Skip to main content

මහ ගෙදර









මම ඉස්සර පුංචි කාලේ හිටියෙ අපේ අම්මගෙ මහ ගෙදර.අක්කර පහලොවක් විතර ලොකු ඉඩමක හරි මැද තමයි මේ ගේ තිබුණෙ.ගේ වටේටම තිබුණෙ පොල් හිටවලා.හරිම ලස්සනයි.අඹ,කජු ථපේර ,දොඩම්,‍දෙළුම් නාරං,ඇඹරැල්ල වගේ හැම පළතුරක්ම වත්තෙ පිරිලා.


මහ ගෙදර ඉස්සර කාලේ හැටියට ලොකු ගෙයක්.කාමර තුනක් ,කෑම කාමරයක්,කුස්සියක්,ආලින්දයක් තිබුණා.මැද මහ දොරක් තිබුණා ලී වලින් හදපු.


අයියයි මමයි දෙන්න පොඩි කාලේ හරිම යාලුයි.මං දෙකේ පන්තියෙ,අයියා හතරෙ පන්තියෙ විතර.මට මතක විදිහට.ඒ ගෙදර ඉස්සරහ ලොකු යකඩ පයිප්පයක් හිටවල තිබුණා.අපි ඕක දිගේ බඩගාලා ගිහිං වහලෙට නගිනවා.අම්ම බයේ කෑ ගහනවා.තාත්තා අපිට හොදට කථා කරල අනේ මයෙ පුතේ බහින්න ,මං ඔයාලට පේර කඩල දෙන්නම් කියලා වහලෙන් අපිව බස්සව ගන්නවා.

අනේ අපිත් ඉතිං ඒකට රැවටිලා වහලෙන් බහිනවා.බැස්සට පස්සෙනෙ වැඩේ තියෙන්නේ.තාත්තා කෝටුවක් අරන් අපි දෙන්නට හොදටම දෙසා බානවා.

සමහර වෙලාවට මම අයියා එක්ක රණ්ඩු වෙනවා.එහෙම වුණාම මම ටිකක් කපටි වෙලා "යං අයියෙ අපි ජම්බු කඩන්න කියලා" ජම්බු ගහ යටට අයියව එක්කන් යනවා.අනේ ඉතිං අයිය දිග කෝටුවක් අරන් ජම්බු කඩනවා.මං මොකද දන්නවද කරන්නෙ.ජම්බු ගහ යට තියලා තියෙන මී මැහි පෙට්ටියට අතින් ඇණලා දුවනවා.

අපේ අයිය සුදුම සුදුයි.අයියගේ ඇඟ පුරාම රතුවෙලා,මී මැස්සො කාලා.ඉතිං තාත්තා ආයෙත් මට ගහනවා.කොයි තරම් නම් මම ගුටි කන්න ඇද්ද?

ආතම්ම හදන වැලිතලප හංගල තියෙන්නෙ කුස්සියෙ වළං අස්සෙ.අයියයි මමයි දෙන්න හොරෙන් ගිහිං ඒවා හොයාගෙන කනවා.සමහර වෙලාවට කැම කාමරේ තියෙන රාක්කෙන් නැගල ,කුස්සියේ තියෙන රාක්කෙන් බිමට බහිනවා.

ඒත් අද
අයියා අපි ලඟ නැහැ.සැතපුම් දාස් ගානක් ඈත රටක තනිවෙලා.
මහ ගෙදර පාලුවට ගිහිල්ලා.ඒත් ආත්ම්මා දෙකට නැමිලා තාමත් කුස්සියේ වැඩ කරනවා.

Comments

Popular posts from this blog

තාත්තගෙ ගම පසුගිය   දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි. එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය. මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි. තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය. අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනා...
අතීතයෙන් බිඳක්....... ඒ අසූ අට වසරේ මැද භාගයයි.උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයි. දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද ,කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කර ගක නොහැකිවිය. පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ.ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි. රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි. රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි. අයියා මේ වන විට කොළඹ විශ්ව  විශ්ව විද්‍යාලයේ  ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි.නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා තැබූ රැස්වීම් වල මුල්තැන ගත්තේ අයියායි. ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය. සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රළුය අපේ ගේ ලඟ නවත්වන්නෙඅපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.ඒදින බස් රළුය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගෙ නම කියා අමතනු ඇසුණි. තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වා...
නි සල දියමත නැගෙන පෙණ පිඩු  සුළං රැළි වැද නටයි වැටි වැටි නැගෙන බිඳෙනා රලෙහි හැපි හැපි ඉරුගෙ රැස් යයි එතී දියඹෙහි සිනා සරකින් නැගෙන මදහස දෙතොල්පෙති මත රඟයි දිලි දිලි දෙකම්මුල් මත සැදෙන සුළියක නොකී රහසක් වීය බිඳි බිඳ පාට මලකට ඇදෙන මී මැසි කැලත විත් රඟ දෙමින් ඉගිලෙති මලේ ඇති රොන් ටිකෙන් ටික ගෙන මල තලා රොන් ගනී මී මැසි