තාත්තගෙ ගම පසුගිය දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි. එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය. මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි. තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය. අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනා...
Comments
ලස්සනයි අදහස ඇත්තටම..
හරිම අපූරු කවියක් - විශේෂයෙන් මගේ ගතිගුණත් එක්ක පෑහෙන.
ඔබට ජය.
ආදරේ නොවෙද මට
ඔය බැණුම් ඔස්සේ
හිත සිතයි මහ දුරක.....
බණිවිද කවුරුවත්
රිදවාවිද කවුරුවත්
නුඹ තරමටම මා
තේරුම් නොගත් කිසිවෙක්.....
ඉතින් නුඹ,
ආදරේ මහ හුඟක්
පුරවාන හිත අස්සේ
විදින්නට ඉඩ දි ටිකක්
සනසනවා මා මහමෙරක්......
ඒ දවසෙ
ඇස් ගෙඩි දෙක රතුකරන්
මම හිටියට
පස්සෙ දවසක
මන් තේරුම් ගත්ත
ඔයාගෙ ආදරේ...
ඇත්තමයි
මේ ඇත්තටම කියන්නෙ
දූවිලි පාර දිගේ
හුළඟට ගහගෙන ආපු
ලස්සන කඳුලැල්ලක්
මගේ ලඟ සරනව
ඔයාගේ ආදරය
දරාගන්න බැරුව.