Skip to main content

අහිමි බිළිඳිය


හීන් වැහිපොද
කෙමෙන් වැඩිවී
මහා වැසි වසින්නට
පටන් ගත් ඉනික්බිති..

පොල් අතු වහලයට
වැටෙන දිය බිංඳු
සට සට ගා ගැටෙයි
පොල් කොළ තෙමමින්ම..

බිම එලන ලද පැදුරක
නිදිගත් මගේ හිත
තවමත් මගේ කුඩා
ලබැඳිය වෙතම..

තනපුඩුව කිරිබරින්
පැලී රිදුම් දෙනවිට
උඩු ඇඳුම තෙමාගෙන
කිරි ගලායයි සැනෙන..

පෙරදා රාත්‍රිය
මොනතරම් බිහිසුණුද
මා ලබැඳි බිළිඳිය
ගෙනගියෝ කවුරුන්ද..

මගේ කිරි උරමින්ම
නින්දෙන්ම රැගෙන ඇය
කොහිගියෙද මට කියන්
මගෙ බිළිඳු මට දියන්..

Comments

Popular posts from this blog

තාත්තගෙ ගම
පසුගිය දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි.එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය.මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි.තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය.අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනාට වඩා වසර ගණනාවකින් බාල එකියක…

දුරු රට ගිය අයියාට

ට්‍රිං ට්‍රිං ට්‍රිං ට්‍රිං...
ජංගම දුරකථනය නාදවෙයි.. හලෝ... මම කතා කළෙමි හලෝ.. අනෙක් පසින් ඇසුණු හඬ මගේ දෙසවන් බිහිරි වන්නට තරම්.. වසර ගණනාවකට පසු ඔබෙන් ඇමතුමක්. කියන්නට කිසිවක් මතක නැති අසන්නට කිසිවක් හිතේ නැති දොඩන්නට කිසිවක් මතක නැති එහෙත් ඔබෙ හඬ නම් මතක ඇති.. වසර ගණනකට පෙර මගේ වූ ඔබ අද වෙනතක බැඳි.. එදා වගේම අදත්
ඔබ ළබැඳි කටහඬ
මගේ දෙසවන් දෝංකාරය නගයි. ආදරය අහිමිවූවත් මට ඔබ අහිමි වුවත් මට සදාතන මතකයකි සැමදාමත් ඔබේ සෙනෙහස.