මගේ හිත
රිදෙව්වට
තරහනෑ මං
පොඩ්ඩක්වත්...
මට බැන්නට
කියන්නෑ මන්
මොනවත්...
ඇයි දන්නවද
ඔයා ඔය බනින්නෙ
මට තියෙන ආදරේට...
හැමවෙලේම හොයන්නෙ
මාව
තනිකමට..
ඒ හින්ද
ඔයා ඔය බැන්නට
ආදරෙයි නේද මට
ඇත්තටම.
මට හැඟෙන දේ පිළිබඳ සටහන් තබමි මෙලෙස...- by Subhashine Gunawardana
Comments
ලස්සනයි අදහස ඇත්තටම..
හරිම අපූරු කවියක් - විශේෂයෙන් මගේ ගතිගුණත් එක්ක පෑහෙන.
ඔබට ජය.
ආදරේ නොවෙද මට
ඔය බැණුම් ඔස්සේ
හිත සිතයි මහ දුරක.....
බණිවිද කවුරුවත්
රිදවාවිද කවුරුවත්
නුඹ තරමටම මා
තේරුම් නොගත් කිසිවෙක්.....
ඉතින් නුඹ,
ආදරේ මහ හුඟක්
පුරවාන හිත අස්සේ
විදින්නට ඉඩ දි ටිකක්
සනසනවා මා මහමෙරක්......
ඒ දවසෙ
ඇස් ගෙඩි දෙක රතුකරන්
මම හිටියට
පස්සෙ දවසක
මන් තේරුම් ගත්ත
ඔයාගෙ ආදරේ...
ඇත්තමයි
මේ ඇත්තටම කියන්නෙ
දූවිලි පාර දිගේ
හුළඟට ගහගෙන ආපු
ලස්සන කඳුලැල්ලක්
මගේ ලඟ සරනව
ඔයාගේ ආදරය
දරාගන්න බැරුව.