ගෙන්දගම් පොළොවේ
කාශ්ඨක අව්වේ හැපි හැපී
නන්නාදුනන මිනිසුන් අතර
ගැවසිගෙන
නුඹ
දරණ වෙහෙස
මිනිසෙකු වන්නට
හෙට..
පාගාන නැගිටින
නැගෙනවිට බිම දමන
සිනාවට කඳුල දෙන
අතින් අල්ලා වැරෙන්
ඉවතටම ඇද දමන
මිනිස් වෙස් අරගෙන
තිරිසනුන් වෙසෙන ලොව
ඔබේ ශක්තිය ගැන
පුදුමයි ඇත්තටම..
පාවහන් නැති දෙපා
වේගයෙන් දුවවමින්
ඉරුණු කමිසයෙ කොණින්
දහඩියද පිස දමන්
ඔබ නොදුටු
අහිමි ලොව
ජය කිරුළ දරන්නට
නිබඳවම වෙරදරන
ඔබේ ඔය හිත් අහස
මොනතරම් ලස්සනද....?
කාශ්ඨක අව්වේ හැපි හැපී
නන්නාදුනන මිනිසුන් අතර
ගැවසිගෙන
නුඹ
දරණ වෙහෙස
මිනිසෙකු වන්නට
හෙට..
පාගාන නැගිටින
නැගෙනවිට බිම දමන
සිනාවට කඳුල දෙන
අතින් අල්ලා වැරෙන්
ඉවතටම ඇද දමන
මිනිස් වෙස් අරගෙන
තිරිසනුන් වෙසෙන ලොව
ඔබේ ශක්තිය ගැන
පුදුමයි ඇත්තටම..
පාවහන් නැති දෙපා
වේගයෙන් දුවවමින්
ඉරුණු කමිසයෙ කොණින්
දහඩියද පිස දමන්
ඔබ නොදුටු
අහිමි ලොව
ජය කිරුළ දරන්නට
නිබඳවම වෙරදරන
ඔබේ ඔය හිත් අහස
මොනතරම් ලස්සනද....?
Comments