Skip to main content

රූ බර ගත
දිලෙන
දිග නෙතු යුග
සැළෙන
මුදු දෙකොපුල
අතර
රත් තෝල් පෙති
සැඟව

සියුමැලි වත
යුහුව
නොම දැඩි වුණ
හිතට
දිගු රතුඟිලි
අතර
තෙත පන්හිඳ
රැඳුන..

ලියන කවිපද
රසට
කියමි ගොනු කර
යසට
දෙනිපිටියෙ නුග
රුකට
පිටදී වැරෙන්
සිට
ඇලපාත මුදලිඳුට
ඇසෙන්නට..

තනිකම දැඩිව
දැනෙන
මම ලියන කවි පද
වලට
මුදළිඳු ඇලපාත
ලියයි
පිළිතුරු කව
හොඳට..
ආලයෙන් මත්ව
දැඩිව
නුඹ ලියූ පදවැල්
අතර
සිරවී මගේ
සිතට
දැනුනත් දුකක්
ඉදහිට
ගජමන් නෝනා
වෙමි
කිසිදාක නුඹට
පෙම් නොකළ






Comments