කළු ගල් පේන්නැති
ගිනි මද්දහන
පස් කන්ද කඩාගෙන
විල්බැරැක්කෙන් අදින
තාත්තේ...
කඩා දමන්නට
මහ නියරෙ වක්කඩ
මහ පාන්දර නැඟිට
කහට ඇඹින්දක්වත් නොබී
කුඹුරු යන
තාත්තේ..
මට ලෙඩ උනාම
මගේ ඇඳ ලඟ ඉඳන්
හිස අතගගා
පිරිත් පැන්
කරනා
තාත්තේ..
ජීවිතේ මහ හුඟක්
බර කරින් දරාගෙන
නුඹ සෙවූ මිල මුදල්
අපි අතර බෙදා දෙන
ආදරණිය
තාත්තේ..
කිසි සැපක් නැති උනත්
දරුවන්ගෙ සැප බලා
සිනාසෙන
අදත් වෙනදා වගෙම
රළු බොරළු බිම
දෙපයින්
ඒ උනත්
රජෙක් මෙන් පා නගන
තාත්තේ..
ඔබට අහිමිව ගියත්
අපිට හිමි සැප සොයන
අදත් සුවසේ හිඳින
තාත්තේ..
මගේ ආයුෂත් ගෙන
හිඳිනු මැන බෝ කලක්
තාත්තේ...
ගිනි මද්දහන
පස් කන්ද කඩාගෙන
විල්බැරැක්කෙන් අදින
තාත්තේ...
කඩා දමන්නට
මහ නියරෙ වක්කඩ
මහ පාන්දර නැඟිට
කහට ඇඹින්දක්වත් නොබී
කුඹුරු යන
තාත්තේ..
මට ලෙඩ උනාම
මගේ ඇඳ ලඟ ඉඳන්
හිස අතගගා
පිරිත් පැන්
කරනා
තාත්තේ..
ජීවිතේ මහ හුඟක්
බර කරින් දරාගෙන
නුඹ සෙවූ මිල මුදල්
අපි අතර බෙදා දෙන
ආදරණිය
තාත්තේ..
කිසි සැපක් නැති උනත්
දරුවන්ගෙ සැප බලා
සිනාසෙන
අදත් වෙනදා වගෙම
රළු බොරළු බිම
දෙපයින්
ඒ උනත්
රජෙක් මෙන් පා නගන
තාත්තේ..
ඔබට අහිමිව ගියත්
අපිට හිමි සැප සොයන
අදත් සුවසේ හිඳින
තාත්තේ..
මගේ ආයුෂත් ගෙන
හිඳිනු මැන බෝ කලක්
තාත්තේ...
Comments
ගැලපෙන වදන්වලින්
සිත පතුලටම...
දුක හිතෙන කවියක්