Skip to main content
මම




ජීවිතේ ගොඩක් පුංචිම පුංචි තැනකින් පටන් ගත්ත කෙනෙක්...

මොනවත්ම නොදන්න පුංචි කාලේ ගෙදර තිබුණු බර වැඩ සේරම 



කලා.රෙදි සේදුව,මිරිස් ඇඹරුව,,වී කෙටුවා,වී පෙලුවා...

රබර් වත්තෙ නෙර ගණන් එලි කලා.කිරි කැපුවා..හරක් බැන්දා..

ඒ වගේම මම හොදින් ඉගෙන ගත්තා.මේ හැමදේම කළත් මම 



දැනගෙන හිටියා ඉගෙන ගත්තොත් තමයි ජිවිතේ දිනන්න පුළුවන් 


වෙන්නෙ කියලා.
ඒ විතරත් නෙමෙයි .මගේ සම වයසෙ යාලුවන්ට ඕ ලෙවල් වල ගණං 



සිංහල ඉගැන්නුවෙ මම.මට අදත් මතකයි පඩිපෙල යට කළු ලෑල්ලක් 


තියලා පංති කලා.

මේ විදියට ජීවිතේ ගොඩක් දුර ආවා.

මම ලිපිකාරිණියක් විදියට සේවයට බැඳුනෙ විශ්ව විද්‍යාලයට යන එක 



හිතින් අත ඇරල.

ලිපිකාර විභාග හැම එකක්ම උසස් විදියට සමත්වුණා.මම ඉක්මනින්ම 



පරිපාලන නිලධාරියෙක් උනා.

ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් මම අකුරු එකතු කරල 



ලියනවා.ඒ පද නොගැලපුනත් මම දිගටම ලිව්වා.




ඒ විදියට පේස්බුක් ඇවිත් මම අමුණන අකුරු පල කලා.

ජිවිතේ ගොඩක් දේවල් මට ලැබුණා.හැම දෙයක්ම වගේ..හැම දේම 



මට ලැබුණෙ මගෙ මහන්සිය නිසා.

දුක් විඳපු නිසා...

ඒත් ඒ හැම දෙයක්ම කිසි වටිනාකමක් නැහැ කියලා මට දැන් 



හිතෙනවා.

ඒත් ඒ ඇයි......????????????????????????

Comments

අහම්බෙන් බ්ලොග් එක ඇස ගැටුනේ.
මේ කතාව කියෙව්වම අද ඉන්න සූකිරි බබාලයි ඔබයි අතර තියෙන වෙනස මැනවින් තේරෙනවා. දිගින් දිගටම ලියන්න.

Popular posts from this blog

තාත්තගෙ ගම
පසුගිය දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි.එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය.මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි.තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය.අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනාට වඩා වසර ගණනාවකින් බාල එකියක…
ට්‍රිං ට්‍රිං ට්‍රිං ට්‍රිං...
ජංගම දුරකථනය නාදවෙයි.. හලෝ... මම කතා කළෙමි හලෝ.. අනෙක් පසින් ඇසුණු හඬ මගේ දෙසවන් බිහිරි වන්නට තරම්.. වසර ගණනාවකට පසු ඔබෙන් ඇමතුමක්. කියන්නට කිසිවක් මතක නැති අසන්නට කිසිවක් හිතේ නැති දොඩන්නට කිසිවක් මතක නැති එහෙත් ඔබෙ හඬ නම් මතක ඇති.. වසර ගණනකට පෙර මගේ වූ ඔබ අද වෙනතක බැඳි.. එදා වගේම අදත්
ඔබ ළබැඳි කටහඬ
මගේ දෙසවන් දෝංකාරය නගයි. ආදරය අහිමිවූවත් මට ඔබ අහිමි වුවත් මට සදාතන මතකයකි සැමදාමත් ඔබේ සෙනෙහස.
අතීතයෙන් බිඳක්  තුන්වන කොටස....

පද්මසිරි ත්‍රිමාවිතාන මා ඉතාමත් ගරු කල,ඉතාමත් ආදරය කල පුද්ගලයෙක් විය.අදින් අවුරුදු විසි ගණනකට පෙරාතුව වුවද එය එදා මෙන්ම අදටත් එසේසමය.

එහෙත් ආදරය යනු වරදවා වටහා නොගන්නා මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.මා එසේ කීවේ වරදීමකින් හෝ එවැනි සිතුවිල්ලක් කෙනෙකු තුල ඉපදීමට ඉඩ දීම ඔහුට කරන අගෞරවයක් ලෙසට මා සිතනා බැවිනි.

ඔහු ඉතාම අවිවේකි කාර්ය බහුල ජීවිතයක් ගත කල අයෙකි.එමෙන්ම හරියට කන්නට බොන්නට හෝ නිදන්නට පවා ඔහුට අවස්ථාවක් නොමැති විය.

එහෙත් අපේ ගෙදරට පැමිණි සෑම දිනකම උඩ තියෙන ටැංකියෙන් නා ගත් ඔහු අප හා දොඩමළු වෙයි.එහෙත් වචනයක් හෝ අපතේ නොහරී.මා එසේ කියන්නෙ ඔහු කියන කිසිදු වැකියක් අපතේ හරින්නට හැකියාවක් නැති නිසාය.

හැම විටම අපිට පොත පත පාඩම් කරන්නට උපදෙස් දෙයි.මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි.මට බොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නෙ ඔහුයි.නිවැරදිව පාඩම් කරන්නට කියා දුන්නේ ඔහුයි.මට අයියෙක් සිටියද ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන ඇඟිලි ගැසුවේ නැත.

පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය.රෑ නිදි මරාගෙන පාඩම් කල අයුරු අපිට කියන්නෙ ඇතැම්ව…