට විශාල බස් රථ කිහිපයක් පැමිණුනා.අපි සුව පහසු විදියට ඒවයේ වාඩි උනා.අපේ විශ්ව විද්‍යාල කැන්ටිමෙන් ලොකු කෑම පාරිසලයක් ලැබුණා.ඒත් එක්කම වතුර බෝතලයක් සහ ඇපල් ගෙඩියක් හම්බඋනා.අපි යූසුෆුඩා වල ඉඳන් සිකින්ද්‍රාබාද් දක්වා බස් රියෙන් ගමන් කලා. අපි පිටත් වෙද්දි කණ්ඩායමක් ඉතුරු උනා.ඒ අය ගැන අපිටත් අපි ගැන ඒ ගොල්ලන්ටත් ගොඩක් දුකයි.මොකද මාස දෙකක් එකට ඉඳලා වෙන්වෙන පළවෙනි අවස්ථාව ඒක. සහෝදරත්වයේ සෙවනැලි ,සහෝදරත්වයේ කඳුලු අපි දැක්කා.ගැහැණු පිරිමි බේදයක් තිබුණෙ නැහැ එතන.ඔක්කොම එකා වගේ ආදරෙන් සමුගත්තා.ඒ ගොල්ලො එන්නෙ ඊට පස්සෙ දවසෙ.ඒත් එයාලගෙ ගමන වෙනස්.ඒ ගොල්ලො ගමන් පටන් ගන්නෙ මයිසූර් වලින්. ඔන්න ඉතිං බස් එක දුම්රිය පොළට ආවා.අපි බැහැල අපේ ගමන් මළු අරගත්තා.ඊට පස්සෙ කට්ටයම පේලියකට දුම්රිය පොලට ගියා. අප්පා දුම්රිය පොල හරිම විශාලයි.සෙනඟ සූ ගාලා.ටිකක් සෙනඟ අඩු තැනක් බලල අපි කට්ටිය නැවතුණා.හැබැයි ඉතින් මුත්‍රා ගඳින් නම් අඩුවක් ති...

තාත්තේ*

කළු ගල් පේන්නැති ගිනි මද්දහන පස් කන්ද කඩාගෙන විල්බැරැක්කෙන් අදින තාත්තේ... කඩා දමන්නට මහ නියරෙ වක්කඩ  මහ පාන්දර නැඟිට කහට ඇඹින්දක්වත් නොබී කුඹුරු යන තාත්තේ.. මට ලෙඩ උනාම මගේ ඇඳ ලඟ ඉඳන් හිස අතගගා පිරිත් පැන් කරනා තාත්තේ.. ජීවිතේ මහ හුඟක් බර කරින් දරාගෙන නුඹ සෙවූ මිල මුදල් අපි අතර බෙදා දෙන ආදරණිය තාත්තේ.. කිසි සැපක් නැති උනත් දරුවන්ගෙ සැප බලා සිනාසෙන අදත් වෙනදා වගෙම රළු බොරළු බිම දෙපයින් ඒ උනත් රජෙක් මෙන් පා නගන තාත්තේ.. ඔබට අහිමිව ගියත් අපිට හිමි සැප සොයන අදත් සුවසේ හිඳින තාත්තේ.. මගේ ආයුෂත් ගෙන හිඳිනු මැන බෝ කලක් තාත්තේ...
තාත්තගෙ ගම පසුගිය   දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි. එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය. මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි. තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය. අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනා...