අපේ ගෙදර ඉස්කෝලෙ නිවාඩු දුන්නම සතුටින් පිරෙනවා.ගෙදර හදල තියෙන කෑම බීම අම්ම හංගලා තියනවා.අපි බස් එකක් එනකං ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා.ඇයි දන්නවද...?නිවාඩු කාලෙට අයියා ගෙදර එනකන්. අයියා 5 වසරේ ශිෂ්‍යත්ව විභාගෙ පාස්වෙලා කොළඹ ගියා.එයා නැවතිලා හිටියෙ නැන්දා කෙනෙක්ගෙ ගෙදර. ඉතිං අපිට අයියා දකින්න වෙන්නෙ ඉස්කෝලෙ නිවාඩු කාලෙට විතරයි. ඔන්න ඉතිං අයියත් ගෙදරට ආවම ,අම්ම හංගල තියෙන කෑම ජාති ඔක්කොම එලියට අරන් අයියට දෙනවා කන්න.අපේ අයියා වැඩි පුරම ආස දොදොල් කන්න.අනෙක් කෑම ජාති ඒ තරම් කන්නෙ නෑ.ඉතිං ඒන කන්න නංගියි මමයි අයිය ලගට වෙලා ඉන්නවා. අයියා කිළුටු රෙදි ලෝඩ් එකක් ගේනවා.මන් ළිඳට ගිහිල්ලා ඒවා ඔක්කොම හෝදනවා.හොදලා ගෙනල්ල වනනවා.අයියා මට ඒවට සල්ලි දෙනවා. ටික දවසක් ගෙදර හිටියට පස්සෙ අපි යනවා තාත්තගෙ මහ ගෙදර.තාත්තගෙ මහ ගෙදර තිබුණෙ රක්වානෙ.මහ පන්නිල කියන ගමේ.හරියටම කියනවානම් සිංහරාජ කැලේ. ඔය ගමට යන්න බස් තිබුණෙ නැහැ.ඉස්ටෝරු කඩේ ගාවින් බැහැලා පයින්ම තමයි යන්න ඕනි.ඉතිං අපි පොඩි නිසා අපිට පයින් යන්න අමාරුයි.රූස්ස වනාන්තරය මැදින් ,කණාමැදිරි කැ ගහක සද්දෙ අස්සෙන් අපි යනවා කන්ද මුදුනටම. ඒ යන මග තියෙන ලොක...
මට හැඟෙන දේ පිළිබඳ සටහන් තබමි මෙලෙස...- by Subhashine Gunawardana