කිරි පිහිය අතින් ගත්
අම්මාට උදව්වට
මමත් මහ පාන්දර
යනවා කිරි කට්ටියට.
ගහක් ගානේ ගිහිං
ඔට්ටපාලු ගලවලා
පොල්කට්ට සුද්ධ කරල දෙන්න
මන් හරි දස්සයි...
පිණි වැටුන රබර් කොළ
පෑගිලා යනකොට
දැනෙන සීතලත් එක්ක
ලෙස්සනවා කකුල් දෙක..
මීදුම් බාගෙන
අහස් කුස එළිය වෙද්දි
කිරි කට්ටියම කපල
ඉවර වෙනවා..
සීනි ඩිංගක්
අල්ලට හලාගත්ත අම්මා
රොටී කෑල්ලක් කාලා
කහට උගුරක් බොනවා..
ටිකක් වෙලා
ගල උඩ ඉන්න අම්මා
ගොටුකොළ ගලෝනවා
දවාලට කන්න..
කිරිටික ඇකිලුව අම්මා
ගොටුකොළ මිටිය
ඉනේ දවටගෙන
කිරි බාල්දිය අරන් එනවා..
ගෙට ගොඩවෙන අම්මා
බත් හැලිය ලිපේ තියලා
ගොටුකොල සම්බෝල එක්ක
කොස් මාලුවක් හදනවා..
අපි ඔක්කොමකුස්සියට වෙලා
ඒක කන්නපොරකනවා..
අන්තිමට අම්මට කන්න
බත් ඩිංගක්වත් ඉතුරුවෙන්නැ
දරු පෙම හින්දම
ඇගේ කුස නොපිරුණත්
හිත පිරිලා සතුටින්
ඒත් අම්මේ උඹ බඩගින්නෙ.
අම්මාට උදව්වට
මමත් මහ පාන්දර
යනවා කිරි කට්ටියට.
ගහක් ගානේ ගිහිං
ඔට්ටපාලු ගලවලා
පොල්කට්ට සුද්ධ කරල දෙන්න
මන් හරි දස්සයි...
පිණි වැටුන රබර් කොළ
පෑගිලා යනකොට
දැනෙන සීතලත් එක්ක
ලෙස්සනවා කකුල් දෙක..
මීදුම් බාගෙන
අහස් කුස එළිය වෙද්දි
කිරි කට්ටියම කපල
ඉවර වෙනවා..
සීනි ඩිංගක්
අල්ලට හලාගත්ත අම්මා
රොටී කෑල්ලක් කාලා
කහට උගුරක් බොනවා..
ටිකක් වෙලා
ගල උඩ ඉන්න අම්මා
ගොටුකොළ ගලෝනවා
දවාලට කන්න..
කිරිටික ඇකිලුව අම්මා
ගොටුකොළ මිටිය
ඉනේ දවටගෙන
කිරි බාල්දිය අරන් එනවා..
ගෙට ගොඩවෙන අම්මා
බත් හැලිය ලිපේ තියලා
ගොටුකොල සම්බෝල එක්ක
කොස් මාලුවක් හදනවා..
අපි ඔක්කොමකුස්සියට වෙලා
ඒක කන්නපොරකනවා..
අන්තිමට අම්මට කන්න
බත් ඩිංගක්වත් ඉතුරුවෙන්නැ
දරු පෙම හින්දම
ඇගේ කුස නොපිරුණත්
හිත පිරිලා සතුටින්
ඒත් අම්මේ උඹ බඩගින්නෙ.
Comments