මම ඉපදුනේ සබරගමුව පාලතේ ,රත්නපුර දිස්ත්‍රික්කයේ ,හද්දා පිටිසර ගමක.බස් එකක් ඉදිහිටලා ගමට ගියත් වැඩි හරිය ගියේ පයින්මයි.ගම දුෂ්කර උනත් ඉතාම රමණිය පරිසරයක් තිබුණා.රත්නපුර නගරයෙන් කිලො මීටර අටක පමණ දුරක් තිබෙන කඳු පල්ලම් සහිත මාර්ගයක් තමයි ගමට වැටිලා තිබුණෙ.හරියමට පාරෙ මැද හරියට වෙන්න තිබුන ලොකු වංගුවට කිව්වෙ රිවස් වංගුව කියලා.දැං යනකොට ඒ වංගුව දැක්කම බයක් දැනුනත් පොඩි කාලේ කවදාවත්ම එහෙම බයක් හිතට ආවේ නැ. මං පොඩිකාලේ අපි හිටියෙ අම්මගේ මහ ගෙදර.අම්මල ගොඩක් වැදගත් සල්ලි තියෙන පවුලක්.ඒත් තාත්තා ගොඩක් පිටිසර පලාතක හැදුනු උගත් කෙනෙක්.මගේ අම්ම ඉංර්‍ගිසි ගුරුවරියක් නිසාමද මන්ද අපි පුංචිකාලේ අම්ම වැඩිපුරම හිටියෙ ට්‍රේනිං කොලීජියෙ.අපි හැදුනෙ අත්තම්ම පුංචි අම්මලා එක්ක. මට ඒ දවස්වල හිටියෙ අයිය විතරයි.මහ ගෙදර වත්ත අක්කර පහක් විතර විශාල ලොකු ඉඩමක්.එළවළු පලතුරු,කිරි හරක් නැති දෙයක් නැ.අම්මගේ තාත්තා අම්මල කිව්ව විදියට අපුච්චා ඇන්දෙ කොට කලිසම්.එයා පරණ ටී මේකර් කෙනෙක්ලු.ඉස්සරහ තියෙන හාන්සි පුටුවෙ වාඩිවෙලා බුලත් විටක් හප හපා හයියෙන් හිනා වෙවි ඉන්නවා.වෙලාවකට එයාගේ පුට් බැලෝ සර්පිනාව වාදනය කරනවා. මගේ කථ...
මට හැඟෙන දේ පිළිබඳ සටහන් තබමි මෙලෙස...- by Subhashine Gunawardana