ගේ ඉස්සරහ රතුපාට මල් පිපුණ එරබදු අත්තෙ වාඩිවෙලා කොහැ කෑ ගහනවා... තවත් අවුරුද්දක් අත ලඟට ඇවිල්ල . ගෙවල් දොරවල් අස්පස් කරන්න,අතුපතු ගාන්න සෝදන්න හැම දේටම විවේකයක් ඕනි. කෝ අපිට නිවාඩුවක්. ඒත් ඉස්සර මම පොඩි කාලේ අවුරුද්දකට සතියකට විතර කලින් අපේ ගේ සෝදනවා.ඒකට අපි හැමෝම එකතු වෙනවා.දැන් වගේ ටැප් එකෙන් වතුර එන්නෙ නැ ඉස්සර.ළිඳෙන් වතුර ඇදගෙන තමයි ගේ හෝදන්නෙ.මමයි අයියි දෙන්නම හරිම ආසාවෙන් තමයි ගේ හෝදන්නෙ. ඊට පස්සෙ අම්මගෙ වාරය. පොඩි පොඩි වැඩවලට අපේ ගෙදරට එන ජේන් ඒ දවස්වලට හැමදාම අපේ ගෙදර එනවා උදේ පාන්දරම.පොඟවාපු පිටි ටික කොටා ගන්න,පොල් ටිකක් ගාලා මිරිකගන්න ජෙන් අම්මට උදවු වෙනවා. කුස්සියේ බැදෙන කැවුමක රස අදටත් කටට දැනෙන්නෙ පුදුම රසයක්.කටට ගත්ත ගමන් කරස් ගාලා හැපෙන තෙල් පිරුණ කැවුමක් කන්න මොනතරම් ආසයිද මම. කොකිස් හදනකොට එක එක කොකිස් එක අරන් ගිහිං කනවා.අන්තිමට අවුරුද්දට අයෙත් අම්ම කොකිස් හදනවා. ආතම්ම කරන්නෙ දොදොල් හැදි ගාන එක.ආතම්ම හදන දොදොල් පුදුම රහක්.කලුම කලුපාට දොදොල් වල රහ කියලා නිම කරන්න බෑ.අපේ අයියාගෙ ආසම කෑම තමයි දොදොල්. මේ විදියට අවුරුද්දට කෑම ජාති මහ ගොඩක් හැදෙනවා... අපි කරන්...
මට හැඟෙන දේ පිළිබඳ සටහන් තබමි මෙලෙස...- by Subhashine Gunawardana