අතීතයෙන් බිඳක් තුන්වන කොටස.... පද්මසිරි ත්‍රිමාවිතාන මා ඉතාමත් ගරු කල,ඉතාමත් ආදරය කල පුද්ගලයෙක් විය.අදින් අවුරුදු විසි ගණනකට පෙරාතුව වුවද එය එදා මෙන්ම අදටත් එසේසමය. එහෙත් ආදරය යනු වරදවා වටහා නොගන්නා මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.මා එසේ කීවේ වරදීමකින් හෝ එවැනි සිතුවිල්ලක් කෙනෙකු තුල ඉපදීමට ඉඩ දීම ඔහුට කරන අගෞරවයක් ලෙසට මා සිතනා බැවිනි. ඔහු ඉතාම අවිවේකි කාර්ය බහුල ජීවිතයක් ගත කල අයෙකි.එමෙන්ම හරියට කන්නට බොන්නට හෝ නිදන්නට පවා ඔහුට අවස්ථාවක් නොමැති විය. එහෙත් අපේ ගෙදරට පැමිණි සෑම දිනකම උඩ තියෙන ටැංකියෙන් නා ගත් ඔහු අප හා දොඩමළු වෙයි.එහෙත් වචනයක් හෝ අපතේ නොහරී.මා එසේ කියන්නෙ ඔහු කියන කිසිදු වැකියක් අපතේ හරින්නට හැකියාවක් නැති නිසාය. හැම විටම අපිට පොත පත පාඩම් කරන්නට උපදෙස් දෙයි.මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි.මට බොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නෙ ඔහුයි.නිවැරදිව පාඩම් කරන්නට කියා දුන්නේ ඔහුයි.මට අයියෙක් සිටියද ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන ඇඟිලි ගැසුවේ නැත. පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය.රෑ නිදි මරාගෙන පාඩම් කල අයුරු අපිට කියන්නෙ
Comments
ලස්සනයි අදහස ඇත්තටම..
හරිම අපූරු කවියක් - විශේෂයෙන් මගේ ගතිගුණත් එක්ක පෑහෙන.
ඔබට ජය.
ආදරේ නොවෙද මට
ඔය බැණුම් ඔස්සේ
හිත සිතයි මහ දුරක.....
බණිවිද කවුරුවත්
රිදවාවිද කවුරුවත්
නුඹ තරමටම මා
තේරුම් නොගත් කිසිවෙක්.....
ඉතින් නුඹ,
ආදරේ මහ හුඟක්
පුරවාන හිත අස්සේ
විදින්නට ඉඩ දි ටිකක්
සනසනවා මා මහමෙරක්......
ඒ දවසෙ
ඇස් ගෙඩි දෙක රතුකරන්
මම හිටියට
පස්සෙ දවසක
මන් තේරුම් ගත්ත
ඔයාගෙ ආදරේ...
ඇත්තමයි
මේ ඇත්තටම කියන්නෙ
දූවිලි පාර දිගේ
හුළඟට ගහගෙන ආපු
ලස්සන කඳුලැල්ලක්
මගේ ලඟ සරනව
ඔයාගේ ආදරය
දරාගන්න බැරුව.