Skip to main content
අතීතයෙන් බිඳක්  තුන්වන කොටස....

පද්මසිරි ත්‍රිමාවිතාන මා ඉතාමත් ගරු කල,ඉතාමත් ආදරය කල පුද්ගලයෙක් විය.අදින් අවුරුදු විසි ගණනකට පෙරාතුව වුවද එය එදා මෙන්ම අදටත් එසේසමය.


එහෙත් ආදරය යනු වරදවා වටහා නොගන්නා මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.මා එසේ කීවේ වරදීමකින් හෝ එවැනි සිතුවිල්ලක් කෙනෙකු තුල ඉපදීමට ඉඩ දීම ඔහුට කරන අගෞරවයක් ලෙසට මා සිතනා බැවිනි.

ඔහු ඉතාම අවිවේකි කාර්ය බහුල ජීවිතයක් ගත කල අයෙකි.එමෙන්ම හරියට කන්නට බොන්නට හෝ නිදන්නට පවා ඔහුට අවස්ථාවක් නොමැති විය.

එහෙත් අපේ ගෙදරට පැමිණි සෑම දිනකම උඩ තියෙන ටැංකියෙන් නා ගත් ඔහු අප හා දොඩමළු වෙයි.එහෙත් වචනයක් හෝ අපතේ නොහරී.මා එසේ කියන්නෙ ඔහු කියන කිසිදු වැකියක් අපතේ හරින්නට හැකියාවක් නැති නිසාය.

හැම විටම අපිට පොත පත පාඩම් කරන්නට උපදෙස් දෙයි.මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි.මට බොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නෙ ඔහුයි.නිවැරදිව පාඩම් කරන්නට කියා දුන්නේ ඔහුයි.මට අයියෙක් සිටියද ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන ඇඟිලි ගැසුවේ නැත.

පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය.රෑ නිදි මරාගෙන පාඩම් කල අයුරු අපිට කියන්නෙ ඇතැම්විට අපව සිනහ ගන්වමිනි.

මම කලින් ලිපියක කිව්වා ත්‍රිමා පෝස්ටර් ඇඳපු බවක් ,එය ඔබට මතක ඇතැයි සිතමි.පෑන් බටයක පුළුන් කැබැල්ලක් ගසා එය තීන්න බාල්දියේ පොඟවා අඳින අකුර කියන්නට බැරි තරම් හැඩය.පොඩ්ඩක් හෝ එහා මෙහා වෙන්නේ නැත.හැඩය වෙනස් වන්නේද නැත.

එක කොළයක් හෝ වැරදීමකින් ඉවත් නොකරයි.අකුරක් ප්‍රමාණයෙන් ඉතා විශාලය.ලස්සන අකුරු වලින් ඔහු පෝස්ටර් සිය ගණනක් අඳින්නට ඇත.

අපේ දුම් ගෙයට සාමාන්‍ය යෙන් ගින්දර දමන්නේ දවාලටයි.රාත්‍රිය වන විට එය කෙමෙන් නිවී යයි.එහෙත් ත්‍රිමා පැමිණි පසු හැම දිනකම පාහේ දුම් ගෙයට රාත්‍රියේද ගින්දර දැමුණි.

ඒ ඇයි දැයි කියා අපි එකල පියාගෙන් නොවිමසුවෙමි.එහෙත් ත්‍රිමාගේ මරණයෙනුත් බොහෝ කලකට පසු තාත්තා කියු දෙයින් අපි පුදුමයට පත් වීමු.


*ඔය ගොල්ලො දන්නැ ලොකු දුවේ මම ඒ කාලේ හිටියෙ පුදුම බයකින්.ත්‍රිමා ගෙදර ඉද්දි හමුදාවෙන් ආවොත් මම මොනවා කරන්නද.මට ත්‍රිමාව පාවල දෙන්නත් බෑ.ඔය ගොල්ලන්ව දෙන්නත් බෑ.මම හැම රෑකම දුම්ගෙයට ගින්දර දැම්මෙ ඇයි කියලා ඔය ගොල්ලො දන්නෙ නැ.හදිසියෙ හමුදාවෙන් ආවොත් ඔය අඳින පෝස්ටර් ටික දුම් ගෙයට දාන්නයි මම එහෙම කලේ කියලා තාත්තා කිව්වා.*

ඇත්තටම තරමක් නිහඬ පුද්ගලයෙකු වු මගේ පියා නගරයේ විදුහලක විදුහල්පතිවරයෙක්.ඔහු සිතා ඇති දුර ගැන සිතන විට දිනක් ත්‍රිමා වෙනුවෙන් තාත්තා සමඟ බහින් බස් වූ ආකාරය සිහිවී මටම ලැජ්ජා සිතුනි.

ඔහ්ට තිබුණෙ එකම එක සුදු අතකොට කමිසයක් පමණි.සෑම දිනකම රාත්‍රියේ එය සෝදා වේලෙන්නට දමයි.උදේට එය සිතන තරම් වේලි නැති නිසාදෝ හැම දිනකම ස්ත්‍රික්කයට පොල් කටු දමා රත් කර දීමට මට සිදුවිය.එහෙත් මා එම කාර්යය කලේ ඇත්තටම හිතේ ඇතිවූ කැමැත්තෙනි.

එහෙත් මා කැමති වූයේ ඔහුගේ දේශපාලන ස්ථාවරයට  නොවේ.මා ගරු කලේ ආදරය කලේද එයට නොවේ.

ඔහුගේ ඇති මහත්මා ගතිගුණ වලටයි.ඇත්තටම ඔහු තුල සැඟවි ගත් උදාර මනුෂ්‍ය ගුණය අති මහත්ය.

එය එසේ නොවන්නට අයියාද ගෙදර නැති විටක අපේ ගෙදරට පිරිමියෙකු වද්දා ගන්නට මා නොපෙළඹෙනු ඇත.


ඔහු අප නිවසට පැමිණි දෙවන දිනය මගේ මතකයෙන් කිසිදා අමතකව නොයේ.අපේ ගෙය පහු කර බස් රථය නවත්වන ස්ථානය දක්වාම ඔහු ගමන් කර ඇත්තේ වැරදීමකිනි.එතැන් සිට ඔහු පා ගමනින් ම අපේ ගෙදරට එන්නට ආපසු පිටත් වී ඇත.කළුවරේ තනියම පයින් එන අයෙකු දැක අපේ මාම කෙනෙකු කොහේ යනවාදැයි විමසා ඇත.

අපේ ගෙදරට බව පැවසු පසු ඔහු කාරයෙන් අපේ ගෙදරට කැඳවාගෙන විත් ඇත.ඇත්තටම එවැනි අවස්ථාවක ඔහු පොලිසියට හෝ හමුදාවට කොටු වූයේ නම්.....

ඉස්සර පාසල් ශිෂ්‍යයෝ නිතරම පන්ති වර්ජනය කලෝය.අපිත් එසේ පන්ති වර්ජනය කිරිමට එකතු වුනෙමු.ටොකු ගහ යට සිට පන්ති වර්ජනයේ යෙදෙන අතර සුපුරුදු මුහුණක් දැක මා ඔහු හඳුනා ගතිමි.ඒ ත්‍රිමාය.අසල කඩයක ඉදිරිපසට වී අප දෙස බලා සිටියේ ඔහුය.එහෙත් ඔහු අප දන්නා බවක් හො නොපෙන්වීය.

එම රැස්වීම් සංවිධානය කර තිබුණෙ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.


ඉදිරියට.....


Comments

මම ඔබේ මේ මතකයට ඉතා කැමතියි අක්කේ,
ඊළග ලිපිය එනකම් බලාගෙන ඉන්නවා

ඒ කාලේ ගහපු පින්තූර කෑලි නැද්ද ත්‍රිමාලත් ඉන්න,
මම ඔබේ මේ මතකයට ඉතා කැමතියි අක්කේ,
ඊළග ලිපිය එනකම් බලාගෙන ඉන්නවා

ඒ කාලේ ගහපු පින්තූර කෑලි නැද්ද ත්‍රිමාලත් ඉන්න,
Anonymous said…
udara menisek
Unknown said…
Thanks...! please write part -4 soon ...!
Anonymous said…
Thanks..Please write part 4 ..soon ....
Anonymous said…
Thanks...! please write part -4 soon ...!
Unknown said…
ඉතා සංවේදී සටහනක්,
ඔබට තවත් ඔහු ගැන කතා ඇති, ඒවා දමන තෙක් බලා සිටිනවා .
Unknown said…
ඉතා සංවේදී සටහනක්,
ඔබට තවත් ඔහු ගැන කතා ඇති, ඒවා දමන තෙක් බලා සිටිනවා

Popular posts from this blog

තාත්තගෙ ගම පසුගිය   දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි. එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය. මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි. තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය. අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනාට වඩ
අතීතයෙන් බිඳක්....2 වන කොටස පද්මසිරි ත්‍රිමා විතාන නම් වෛද්‍ය සිසුවා ඝාතනය විය.එදින අප නිවසේ කෑම පිසුවේ නැත.කිසිවකුට බඩගින්නක් පැමිණියේද නැත.අම්මා රත්කර තිබු යමක් කෑමට වෙනදා රණ්ඩු වෙන අපි එදින ගොළුවන් සේ කාමර තුලටම වී කල් ගෙවූහ. හදිසියේම ගේ ඉදිරිපස සුදු කොඩ්යක් දැමියයුතු යැයි මට සිත්විය.මා ලඟ තිබු සුදු රෙද්දක් මසා විශාල ප්‍රමාණයේ කොඩියක් දැම්මෙමි.  මෘත දේහය බැලීමට යාමට සිත් වුවත් තාත්තාගෙන් ඒ ගැන විමසීමට සිත් නොදේ.නංගීත් මමත් බෙහෝම අමාරුවෙන් වචන සිර කරගෙන සිටියෙමු. එහෙත් එක් වරම තාත්තා අපිට කතා  කලේය."ලොකු දුවේ අපි ත්‍රිමාව බලන්න යමුද" කියා ඇසුවේය.අපි එකවරම හා කියා කීවෙමු. ඊට පසු දින අපි කොළඹ වෛද්‍ය පීඨයට යාම සඳහා රත්නපුර නගරයට ගියෙමු.රත්නපුර සිට කොළඹ බලා එකම බස් රථයක් හෝ ගමන් නොකරන බව අපිට බස් නැවතුම් පොලෙන් දැනුම් දෙන ලදි.තාත්තා ආපසු යාවියැයි බියක් මට ඇති විය.එහෙත් තාත්තා මට වඩා කල්පනා කාරි විය. ටික වේලාවක් කල්පනා කල තාත්තා පානදුර බසය වෙත ගමන් කර දුවේ අපි හොරණට ගිහිං කොළඹට යං  යයි පැවසීය.අපි පානදුර බසයේ නැග හොරණට ලඟාවීමු. හොරණින් කොළඹ බසයට ගොඩවී