Skip to main content

වැඩිවියට පත්වීම

මේ වෙනකොට මං හිටියේ හයේ පංතියේ දැරිවියක්ව.
එදත් වෙනද වගේම සුපුරුදු විදියට තාත්තත් එක්ක මං පාසැල් ගියා.
පාසල වෙනදට වඩා ටිකක් කලබලකාරියි.වාර්ෂික නිවාසාන්තර ක්‍රිඩා උත්සවය තිබුණෙ එදා නිසා.මගේ නිවාසය ඇමතිස්ට්.ඒ කියන්නෙ මැණික් වල තියෙන අඹතේස් කියන වර්ගයට අයිති නම.ඒකෙ පාට දම් පාට.
දම්පාට ලොකු මල් වැලක් අපේ ගේ දොරකඩ ඒ කාලේ තිබුණා.ඉතින් නිවාසය සරසන්න මේ මල් ගොඩක් අරන් තමයි මම ඉස්කෝලෙ ගියෙත්...


ඔන්න කොහොම කොහොම හරි ක්‍රිඩා උතසවයත් ආරම්භ උනා.දුවලා .පැනල .නටලා.දඟලලා මට හොදටෝම මහන්සියි.හවස පහ හමාරේ බස් එකේ ගෙදර ගියා.


ඒ වෙලාවෙ අපේ ගෙදරට රෙදි නැන්ද ඇවිත් හිටියා.මම මහ ලොකු බත් පිඟානක් බෙදන් වාඩිඋනා කන්න.ඒකෙ තිබුණා මන් ආසම කරන  කෙසෙල්මුව බැඳුමක්..


ඒ වෙනකොට අම්ම මම කන තැනට ඇවිත්.


"ලොකු දුවේ මේ වයසේ ළමමයින්ට අසනීපයක් හැදෙනවා.ඔයාටත් දැන් ඒ අසසනීපෙ හැදිලා. ඒ නිසා බැදුම් තෙල් කන්න එපා " කියලා  අර බැදුම් ටික අයින් කලා.
ඇත්තටම ඒ වෙනකොට මට වැඩිවිය පැමිණෙනවා කියලා අහල තිබුණත් ඒ මොකක්ද කියලා මං දැනගෙන හිටියෙ නැහැ.
මම ඒ ගමන අම්මට කිව්ව
"මටත් ඕනි ඔය ලෙඩේ ගැන දැනගන්න තමයි "කියලා.
ඊට පස්සෙ මාව කාමරයකට දාලා බිම පැදුරක් එලලා නිදාගන්න කිව්වා.තනියට නංගිව ලඟින් තිබ්බා.මන් බිම නිදාගන්න ආස නැ.ඇදේ නිදාගෙන් කවුරුවත් එනකොට බිමට එනවා.
ඒ කාලෙට ගෑනු දරුවන්ට තාත්තව පේන්න හොද නැහැල්ලු.
ඒත් අපේ තාත්තා පොඩි පොඩි වැඩ හැම දේටම කතා කලේ මට.
ඒ දවස්වල අපේ ගේ හදපු අලුත.ගෙදරට ජනේල් දොරරෙදි දාලා තිබුණෙ නැහැ.තාත්තා මට කියලා තමයි ඒවට රෙදි ප්‍රමාණ මැන ගත්තෙ.
රෙදි ගෙනාවට පස්සෙ ඒවා මැහුවෙත් මමමයි.
ගේ පොලිෂ් කලෙත් මම.මල් දාලා පෝච්චි හැදුවෙත් මම.අත්තම්ම කොකිස් හදද්දි ලඟට වෙලා බලාගෙන හිටියෙත් මම.
නාවන දවසට කලින් දවසේ ඉඳන්ම රෙදි නැන්දා ඇවිත්.මට එදා නම් ඇඳේ නිදියන්න ලැබුණෙම නැහැ.උදේ පාන්දරම බෙහෙත් කසාය වලින් හදපු වතුර කළයක් අපේ අම්ම මගේ ඔලුවට වත්කලා.
ඊට පස්සෙ රෙදි නැන්දා මාව හොදට නෑව්වා.
සුදු ඇඳුමක් ඇඳන්  පොල් ගෙඩියක් බිඳලා ගෙට ගොඩ උණා.
ඊට පස්සෙ පැදුර වටේට තිබුණ පොල් තෙල් පහන් එක එක නිමුවා.අම්ම කණට කරාඹු දැම්ම. තාත්ත කරට චේන් පටත් දැම්ම.ඒ අම්මගෙ කරේ තිබුණ චේන් පට.
අයියත් මට කතා පොතක් තැගි කලා මට මතකයි.මමත් අයියට දණ ගහල වැන්දා.


හැමෝම හිතුවේ තාත්තව දකින එක අසුබ දෙයක් කියලා.ඒත් මම හැමදාම දකින මට හැමදාමත් ආදරය කරපු තාත්තව දැක්කම මොකද කියලා මට හිතුණා.
ඒත් කවදාවත් එකෙන් මට වරදක් වුනේ නැහැ.

Comments

සමහර වෙලාවට මේක හෙනම ගොන් විදියට කරන්නේ මට ගොඩක් තරහා ගියපු වෙලාවන් තිබ්බා....

නංගි හරිම ආසයි ඔයා වගේම චිකන් කන්න අපේ නැන්දයි අම්මයි ආච්චි අම්මයි එකතු වෙලා එයා කන බත් පිඟාන උදුරගෙන කිරි හොදියි බතුයි දුන්නේ නංගි කඳුලු පුරෝගෙන කන්න ගත්තේ...මට බලාගෙන ඉන්න බැරුව මගේ පිඟාන එයාට දීලා තියෙන සේරම කන්න කිව්වා අම්මයි ආච්චියි බැනගෙන ආවත් එයාලට නංගි ලඟට එන්න දුන්නේ නෑ හැමෝටම බැනලා තෙල් දාපු චිකන් එකේ ඉඳන් හැමදේම දුන්නා...ඒකෙන් එයාට කිසිම අවුලක් වුනේ නෑ යසට ඉන්නවා....එයා නම් 5 වසරේ එතකොට....

මට ඒවා පේන්නේ විකාර විදියට කොහොමත් එපා කියපුවා කරන්න පොඩි වුන් ආසයිනේ පොඩ්ඩ එහා මෙහා වෙච්චි ගමන් නංගි සාලෙට ඇවිත් ටීවී බලනවා හි හි
ඔව් මල්ලි,මමත් ඒ වගෙයි.ඒත් මගෙ තාත්ත ඔය දේවල් ගැන ඒ තරම් සැළකුවේ නැහැ.
අනෙක මම කොහොමත් මගේ මතයට අනුව වැඩ කල කෙනෙක් පොඩි කාලෙම ඉඳලා.
මන් මගේ දුවට න්ම මේ විදියට හිරකරල වද දෙන්නෙ නැහැ.
සුදීක said…
මගේ ඇස් දෙකට කඳුලු ආවා. ඒ වගේම තැතිගැන්මකුත්. මටත් අවුරුදු 7 ක් දුවෙක් ඉන්නවා. මටත් මේ දේට කවදා හරි මුහුණ දෙන්න වෙයි. දුවටයි මටයි අපි දෙන්න දකින්නැතුව ඉන්න අමාරුයි. එදාට මොනව වෙයිද කියල හිතුනා.
බය වෙන්න ඔපා මොනවත්ම වෙන්නෙ නැහැ.තියෙන එකම දේ අඳුරිනි එළියට එන එක.
සම්ප්‍රදායන්ට ගරු කල යුතු උනත් අන්ධ දේ විශ්වාස කරන්න එපා.තාත්තෙකුට දුවෙක් හදන්න හොදනම්.කවන්න පොවන්න ඇති දැඩි කරන්න හොදනම්.ජීවත් කරවන්න හොදනම් ජිවිත කාලයටම,ඔය දවස් දෙක තුන තාත්ව දැක්කට වරදක් වෙන්නෙ නැහ.
දන්නවද මල්ලි මම මගේ ජිවිතය ගොඩක් සර්ව සම්පුර්ණව ගෙවන කෙනෙක්.එහෙහමනම් මටත් වරදින්න ඕනි.එහෙම උනේ නැහැ.

Popular posts from this blog

හයිද්‍රාබාද් සිට චෙන්නායි දක්වා දුම්රියෙන්

අපි ඉගෙන ගත්තෙ හයිද්‍රාබාද්වල NI-MSME යුනිවර්සිටි එකේ.අපේ ෆිල්ඩ් ට්‍රිප් එක තිබුණෙ චෙන්නායි,බැංගලෝර් සහ මයිසූර්. ඉතිං අපි මුලින්ම හයිද්‍රාබාද්වල ඉඳන් චේන්නායි වලට ගියා. අපේ කැම්පස් එකට විශාල බස් රථ කිහිපයක් පැමිණුනා.අපි සුව පහසු විදියට ඒවයේ වාඩි උනා.අපේ විශ්ව විද්‍යාල කැන්ටිමෙන් ලොකු කෑම පාරිසලයක් ලැබුණා.ඒත් එක්කම වතුර බෝතලයක් සහ ඇපල් ගෙඩියක් හම්බඋනා.අපි යූසුෆුඩා වල ඉඳන් සිකින්ද්‍රාබාද් දක්වා බස් රියෙන් ගමන් කලා. අපි පිටත් වෙද්දි කණ්ඩායමක් ඉතුරු උනා.ඒ අය ගැන අපිටත් අපි ගැන ඒ ගොල්ලන්ටත් ගොඩක් දුකයි.මොකද මාස දෙකක් එකට ඉඳලා වෙන්වෙන පළවෙනි අවස්ථාව ඒක. සහෝදරත්වයේ සෙවනැලි ,සහෝදරත්වයේ කඳුලු අපි දැක්කා.ගැහැණු පිරිමි බේදයක් තිබුණෙ නැහැ එතන.ඔක්කොම එකා වගේ ආදරෙන් සමුගත්තා.ඒ ගොල්ලො එන්නෙ ඊට පස්සෙ දවසෙ.ඒත් එයාලගෙ ගමන වෙනස්.ඒ ගොල්ලො ගමන් පටන් ගන්නෙ මයිසූර් වලින්. ඔන්න ඉතිං බස් එක දුම්රිය පොළට ආවා.අපි බැහැල අපේ ගමන් මළු අරගත්තා.ඊට පස්සෙ කට්ටයම පේලියකට දුම්රිය පොලට ගියා. අප්පා දුම්රිය පොල හරිම විශාලයි.සෙනඟ සූ ගාලා.ටිකක් සෙනඟ අඩු තැනක් බලල අපි කට්ටිය නැවතුණා.හැබැයි ඉතින් මුත්‍රා ගඳින් නම් අඩුවක් ති...

තාත්තේ*

කළු ගල් පේන්නැති ගිනි මද්දහන පස් කන්ද කඩාගෙන විල්බැරැක්කෙන් අදින තාත්තේ... කඩා දමන්නට මහ නියරෙ වක්කඩ  මහ පාන්දර නැඟිට කහට ඇඹින්දක්වත් නොබී කුඹුරු යන තාත්තේ.. මට ලෙඩ උනාම මගේ ඇඳ ලඟ ඉඳන් හිස අතගගා පිරිත් පැන් කරනා තාත්තේ.. ජීවිතේ මහ හුඟක් බර කරින් දරාගෙන නුඹ සෙවූ මිල මුදල් අපි අතර බෙදා දෙන ආදරණිය තාත්තේ.. කිසි සැපක් නැති උනත් දරුවන්ගෙ සැප බලා සිනාසෙන අදත් වෙනදා වගෙම රළු බොරළු බිම දෙපයින් ඒ උනත් රජෙක් මෙන් පා නගන තාත්තේ.. ඔබට අහිමිව ගියත් අපිට හිමි සැප සොයන අදත් සුවසේ හිඳින තාත්තේ.. මගේ ආයුෂත් ගෙන හිඳිනු මැන බෝ කලක් තාත්තේ...
තාත්තගෙ ගම පසුගිය   දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි. එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය. මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි. තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය. අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනා...