වියළි රළු
කඨෝර
පොළොව මත
නැගුණු දුහුවිලි
නැගෙයි මග දෙපස
ඉදී
රත්පැහැ ගැහුණු
ගහ කොළ
බිම වැටෙන්නට වන..
මේඝ ගර්ජනා සහිත
මහ වැසි වසින
හැන්දෑව
ගල් බොරළු පස් සෝදාන
එන වතුර කඳ
මහ මග
මැදම ගලායන..
වසන්තය
පැමිණ
ගස් කොළන් දළු දමා
අතු ඉති
මලින් බරව
කොතරම් හැඩද
ඒ පරිසරයම.
හැමදාම යනෙන
නව නගර පාර
කාලයෙන් කාලයට
වෙනස්ද
මොනතරම්
ජීවිතේ හැමදාම
දකිමින්ම මේ වෙනස
යති එති නැවතී බලති
නොදකිති අපූරුව.
කඨෝර
පොළොව මත
නැගුණු දුහුවිලි
නැගෙයි මග දෙපස
ඉදී
රත්පැහැ ගැහුණු
ගහ කොළ
බිම වැටෙන්නට වන..
මේඝ ගර්ජනා සහිත
මහ වැසි වසින
හැන්දෑව
ගල් බොරළු පස් සෝදාන
එන වතුර කඳ
මහ මග
මැදම ගලායන..
වසන්තය
පැමිණ
ගස් කොළන් දළු දමා
අතු ඉති
මලින් බරව
කොතරම් හැඩද
ඒ පරිසරයම.
හැමදාම යනෙන
නව නගර පාර
කාලයෙන් කාලයට
වෙනස්ද
මොනතරම්
ජීවිතේ හැමදාම
දකිමින්ම මේ වෙනස
යති එති නැවතී බලති
නොදකිති අපූරුව.
Comments