Skip to main content

අපේ මහ ගෙදර දානයක් දුන්නා.ඉතිං අපි බඩු මුට්ටුත් බැඳන් ඔක්කොම එක්ක සිකුරාදා හැන්දෑවේ ගෙදර ගියා.
අපේ ගෙදර දැනට ඉන්නෙ නංගි මමයි විතරයි.ඉතිං ඔක්කොම වැඩ ටික අපේ කර පිට තමයි වැටුනෙ.
කොහොම හරි මහන්සි වෙලා ඒ වැඩ ටික හොඳටම කරගත්තා අපි දෙන්න එකතුවෙලා.
ඒත් දැන් මන් කියන්න යන්නෙ ඒ ගැන නම් නෙමෙයි.
අපේ දානෙට වැඩිය අපේ පන්සලේ ලොකු හාමුදුරුවො ගැන.
හාමුදුරුවන්ගෙ නම කිරිඇල්ලේ විමල බුද්ධි ලොකු හාමුදුරුවො.හාමුදුරුවන්ගෙ වැඩි උපාසක කමක් නැහැ.
එත් ඒ කාලේ ගමේ ඉස්කෝලෙ ළමයින්ට නිකන් බුද්ධාගම ඉගැන්නුවා.දහම් පාසලක් ආරම්භ කරල ළමයින්ට දහම් දැනුම ළබල දුන්නා.මට මතකයි මමත් ඒ කාලේ තරඟ වලට ගියා.
අපේ ගම ගොඩක් දුෂ්කර ගමක්.පොතක් පත්තරයක් ගත්තෙ එහෙමත් ගෙදරකට විතරයි.ඒ හින්දා හැමුදුරවො දහම් පාසලේ පුස්තකතාලයක් පටන් ගත්තා.ඒත් 2003 ආපු මහ ගංවතුරට පුස්තකාලෙයි පොතුයි ඔක්කමෙ විනාශ වෙලා.
ඒත් හාමුදරුවො නිකන් හිටියෙ නැහැ.ආයෙත් පුස්තකාලයක් ආරම්භ කලා.
අපි බණ දවසේ දුන්න පිරිකරට පොත් දෙකකුත් දුන්නා.හාමුදුරුවන්ට හරිම සතුටුයි.
දන්නවද අළුත්ම දේ...
දහම් පාසල් එන ළමයින්ට දවල්ට කැම වේලක් පන්සලෙන් දෙනවා.හරිම පුදුමයි.වැඩිහරියක් ළමයි ඉන්නෙ බඩගින්නෙ.ඒක ලොකු පිනක් හාමුදුරවන්ට.
අනෙක ගමේ මළ ගෙයක් උනොත් ඉස්සෙල්ලම වඩින්නෙ අපේ හාමුදුරුවෝ.ඒ බී.එම්.ඩබ්.කාරෙකෙන් නෙමෙයි.උන් වහන්සේගෙ දෙපයින්.
දානෙකට අරොධනා කලාම වාහනයක් එවන්නද ඇහුවම කියන්නෙ මට මේ ගම හොඳට පුරුදුයි.මම පයින් වඩින්නම් කියලා.
දානෙකදි හම්බවෙන පළතුරු කැම මගදි ගමේ ළමයින්ට බෙදල යනවා.
මෙන්න මෙහෙමෙයි අපේ හාමුදුරුවො.
 තවත්පිනක් ඕන නැහැ නිවන් දකින්න.

Comments

Popular posts from this blog

අතීතයෙන් බිඳක්....... ඒ අසූ අට වසරේ මැද භාගයයි.උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයි. දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද ,කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කර ගක නොහැකිවිය. පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ.ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි. රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි. රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි. අයියා මේ වන විට කොළඹ විශ්ව  විශ්ව විද්‍යාලයේ  ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි.නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා තැබූ රැස්වීම් වල මුල්තැන ගත්තේ අයියායි. ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය. සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රළුය අපේ ගේ ලඟ නවත්වන්නෙඅපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.ඒදින බස් රළුය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගෙ නම කියා අමතනු ඇසුණි. තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වා...
තාත්තගෙ ගම පසුගිය   දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි. එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය. මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි. තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය. අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනා...

හයිද්‍රාබාද් සිට චෙන්නායි දක්වා දුම්රියෙන්

අපි ඉගෙන ගත්තෙ හයිද්‍රාබාද්වල NI-MSME යුනිවර්සිටි එකේ.අපේ ෆිල්ඩ් ට්‍රිප් එක තිබුණෙ චෙන්නායි,බැංගලෝර් සහ මයිසූර්. ඉතිං අපි මුලින්ම හයිද්‍රාබාද්වල ඉඳන් චේන්නායි වලට ගියා. අපේ කැම්පස් එකට විශාල බස් රථ කිහිපයක් පැමිණුනා.අපි සුව පහසු විදියට ඒවයේ වාඩි උනා.අපේ විශ්ව විද්‍යාල කැන්ටිමෙන් ලොකු කෑම පාරිසලයක් ලැබුණා.ඒත් එක්කම වතුර බෝතලයක් සහ ඇපල් ගෙඩියක් හම්බඋනා.අපි යූසුෆුඩා වල ඉඳන් සිකින්ද්‍රාබාද් දක්වා බස් රියෙන් ගමන් කලා. අපි පිටත් වෙද්දි කණ්ඩායමක් ඉතුරු උනා.ඒ අය ගැන අපිටත් අපි ගැන ඒ ගොල්ලන්ටත් ගොඩක් දුකයි.මොකද මාස දෙකක් එකට ඉඳලා වෙන්වෙන පළවෙනි අවස්ථාව ඒක. සහෝදරත්වයේ සෙවනැලි ,සහෝදරත්වයේ කඳුලු අපි දැක්කා.ගැහැණු පිරිමි බේදයක් තිබුණෙ නැහැ එතන.ඔක්කොම එකා වගේ ආදරෙන් සමුගත්තා.ඒ ගොල්ලො එන්නෙ ඊට පස්සෙ දවසෙ.ඒත් එයාලගෙ ගමන වෙනස්.ඒ ගොල්ලො ගමන් පටන් ගන්නෙ මයිසූර් වලින්. ඔන්න ඉතිං බස් එක දුම්රිය පොළට ආවා.අපි බැහැල අපේ ගමන් මළු අරගත්තා.ඊට පස්සෙ කට්ටයම පේලියකට දුම්රිය පොලට ගියා. අප්පා දුම්රිය පොල හරිම විශාලයි.සෙනඟ සූ ගාලා.ටිකක් සෙනඟ අඩු තැනක් බලල අපි කට්ටිය නැවතුණා.හැබැයි ඉතින් මුත්‍රා ගඳින් නම් අඩුවක් ති...