මම ජීවිතේ ගොඩක් පුංචිම පුංචි තැනකින් පටන් ගත්ත කෙනෙක්... මොනවත්ම නොදන්න පුංචි කාලේ ගෙදර තිබුණු බර වැඩ සේරම කලා.රෙදි සේදුව,මිරිස් ඇඹරුව,,වී කෙටුවා,වී පෙලුවා... රබර් වත්තෙ නෙර ගණන් එලි කලා.කිරි කැපුවා..හරක් බැන්දා.. ඒ වගේම මම හොදින් ඉගෙන ගත්තා.මේ හැමදේම කළත් මම දැනගෙන හිටියා ඉගෙන ගත්තොත් තමයි ජිවිතේ දිනන්න පුළුවන් වෙන්නෙ කියලා. ඒ විතරත් නෙමෙයි .මගේ සම වයසෙ යාලුවන්ට ඕ ලෙවල් වල ගණං සිංහල ඉගැන්නුවෙ මම.මට අදත් මතකයි පඩිපෙල යට කළු ලෑල්ලක් තියලා පංති කලා. මේ විදියට ජීවිතේ ගොඩක් දුර ආවා. මම ලිපිකාරිණියක් විදියට සේවයට බැඳුනෙ විශ්ව විද්‍යාලයට යන එක හිතින් අත ඇරල. ලිපිකාර විභාග හැම එකක්ම උසස් විදියට සමත්වුණා.මම ඉක්මනින්ම පරිපාලන නිලධාරියෙක් උනා. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් මම අකුරු එකතු කරල ලියනවා.ඒ පද නොගැලපුනත් මම දිගටම ලිව්වා. ඒ විදියට පේස්බුක් ඇවිත් මම අමුණන අකුරු පල කලා. ජිවිතේ ගොඩක් දේවල් මට ලැබුණා.හැම දෙයක්ම වගේ..හැම දේම මට ලැබුණෙ මගෙ මහන්සිය නිසා. දුක් විඳපු නිසා... ඒත් ඒ හැම දෙයක්ම කිසි වටිනාකමක් නැහැ කියලා මට ද...
මට හැඟෙන දේ පිළිබඳ සටහන් තබමි මෙලෙස...- by Subhashine Gunawardana