Skip to main content

ගුරුතුමිය...

පොඩි පංති කාමරයෙ
ඔබ අකුරු කරන කොට
ඉඳන් මම ඔබ ගාව
ඔබේ හැඩ බලන්නෙමි
ඔබේ හඬ නැගෙන විට
තිගැස්සී බලන්නෙමි

ලස්සනට ඔසරියෙන්
සැරසිලා ඉන්නකොට
බැඳි කොණ්ඩෙන් මුහුණෙ
හැඩය තව දකින්නෙමි
ඉනට බැඳි හවඩියේ
සිළි සිළිය අසන්නෙමි

හුණු කූර අල්ලගෙන
බිත්තියේ ලියනකොට
ඔබේ දිගු වරලසේ
හැඩය මම දකින්නෙමි
දිගු ඇඟිලි නිය පිරුණු
ලස්සනයි සිතන්නෙමි

රවුමකට පුටු තියන්
අපි කවක් කියනකොට
ඔබේ හඬ මොනතරම්
මිහිරිදැයි සිතන්නෙමි
ඔබේ පොඩි නැටුමකින්
තවත් හැඩ දකින්නෙමි

පාසලින් සමුගත්ත
අවසාන දිනේදිත්
ඔබෙ දයාබර හඬම
යළි යළිත් ඇසෙන්නෙමි
තබා හිස දෙපා මුල
බැති සිතින් පුදන්නෙමි

Comments

Anonymous said…
හරිම මියුරුයි. ගම් වල ඉස්කෝල වල ගුරුවරියන්ට ගෑණු ලමයකෙ ගෙ හිතේ ඇඳෙන ප්‍රේමය ලස්සනට කවියට නගා තිබෙනවා. කලකට පෙර මගේ යෙහෙළියක් එය අත් විඳිනු දැක තිබෙනවා. ඔයාගේ කවිය කියවද්දි එ අතීතය ආයෙත් හදවත පිරිමැද්දා.
එකම එක පොඩි අඩුවක් තියනවා "ඇසෙන්නෙමි" කියන එක "අසන්නෙමි" කියා නිවරද වියයුතුයි නේද?
ඔව් ඔයා හරි.මම ,ඔයා , කියලා කිව්වෙ නංගියෙක්ද මල්ලියෙක්ද දන්නෙ නැති නිසා.සිතුතියි අඩුපාඩු පෙන්නල දුන්නට.

Popular posts from this blog

තාත්තගෙ ගම පසුගිය   දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි. එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය. මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි. තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය. අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනා...
අතීතයෙන් බිඳක්....... ඒ අසූ අට වසරේ මැද භාගයයි.උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයි. දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද ,කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කර ගක නොහැකිවිය. පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ.ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි. රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි. රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි. අයියා මේ වන විට කොළඹ විශ්ව  විශ්ව විද්‍යාලයේ  ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි.නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා තැබූ රැස්වීම් වල මුල්තැන ගත්තේ අයියායි. ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය. සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රළුය අපේ ගේ ලඟ නවත්වන්නෙඅපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.ඒදින බස් රළුය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගෙ නම කියා අමතනු ඇසුණි. තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වා...
නි සල දියමත නැගෙන පෙණ පිඩු  සුළං රැළි වැද නටයි වැටි වැටි නැගෙන බිඳෙනා රලෙහි හැපි හැපි ඉරුගෙ රැස් යයි එතී දියඹෙහි සිනා සරකින් නැගෙන මදහස දෙතොල්පෙති මත රඟයි දිලි දිලි දෙකම්මුල් මත සැදෙන සුළියක නොකී රහසක් වීය බිඳි බිඳ පාට මලකට ඇදෙන මී මැසි කැලත විත් රඟ දෙමින් ඉගිලෙති මලේ ඇති රොන් ටිකෙන් ටික ගෙන මල තලා රොන් ගනී මී මැසි