Skip to main content

අවුරුද්ද


ගේ ඉස්සරහ රතුපාට මල් පිපුණ එරබදු අත්තෙ වාඩිවෙලා කොහැ කෑ ගහනවා...
තවත් අවුරුද්දක් අත ලඟට ඇවිල්ල .
ගෙවල් දොරවල් අස්පස් කරන්න,අතුපතු ගාන්න සෝදන්න හැම දේටම විවේකයක් ඕනි.
 කෝ අපිට නිවාඩුවක්.
ඒත් ඉස්සර මම පොඩි කාලේ අවුරුද්දකට සතියකට විතර කලින් අපේ ගේ සෝදනවා.ඒකට අපි හැමෝම එකතු වෙනවා.දැන් වගේ ටැප් එකෙන් වතුර එන්නෙ නැ ඉස්සර.ළිඳෙන් වතුර ඇදගෙන තමයි ගේ හෝදන්නෙ.මමයි අයියි දෙන්නම හරිම ආසාවෙන් තමයි ගේ හෝදන්නෙ.
ඊට පස්සෙ අම්මගෙ වාරය.
පොඩි පොඩි වැඩවලට අපේ ගෙදරට එන ජේන් ඒ දවස්වලට හැමදාම අපේ ගෙදර එනවා උදේ පාන්දරම.පොඟවාපු පිටි ටික කොටා ගන්න,පොල් ටිකක් ගාලා මිරිකගන්න ජෙන් අම්මට උදවු වෙනවා. 
කුස්සියේ බැදෙන කැවුමක රස අදටත් කටට දැනෙන්නෙ පුදුම රසයක්.කටට ගත්ත ගමන් කරස් ගාලා හැපෙන තෙල් පිරුණ කැවුමක් කන්න මොනතරම් ආසයිද මම.
කොකිස් හදනකොට එක එක කොකිස් එක අරන් ගිහිං කනවා.අන්තිමට අවුරුද්දට අයෙත් අම්ම කොකිස් හදනවා.
ආතම්ම කරන්නෙ දොදොල් හැදි ගාන එක.ආතම්ම හදන දොදොල් පුදුම රහක්.කලුම කලුපාට දොදොල් වල රහ කියලා නිම කරන්න බෑ.අපේ අයියාගෙ ආසම කෑම තමයි දොදොල්.
මේ විදියට අවුරුද්දට කෑම ජාති මහ ගොඩක් හැදෙනවා...
අපි කරන්නෙ ගස්වල ඹන්චිලි බැඳගෙන පදිනඑක.
පන්ච දාන එක.
තාත්තා කෙසෙල් කැන් දෙක තුනක් ගෙනල්ල ඉදවනවා.ඒකට උදේ හවස දුම් පිඹිනවා.ඉක්මනට ඉදෙන්න කියලා.
මුලු ගෙදරම අවුරුදු සිරියෙන් බැබලෙනවා.
ඒත්
කාලය ගෙවිලා යන ඉක්මන.

අද ආතම්ම වගේම අම්මත් වියපත් වෙලා.
ඒ අයට කෑම හදන්න බැහැ.
වැඩ ඇරිලා ගෙදර ඇවිත් අමාරුවෙන් හදාගන්න කැවුම් පොඩ්ඩක්,කොකිස් ටිකක් මුල් බැඳගෙන මම අරන් යනවා අම්මටයි ආතම්මටයි.
ඒත් ඒ අය හදපු කැවුමක රස මට කවදාවත් දැනිලා නැහැ.
මම දැකපු ලස්සන අවුරුද්ද කවදාවත් මගේ දරුවො දැකලා නැහැ.
දොදොල් හදාගන්න අමාරුයි.ඒ නිසා දොදොල් ටිකක් ගන්නෙ කඩෙන්.
ආස්මි ගෙන්නෙත් සල්ලි වලට.
ඉස්සර හිටියා ජේන් කියලා උසම උස අම්මෙක්.එයා ඇවිත් වෙනමම පිටි පෙඟෙන්න දාලා වංගෙියෙ පිටි කොටනවා.කොටලා පෙනේර කිපයකින් හලනවා.ඊට පස්සෙ දවුල් කුරුඳු කොල කොටල එන 
සෙවල සාරය අරන් තමයි ආස්මි හදන්නෙ.තචේචිය පිරෙන්න ආස්මි හැදෙනකොට බලන්න ලස්සනයි.
ඊට පස්සෙ දෙපාර බැඳල තමයි පැණි වක් කරන්නෙ.
අපේ කුස්සියෙ තිබුණ පුංචි බංකුව උඩ වාඩිවෙලා මම බලාගෙන ඉන්නව ආස්මි හැදෙදන හැටි.
අද සිංහල අවුරුද්ද අම්මට තාත්ට අලුත් ඇදුමක් අරන් දීලා බුලත් ටිකක් දීලා වැඳලා විතරක් එන තත්වයට පත්වෙලා.

ඒත් අතීතය මොනතරම් නම් සුවඳද....





Comments

Buru Babe said…
අපි හැමෝගෙම අවුරුද්ද මේ වගේද මන්දා. අපි පොඩි කාලේ අපේ ගෙදර හදන කෑම අතර ආස්මී තිබිලා නෑ වෙන්න ඕනේ. ඒක හින්දා කන්න ආස වුනාට අදටත් මම ඒවා හදනවා දන්නේ නෑ. දොදොල් ගෙදර හදන එකට නම් මමත් ලොකු සහයෝගයක් දෙනවා. මතක විදියට ඒකට ගත්තේ හොඳට වේලිච්ච පොල්. ඒ ගෙඩි වල කෙඳි අරින වැඩේ මම තමයි කරන්නේ ඉස්සර. කොයි තරම් සුන්දර මතකද?
ඒ කාලේ මිනිස්සු මහන්සි කියලා ඔය වගේ අමාරු කෑම හදන එක නතර කලේ නෑනේ. අතීටේ රස මතක් වෙද්දිත් හරිම සුන්දරයි.

Popular posts from this blog

හයිද්‍රාබාද් සිට චෙන්නායි දක්වා දුම්රියෙන්

අපි ඉගෙන ගත්තෙ හයිද්‍රාබාද්වල NI-MSME යුනිවර්සිටි එකේ.අපේ ෆිල්ඩ් ට්‍රිප් එක තිබුණෙ චෙන්නායි,බැංගලෝර් සහ මයිසූර්. ඉතිං අපි මුලින්ම හයිද්‍රාබාද්වල ඉඳන් චේන්නායි වලට ගියා. අපේ කැම්පස් එකට විශාල බස් රථ කිහිපයක් පැමිණුනා.අපි සුව පහසු විදියට ඒවයේ වාඩි උනා.අපේ විශ්ව විද්‍යාල කැන්ටිමෙන් ලොකු කෑම පාරිසලයක් ලැබුණා.ඒත් එක්කම වතුර බෝතලයක් සහ ඇපල් ගෙඩියක් හම්බඋනා.අපි යූසුෆුඩා වල ඉඳන් සිකින්ද්‍රාබාද් දක්වා බස් රියෙන් ගමන් කලා. අපි පිටත් වෙද්දි කණ්ඩායමක් ඉතුරු උනා.ඒ අය ගැන අපිටත් අපි ගැන ඒ ගොල්ලන්ටත් ගොඩක් දුකයි.මොකද මාස දෙකක් එකට ඉඳලා වෙන්වෙන පළවෙනි අවස්ථාව ඒක. සහෝදරත්වයේ සෙවනැලි ,සහෝදරත්වයේ කඳුලු අපි දැක්කා.ගැහැණු පිරිමි බේදයක් තිබුණෙ නැහැ එතන.ඔක්කොම එකා වගේ ආදරෙන් සමුගත්තා.ඒ ගොල්ලො එන්නෙ ඊට පස්සෙ දවසෙ.ඒත් එයාලගෙ ගමන වෙනස්.ඒ ගොල්ලො ගමන් පටන් ගන්නෙ මයිසූර් වලින්. ඔන්න ඉතිං බස් එක දුම්රිය පොළට ආවා.අපි බැහැල අපේ ගමන් මළු අරගත්තා.ඊට පස්සෙ කට්ටයම පේලියකට දුම්රිය පොලට ගියා. අප්පා දුම්රිය පොල හරිම විශාලයි.සෙනඟ සූ ගාලා.ටිකක් සෙනඟ අඩු තැනක් බලල අපි කට්ටිය නැවතුණා.හැබැයි ඉතින් මුත්‍රා ගඳින් නම් අඩුවක් ති...

තාත්තේ*

කළු ගල් පේන්නැති ගිනි මද්දහන පස් කන්ද කඩාගෙන විල්බැරැක්කෙන් අදින තාත්තේ... කඩා දමන්නට මහ නියරෙ වක්කඩ  මහ පාන්දර නැඟිට කහට ඇඹින්දක්වත් නොබී කුඹුරු යන තාත්තේ.. මට ලෙඩ උනාම මගේ ඇඳ ලඟ ඉඳන් හිස අතගගා පිරිත් පැන් කරනා තාත්තේ.. ජීවිතේ මහ හුඟක් බර කරින් දරාගෙන නුඹ සෙවූ මිල මුදල් අපි අතර බෙදා දෙන ආදරණිය තාත්තේ.. කිසි සැපක් නැති උනත් දරුවන්ගෙ සැප බලා සිනාසෙන අදත් වෙනදා වගෙම රළු බොරළු බිම දෙපයින් ඒ උනත් රජෙක් මෙන් පා නගන තාත්තේ.. ඔබට අහිමිව ගියත් අපිට හිමි සැප සොයන අදත් සුවසේ හිඳින තාත්තේ.. මගේ ආයුෂත් ගෙන හිඳිනු මැන බෝ කලක් තාත්තේ...
තාත්තගෙ ගම පසුගිය   දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි. එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය. මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි. තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය. අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනා...